Sinhala story Blog

අප්‍රේල් 7, 2011

අපි ජීවත්වන්නෝ -175 කාවවත් රවට්ටන්නෙ නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 10:58 පෙ.ව.

සවස පහට දිළිසෙන ලිමෝසීනයක් පැමිණ නියෝජිත පිරිස රැගෙන ගියේය. රැස්වීම අවසන් ය. අඳුර කඩා වැටේ. විද්‍යාතනයේ දේශනයකට සහභාගී වීම සඳහා කීරාට වේලාව ඉතිරිව තිබුණි.

සටහන්, කටු සටහන් හා මුද්‍රිත සටහන් බිත්තිවල ගසා ඇති අඳුරු සීතල දේශනාගාරය ඇයට ශක්ති ජනකයක් වැනිය. පරාල හා බාල්කයන් හා හරස්කඩ සිතියම් නියත ය. පුද්ගලිකත්වයකින් තොර ය. කැළල් වලින් තොර ය. කෙටි පැයකට, ඇයගේ කුස බඩගින්නේ රිදුම් දුන්නත්, ඇලුමිනම් පාලම් හා යකඩ හා වීදුරු අටල්ලන් හදන්නට ඉන්නා තමන්, ගොඩනැඟිලි නිර්මාණකරුවෙක් බව සිහිවිය. ඇයට අනාගතයක් ඇතැයි මතක් වුණි.

දේශනය අවසානයේ අඳුරු කොරිඩෝවන් මැදින් ඉක්මණින් ගිය ඇයට ‍සෝනියා සහෝදරිය මුණ ගැසුණි.

“ආහ්, ආර්ගුනෝවා සහෝදරිය,” සෝනියා සහෝදරිය ඇය ඇමතුවාය. “අපි ඔයාව ගොඩ කාලයකින් දැක්කෙ නැහැ. ඔයාගෙ පාඩම් ගැන දැන් එච්චර උනන්දුවක් නැති හැඩයි. ඒ මොකද? සමාජ කටයුතු ගැන කිව්වොත් -ඇයි, ඔයා තමයි අපිට ඉන්න බොහොම පුද්ගලික වූ ස්වාර්ථවාදී සිසුවිය.”

“මම …” කීරා පටන් ගති.

“නෑ. ඒක මගේ වැඩක් නෙමේ, ආර්ගුනෝවා සහෝදරිය, මම දන්නවා, ඒක මගේ වැඩක් නෙමෙයි කියලා. මම මේ නිකම් හිතුවේ මේ දවස්වල කෙනෙකුට ඇහෙන කතන්දර ගැන. සමාජ හිතවාදී නැති සිසු සිසුවියන්ට පක්ෂයට කරන්න පුළුවන් දේ ගැන. ඒක ගැන හිතන්න ඕන නැහැ.”

“මම … බලන්න …” පැහැදිලි කිරීම ඥානවන්ත ක්‍රියාවක් බව කීරා දත්තීය. “මම රස්සාවක් කරනවා. ඒ එක්කම මම ගොඩක් වැඩ කරනවා අපේ මාක්ස් සංගමයට.”

“ඉතින්? ඔයා එහෙම ද, එහෙනම්? අපි දන්නවා ඔය බුර්ජුවාසී අය ගැන. ඔයාල හැමෝම ක්‍රියාකාරී වෙන්නෙ වැදගැම්මකට නැති රස්සාවල් තියාගන්න. ඔයාල කාවවත් රවට්ටන්නෙ නැහැ.”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.