Sinhala story Blog

මැයි 6, 2011

අපි ජීවත්වන්නෝ -196 ‘සමාජ-‍විරෝධි’

Filed under: Uncategorized — sinhalashortstories @ 7:13 පෙ.ව.

සිසිරයේ මුල් ම වැස්ස ඇද හැලුනු දා ‘පිටිසරවැසියාගේ නිවස’ වෙත රෙදිපිළි කම්කරු කාන්තා සංගමයේ නියෝජිත පිරිසක් ගොඩ වැදුනහ.

සෝනියා සහෝදරිය ඒ නියෝජිත පිරිසේ වූ ගෞරවනීය සමාජිකාවකි. බිතියුක් සහෝදරියගේ කාර්යාලයේ කැබිනෙට්ටුවක ලිපිගොණු තැන්පත් කරන කීරා දුටු ඇය හඬ නඟා සිනහා වූවාය. “හරි, හරි, හරි!!! රතු “පිටිසර නි‍වසේ’ ඉන්නවා ආර්ගුනෝවා සහෝදරිය වගේ පක්ෂපාතී පුරවැසිනියක්!”

“මොකක් ද ප්‍රශ්නය, සහෝදරිය?” බිතියුක් සහෝදරිය ඇසුවේ නොසන්සුන් බවකිනි. අභිවාදනයෙනි. “මොකක් ද ප්‍රශ්නය?”

“විහිළුක්,” සෝනියා සහෝදරිය හඬ නඟා සිනාසුනාය, “හොඳ විහිළුවක්!”

වෙනත් කරන්නට දෙයක් නොමැති කීරා එය නොසලකා හැරියාය. බලාපොරොත්තු විය යුත්තේ කුමක් දැයි ඇය දත්තා ය.

‘පිටිසරවැසියාගේ නිවසේ’ සේවක සංඛ්‍යාව අඩු කරන ලැයිස්තුවේ ‘සමාජ-‍විරෝධි’ අය අතර තම නම දැකි කීරා ඉන් පුදුම වූයේ නැත. දැන් එයින් කිසිම බලපෑමක් සිදු නොවේ. තම අන්තිම පඩියෙන් වැඩි කොටස ඇය වැය කළේ ලියෝ වෙනුවෙන් බිත්තර හා කිරි මිල දී ගන්නට ය. ඔහු ඒවා අල්ලන්නේ වත් නැති බව දැනගෙන ම ය.
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: