Sinhala story Blog

අප්‍රේල් 15, 2011

අපි ජීවත්වන්නෝ -182 ශුද්ධ කිරීම

Filed under: Uncategorized — sinhalashortstories @ 5:11 ප.ව.

XVI
මුලින් ම රහසින් බස් දෙඩවිණ.

ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කල්ලි ගැසී අඳුරු කොන්වල ගැවසුනහ. අළුතින් ඇතුල් වෙන හැම අයෙක් දිහාම හිස් ගැස්සී නොසන්සුන් බැල්මක් එල්ල වුණි. ඔවුන්ගේ රහස් කෙඳිරිලි අතර ඇහුණු වදන වූයේ “ශුද්ධ කිරීම” යන්නයි.

සමූපාකාරවල දිගට ඇදි පෝලිම් වල හා ට්‍රෑම් රථවල තෙරපුණු පුද්ගලයෝ එකිනෙකා වෙතින් “ඔබට ශුද්ධ කිරීම ගැන ඇසුණා ද?” යැයි විමසා ගත්හ.

ප්‍රාව්ඩා පත්‍රයේ තීරූ අතරින් රතු විද්‍යාලයන්හි නින්දිත තත්වය ගැනත් ළඟ දී එන ශුද්ධ කිරීම ගැනත් ලියැවුණි.

ඊට අනතුරුව, හේමන්ත සෙමෙස්ටරය අවසානයේ දී විද්‍යාතනයේ, විශ්ව විද්‍යාලයේ හා උසස් අධ්‍යාපන ආයතන සියල්ලකම රතු පැන්සලකින් ලොකු අකුරින් ලියන ලද විසල් දැන්වීමක් දකින්නට ලැබුණි.

ශුද්ධ කිරීම

දැන්වීම කියා සිටියේ සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම කාර්යාලය වෙත රපෝත්තු කළ යුතුය, එහි දී ලැබෙන ප්‍රශ්නාවලිය පුරවා, උත්තර සත්‍ය බවට ඔවුන්ගේ නිවාස බාර උප්‍රව්ඩම්ගේ සහතිකය ඇතිව, කඩිනමින් ශුද්ධ කිරීමේ කමිටුව වෙත එය බාර දිය යුතු බවය. සමාජවාදී සෝවියට් ජනර‍ජයේ සියළු පාසැල් එහි ඉන්නා සමාජයට අහිතකර අයව සුද්ද කරන්නට යයි. සමාජයට අහිතකර අයව පාසැල් වලින් නෙරපා හැරිය යුතු බවත්, ඔවුන් කිසිදාක නැවත පාසැලකට ඇතුල් කර නොගත යුතු බවත් තීරණය වී ඇත.

පුවත්පත් රට වටා ප්‍රවෘත්තිය බෙදා හැරීය: විද්‍යාව පංති අරගලයේ අවියකි! කම්කරු පාසැල් කම්කරුවන්ටය! අපේ පංතියට විරෝධී වූවන්ට අපි අධ්‍යාපනය ලබා දෙන්නේ නැත!

මේ ඝෝෂාවන් මායිම් වලින් ඔබ්බට වැඩි සද්දයකින් ඇසීමට ඉඩ නොදෙන්නට වෙහෙස ගත් පිරිසක් ද වූහ.

කීරාට ඇයගේ ප්‍රශ්නාවලිය විද්‍යාතනයේ දී ලැබිණ. ලියෝට ඔහුගේ විශ්ව විද්‍යාලයේ දී එය ලැබිණ. කෑම මේසයේ නිහඬව වාඩිගත් ඔවුන් දෙදෙනා එය පිරවූහ. එදා රාත්‍රියේ ඔවුන් වැඩි ආහාරයක් නොගත්හ. ප්‍රශ්නාවලියට අත්සන් ගහද්දී තම අනාගතය මරා දමන ගිවිසුමට අත්සන් තැබූ බව ඔව්හු දත්හ. එහෙත් ඔව්හු එසේ කියුවේ නැත. එකිනෙකා දෙස බැලුවේ නැත.

ප්‍රධාන ප්‍රශ්න මෙසේය:

ඔබගේ දෙමාපියෝ කවුද?

1917 වසරට පෙර ඔබගේ පියාගේ රැකියාව කුමක් ද?

1917 සිට 1921 දක්වා ඔබගේ පියාගේ රැකියාව කුමක් ද?

ඔබගේ පියාගේ අද රැකියාව කුමක් ද?

ඔබගේ මවගේ රැකියාව කුමක් ද?

සිවිල් යුද්ධය සමයේ ඔබ කළේ කුමක් ද?

සිවිල් යුද්ධය සමයේ ඔබේ පියා කළේ කුමක් ද?

ඔබ වෘත්තීය සමිති සාමාජිකයෙක් ද?

ඔබ සියළු වෘත්තීය සමිති කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් ද?

බොරු උත්තර දීම ඵල රහිත ය. ශුද්ධ කිරීමේ කමිටුව සහ රහස් පොලීසිය සියළු උත්තර විමර්ශනය කරති. බොරු උත්තරයක් දීම අත් අඩංගුවට ගත හැකි, හිරගත කරත හැකි, සුපිරි දඬුවම තෙක් ඕනෑම දඬුවමක් දිය හැකි වරදකි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: