Sinhala story Blog

මාර්තු 26, 2011

අපි ජීවත්වන්නෝ -165 සිරුර කිරිගරුඬ සේ සුදු පැහැතිය

Filed under: Uncategorized — sinhalashortstories @ 8:36 පෙ.ව.

ලියෝ ගෙදර ආවේ හිමිදිරියේ ය. ඔහු මුළු රැයක් වැඩ කළේය. පාලමක් තනන ස්ථානයක සීතලෙන් පිරුණු ගඟක මිදෙන්නට ආසන්න වූ වතුරේ ඔහු හිටගෙන වැඩ කරන ලදි.

කීරා ඔහු එනතෙක් බලා සිටියාය. බුර්ජුවාසීයේ ගිනි දැල්ල ඔහු එනතෙක් දල්වා ගෙන බලා සිටියාය.

ඔහු ඇතුලට ආවේය. කබායේ තෙල් හා මඩ තැවරී ඇත. මුහුණේ තෙල් හා දහදිය තැවරී ඇත. අත්වල තෙල් හා ලේ තැවරී ඇත. ඔහු මඳක් එහාට මෙහාට වැනී දොර අල්ලා ගෙන සිටියේය. කොණ්ඩ රැල්ලක් නළලට දහදියෙන් ඇලී ඇත.
ඔහු නාන කාමරයට ගියේය. පිටතට අවුත් “කීරා, මට පිරිසිදු යට ඇඳුම් තියනවා ද?” යි ඇසීය.

ඔහු නිර්වස්ත්‍ර ය. ඔහුගේ අත් ඉදිමී ඇත. ඔහුගේ හිස එක උරහිසක් මතට කඩා වැටුණි. ඔහුගේ ඇස් පියන් නිල් පැහැති ය.

ඔහුගේ සිරුර කිරිගරුඬ සේ සුදු පැහැති ය. එසේම දැඩි හා කෙළින් යුතු විය. දෙවියක්ගේ වැනි සිරුරක්. ඇය සිතුවාය. නැවුම් තණ පියලි කකුලට පෑගෙද්දී, වන්දනා කරන සුසුමකින් යුතු වූ, උදෑසන පතිත වූ පිණිබිඳු මාංශ පේශීවල නැහැවෙද්දී, හිමිදිරියේ කන්දක් උඩට නැඟිය යුතු අයෙක්.

බුර්ජුවාසිය දුම් දමයි. විදුලි බල්බය යටින් කකාරා යන ආඝ්‍රාණයක් සමඟ දුමාරය පැතිරෙයි. කකුල් දෙක තබා සිටි අළු පාපිස්ස භූමිතෙල් ගන්ධයෙන් යුතුය. උදුනේ පයිප්ප වලින් සෙමෙන් සෙමෙන් කළු දැලි අළු පාපිස්ස මතට සෞම්‍ය තඩස් හඬකින් ඇද හැලේ.

ඔහු ඉදිරියේ කීරා හිටගෙනය. කියන්නට කිසිත් නැත. ඔහුගේ අතින් අල්ලා ගත් ඇය එය සෙමෙන් සිපගත්තාය.

ඔහු මඳක් වැනුනේය. හිස පිටුපස්සට දමා කැස්සේය.
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: