Sinhala story Blog

අප්‍රේල් 22, 2011

අපි ජීවත්වන්නෝ -187 අනාගතය ලියෝ

Filed under: Uncategorized — sinhalashortstories @ 8:38 පෙ.ව.

අනාගතයක් නැති නිසා ඔව්හු වර්තමානයේ එල්ලී සිටියහ.

වාඩි වී පැය ගණන් පොත් කියැවූ දවස් ලියෝට තිබුණි. ඔහු කීරා හා කතා කළේ කළාතුරකිනි. ඔහු කතා කරද්දී ඔහුගේ සිනාවේ වේදනාවක්, තමන් කෙරෙහි, ලෝකයා කෙරෙහි හා අනන්තය දක්වා වූ නොනිමෙන පිළිකුලක් විය.

වරක්, ඔහු බීමතින් සිටිනවා ඇය දුටුවාය. මේසයට හේත්තු වී බිම වැටී බිඳී ගිය වීදුරුවක් දිහා ඔහු බලා සිටියේය.

“ලියෝ! කොහෙන් ද ඔයාට ලැබුනෙ?”

“ඉල්ල ගත්ත. ඉල්ල ගත්ත අපේ දයාබර අසල්වැසියා වන මරීෂා සහෝදරියගෙන්. ඇයට ඕන තරම් තියෙනවා හැම තිස්සෙම.”

“ලියෝ, ඇයි එහෙම කළේ?”

“ඇයි මම නොකළ යුත්තෙ? ඇයි මම නොකළ යුත්තෙ? කවුද මේ සාප ලෝකෙ මට ‍කරන්න එපා යැයි කියන්න පුළුවන් එක්කෙනා.”

ඔහුගේ ඇස් පැහැදිලිව හා සිනහව හදිසියේ ‍අළුත් සංසුන් බවකින් යුතු වූ දින තිබිණ. වැඩ නිමා වී කීරා ගෙදර එනතුරු ඔහු බලා සිටියේය. ඇය ඇතුල් වූ විගස ඔහු ඇයව තම තුරුලට ඇද ගත්තේය. සන්ධ්‍යාවක් ගෙවී යන තුරු කතාබහින් තොරව වාඩි වී සිටින්නට ඔවුනට හැකිවිණ. එකිනෙකා දිහා බලාගන්නා බැල්ම හා අතට දැනුන ස්පර්ශය ආරක්ෂිත යැයි කියන්නට ප්‍රමාණවත් විය. හෙට උදෑසන ගැනත්, ඉදිරියේ ඇති උදෑසන ගණනාව ගැනත් නොසිතා සිටින්නට එය ප්‍රමාණවත් විය.

වසන්තයේ සුදු රාත්‍රියන්හි ඔවුන් එකිනෙකා අත බැඳගෙන නිහඬ, දිළිසෙන වීදිවල ඇවිදින්නට ගියහ. ඈත කොහෙන්දෝ පාවී ආ මොට වීදුරුවක් සේ අහස හිරු නැති දීප්තියකින් දිළෙයි. ඔවුන් එකිනෙකා දෙස බැලූහ. අමුතු කිරි පැහැති රාත්‍රියේ නිදි නැති නිශ්චල නගරය දිහා බැලූහ. ඇයගේ අත තමනට ළං කර ඔහු තදින් අල්ලා ගත්තේය. කිසිවෙක් නොවූ දිගු වීදියක ඔවුන් තනි වූ විට ඔහු නැවී ඇයව සිප ගත්තේය.

කීරාගේ පා වැදුනේ ස්ථිරව ය. ඉදිරියේ ඇති ප්‍රශ්න ගණනාවකි. ඒත් මෙතැන, ඇය අසල, ඇයට තිබුනේ ඇයට නිසැක වූවය. ඔහුගේ කෙළින් සිටගත් සිරුර, ඔහුගේ දිගු සිහින් ඇඟිලි, ඔහුගේ ආඩම්බර මුව අග රැඳුන ඒ සියල්ලටම පිළිතුරු දුන් මහන්තත්ව සිනාව ය. තමා අවට, උණ විකාරයෙන් මෙන් පිළිතුරු සොයනා, ඒ විමසිල්ලෙන් අනුන් පාගා ගෙන යන, සමහර විට ඇයවත් පාගා ගෙන යන්නට හදන අය ගැන සමහර විටෙක ඇයට අනුකම්පා සිතිණ. ඔවුනට ඇයව පාගන්නට බැරි ය. ඇය ළඟ පිළිතුර ඇත. ඇය‍ට අනාගතයේ කුමක් වේ දැයි සොයන්නට අවශ්‍ය නැත. අනාගතය ලියෝ ය.
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: