Sinhala story Blog

මැයි 9, 2011

අපි ජීවත්වන්නෝ -198 ඒ තරම් ගාණක් මුළු ගණිකා වෘත්තියේ දී ම හොයන්නෙම නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 4:28 ප.ව.

මුදල් හොයාගන්නට කීරා අවසාන උත්සාහයක් ගත්තාය.

සිසිර වැස්සෙන් ලිස්සන වීදියක ඇය ගමන් කළාය. කළු පදිකවේදිකාවන්වල කහ එළිය දිය වී යයි. හැම සතියක් ම වැදගත් යැයි වෛද්‍යවරයා කීවේය. දැන් හැම දිනයක් ම වැදගත් ය. නත්‍යාගාරයක් ඉදිරියේ වූ තැඹිලි පැහැති හතරැස් එළියක් මත උජාරු ලිමොසීනයක් නැවතිණ. මිනිහෙක් එළියට පාදයක් තැබීය. ඔහුගේ වාහනයේ ෆෙන්ඩර මෙන් ඔහුගේ ලොම් කබාය ද දිළිසුණි. ඔහු ගමන් කළ මඟ අසුරමින් ඇය සිටගත්තේය. ඇයගේ කටහඬ පැහැදිලි බවින් හා ස්ථිර අධිෂ්ඨානයකින් යුතු විය.

“කරුණාකරල! මට ඔබට කතා කරන්න ඕන. මට මුදල් ඕන. මම ඔබව හඳුනන්නෙ නැහැ. ඔබට දෙන්න කිසිම දෙයක් නැහැ. මම අහලා තියනවා මේ විදියට ඒක කරන්නෙ නැතිබව. ඒත් මම හිතනවා ඔබට වටහා ගන්න පුළුවන් කියල. මොකද ඒක ඉතා වැදගත්. කෙනෙක්ගෙ ජීවිතයක් බේරාගන්න.”

මිනිහා නැවතුණි. අණක් වැනි වූ ආයාචනයක් ඔහු කිසිදා අසා නොතිබුණි. එක ඇහැක් තක්සේරු කරන ලෙසකින් පොඩි කර බලමින් ඔහු මෙසේ ඇසුවේය: “ඔබට කොච්චර මුදලක් අවශ්‍යය ද?”

ඇය ඔහුට මුදල කීවාය.

“මොනවා?” ඔහු පුදුමයෙන් කියුවේය. “එක රාත්‍රියකට? ඇයි, ඔයාගෙ
සහෝදරියො ඒ තරම් ගාණක් මුළු වෘත්තියේ දී ම හොයන්නෙම නැහැ!”

තමා ලුහුබැඳ එන්නා මෙන් යැයි සිතූ ලෙසකින්, ඒ පුදුම කෙල්ල ක්ෂණයෙන් හැරී දිය කඩිති මැද්දෙන් පාරේ අනිත් පැත්තට පැන දිව ගියේ මන්දැයි ඔහුට වටහා ගත නොහැකි විය.
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: