Sinhala story Blog

මැයි 23, 2011

අප ජීවත්වන්නෝ -201 ඔයා තවම මට බයවෙලා නෙමෙයි නේද

Filed under: Uncategorized — sinhalashortstories @ 9:14 පෙ.ව.

XVII

එය ඇයට වූ අවසාන පිළියම විය. ඇය එයට උත්සාහයක් ගන්නට සිද්ධ විය.

අනික් නිවාස හා සමාන වූ ගෙයක් ඇය ඉදිරියේ විය. අඳුර නිසා පාළු වූ වීදියක අනික් නිවාස හා සමානව පෙනුන ඒ ගෙය පිහිටා තිබුණි. වයසක නිවස හිමි කාන්තාව දොර හැරියා ය. ඇය කීරා දිහා බැලුවේ සැකයෙනි. ටැගනොව් සහෝදරයා හමුවන්නට කාන්තාවන් පැමිණ නැත. එහෙත් ඇය කිසිත් නොකීවා ය. කකුල් අද්දමින් කීරාට මඟ පෙන්වනු පිණිස කොරිඩෝවක් දිගේ ගමන් ගත්තා ය. ඇය නැවතී, දොරක් පෙන්වා, කකුල් අද්දමින් නොපෙනී ගියාය.

කීරා දොරට තට්ටු කළාය.

ඔහු‍ගේ කටහඬ “ඇතුලට එන්න” යයි කීය.

ඇය ඇතුල් වූවාය.

ඔහු මේසයක් අසල වාඩි වී සිටියේය. නැඟිටින්නට ගිය ඔහු ඇය දැක නැඟිට්ටේ නැත. වාඩිගෙන ම ඇය දිහා බලා සිටියේය. අනතුරුව හෙමිහිට නැඟිට්ටේ ය. ඔහු නැඟිට්ටේ කොතරම් සෙමින් ද කියතොත් තමන් කොපමණ වේලාවක් එතැන දොර ළඟ සිටගෙන සිටියා ද යන්න ඇය කල්පනා කළාය. ඔහුගේ දෑස් ඇය වෙතින් මොහොතකට වත් ‍ඉවත් වූයේ නැත.

ඉක්බිතිව, ඔහු කීවේය: “සුබ සැන්දෑවක්, කීරා.”

“සුබ සැන්දෑවක්, අන්ද්‍රෙ.”

“ඔබේ කබාය ගලවන්න.”

හදිසියේ ම ඇය බිය වූවා ය. නොසන්සුන් වූවාය. කුමක් කරන්නේ දැයි චිකිතයක් පහළ විය. මෙතැනට ඇය මෙතැනට ගෙන් වූ ඇය තුල වූ දැඩි කෝපය හා පසුතැවිල්ල ඇයට අමතක වී ගියේය. කීකරු ලෙසින් තම කබාය ගැලවූවාය.

තොප්පිය ඇඳ මතට විසි කළාය. කාමරය විශාල ය. හිස් බවකින් යුතු ය. බිත්ති සුදු පැහති ය. පටු යකඩ ඇඳක් විය. එක පෙට්ටගමක් තිබුණි. ඡායාරූප, පෝස්ටර් නොමැති වුවත් පොත් පිරී තිබුණි. ලිපි සහ පුවත්පත් සමඟ පොත් සාගරයක් විය.
ඒවා මේසය මතත්, පෙට්ටගම මතත්, බිම පුරාත් විසිර තිබුණි.

“අද රෑ සීතලයි නේද?” ඔහු ඇ‍සුවේය.

“සීතලයි.”

“වාඩිවෙන්න.”

ඇය මේසය අසලින් වාඩි වූවාය. ඔහු ඇඳ මත වාඩි වූයේය. ඔහු අත්වලින් දණහිස් වසා ගත්තේ ය. ඔහු ඈ දෙස බලනා ආකාරයට, හැම දිග මිනිත්තුවක ම හැම තත්පරයක ම බලාගෙන සිටිනවාට, ඇය කැමති වූයේ නැත. “ඔයා කොහොම ද කීරා? ඔයාට මහන්සි පාටයි.” ඔහු කීවේ සංසුන් ලෙස ය.

“ම‍ට ‍ටිකක් මහන්සියි.”

“කොහොම ද ඔයාගෙ රස්සාව?”

“ඒක නැහැ.”

“මොකක්?”

“සේවකයෝ අඩු කිරීමක් නිසා.”

“ඔහ්, කීරා, මට සමාවෙන්න. මම ඔයාට තව රස්සාවක් හොයලා දෙන්නම්.”

“ස්තූතියි. ඒත් මම දන්නෑ මට තවත් රස්සාවක් ඕනා ද කියල. කොහොම ද ඔයාගෙ රස්සාව?”

“රහස් පොලීසිය? මම මහන්සි වෙලා වැඩ කරනවා. සෙවීම්, අත් අඩංගුවට ගැනීම්. ඔයා තවම මට බයවෙලා නෙමෙයි නේද ඉන්නෙ?”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: