Sinhala story Blog

මැයි 1, 2011

අපි ජීවත්වන්නෝ -192 අපි තව දුරටත් එකට ඉන්නවා

Filed under: Uncategorized — sinhalashortstories @ 3:18 ප.ව.

නිවස බලා යන කීරා ඉතා සංසුන් ගමණින් ඇවිද්දා ය.

ඇය නිවසට ඇතුල් වෙද්දී, ලියෝ ජනේලය අසලින් හිටගෙන සිටියේය. ඔහු සෙමෙන් ඇය වෙත හැරුනේ ය. ඔහුගේ මුහුණ ගැඹුරු අවබෝධයකින් යුතු ප්‍රසන්න ශාන්ත බවකින් යුතු විය. එයින් ඔහුගේ වයස අඩුවෙන් පෙනුණි. පීඩාකාරී නැති රාත්‍රියක් ප්‍රථම වරට ගෙවා දැමුවා සේ පිළිබිඹු විය. ඔහු හඬ බාල කර “කොහේද ඔබ ගියේ, කීරා?” යැයි විමසීය.

“වෛද්‍යවරයා ළඟ‍ට.”

“ඔහ්. මට සමාවෙන්න. ඔයා ඒ ‍ඔක්කොම දැනගන්නවාට මම කැමති වුනේ නැහැ.”

“ඔහු මට කීවා.”

“කීරා, ඊයේ රෑ ගන මට කණගාටුයි. අර ‍පුංචි මෝඩිය ගැන. මම හිතනවා ඔයා හිතන්නේ නැහැ කියල මම….”

“සහතිකයෙන් ම, මම හිතුවේ නැහැ. මට වැටහෙනවා.”

“මම හිතන්නේ ඒ මම බයවෙච්ච නිසා. ඒත් මට බය නැහැ -දැන්. ඔක්කොම දැන් සරල විදියට පේනවා -සීමාවක් දාලා තිබුණම. දැන් කරන්න ඕනා, කීරා, ඒ ගැන කතා කිරීම නොවේ. අපි ඒ ගැන නොසිතා ඉම්මු. ඒ ගැන අපිට කරන්න කිසිම දෙයක් නැහැ. වෛද්‍යවරයා ඔබට ඒක කියන්න ඇති. අපි තව දුරටත් එකට ඉන්නවා -ටික කාලයකට. බෝවෙන තත්වයට ආවම -එතකොට …”

ඇය ඔහු දිහා බලාගෙන සිටියාය. තමන්ගේ නියත මරණය ගැන පිළිගන්නා ආකාරය දිහා බලා සිටියාය.

“පිස්සු ද, ලියෝ. ඔයා දකුණට යනවා.” තද ස්වරයකින් ඇය කීවාය.
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: