Sinhala story Blog

අප්‍රේල් 14, 2011

අපි ජීවත්වන්නෝ -181 බයාඩෙයර්

Filed under: Uncategorized — sinhalashortstories @ 2:51 ප.ව.

මාස ගණනාවක් තිස්සේ ඉතිරි කරගත් මුදලින් ඔවුන් දෙදෙනා ඉරිදා සවස ‘බයාඩෙයර්’ නරඹන්නට ටිකට් පත් දෙකක් මිල දී ගත්හ. එහි දැන්වීම් පළවූයේ “වියානාවේ, බර්ලිනයේ හා පැරීසියේ අළුත් ම රැල්ල” නමින් ය.

පල්ලියේ පූජා මෙහෙයකට සහභාගී වනවා සේ ඔවුන් නිශ්චලව, කෙළින්, ගෞරව පූර්වකව අසුන් ගෙන සිටියහ. කීරා පැළඳ සිටි අළු පැහැති සිල්ක් ගවුම සමඟින් ඇයව වෙනදාට වඩා සුදුමැලි බවකින් පෙනුණි. ලියෝ කහින්නේ නැතිව ඉන්නට වෙර දැරුවේ ය. පිටතින් ආ, විදේශයෙන් ආ, නොහික්මුණු ඔපෙරාවට ඔවුන් සවන් දුන්හ.

එය කිසිත් වැදගැම්මකට නැති සතුටු නිෂ්පාදනයකි. හිම ඇතුලින් කෙළින්ම බලා, මායිම් වලින් ඔබ්බෙන් වෙනත් ලෝකයක හදවත දිහා බලනවා වැනි ය. පාට පාට විදුලි බල්බ තිබුණි. ලොවිරිච්චියන් දිළිසුණි. පළිඟු දබරාවන් තිබුණි. පිටත නොපෙනෙන වීදුරු ආරක්කුවකින් සෑදුණ සත්‍ය විදේශීය තැබෑරුමක් පසුතලයට එක්වුණි. හැම දොරටුවක් පසු කරමින් එහි කොළ එළියක් හිමිහිට ඉහළට ඇදෙයි. සත්‍ය විදේශීය කෘතිම ආරෝහකයක් එහි විය. දීප්තියෙන් බැබළෙන සැටින් වස්ත්‍ර හැඳි කාන්තාවෝ සිටියහ. තවමත් විලාසිතා පවතින බව එය කියා පෑවේය. “ෂිමි” යන විකට විදේශීය නැටුම් විලා‍සයෙන් රැඟුම් දක්වන ජනතාව සිටියහ. සිංදුවක් නොගැයූ කාන්තාවක්, නරඹන්නන් වෙත කෙළ ගසමින් සේ බුරන හඬකින් දොඩන්නට විය. ඇයගේ ස්වරය එකම විදියට ගලා ගොස් අනතුරුව ගොරෝසු කෙඳිරියකට හැරිණ. එරෙහි වී සිනා සෙන්නා සේ වාදනය වූ සංගීතය, හති දමමින්, හුස්ම ගනිමින්, කන් දෙදරවමින්, උගුරට හා හුස්මට ඉඩක් නොතබමින්, අලජ්ජි වූ මතින් වැනි සංගීතය, හරියට විනෝදයේ ජය වෙත විරෝධ වන්නා සේ වූ, හරියට ‘කැඩුණු වීදුරුවේ සිංදුව’ සේ, කොහේදෝ තැනක තවමත් පවතින පොරොන්දුවක්, ඉටු විය හැකි පොරොන්දුවක් ගැන කීවේය.

නරඹන්නෝ සිනාසුනහ. අත්පුඩි ගැසූහ. සිනාසුනහ. අන්තිම තිරය පහළට වැටී විදුලිය නිවී ගිය කළ, සතුට පිරි සිනහා මුහුණු වලින් එකිනෙකා පිටුපසින් ශාලාවෙන් පිටව යද්දී, බොහෝ දෙනෙක් විස්මිතව, අළු සිල්ක් ගවුමක් හැඳ සිටි කෙල්ලක්, එකින් එකා අඩු වී යන පුටු පේළියක වාඩි වී, දෙකට නැවී, අත් දෙකේ හිස රඳවා ගෙන, ඉකි ගසමින් හඬනා හැටි දුටූහ.
*

Advertisements

එක් ප්‍රතිචාරයක් »


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: