Sinhala story Blog

මාර්තු 24, 2011

අපි ජීවත්වන්නෝ -164 එයා වැදගත් මනුස්සයෙක්

Filed under: Uncategorized — sinhalashortstories @ 9:30 පෙ.ව.

කීරා නිවස වෙත ඇවිද ගියාය. ඇයගේ සාක්කුවේ තිබි කුඩා ‍සුමුදු බෝලය ඇය අතින් අල්ලා ගෙන ඇවිද්දා ය. මුළු ගමනේ දී ම අත සාක්කුවේ ‍සුමුදු බෝලය වටා රැඳී තිබුණි. එය ඉවත් කිරීමට ඇයට හිත නොදුන්නේ ය.

එදා හවස ලියෝ පැමිණි විට ඔහුගේ අත දොර හැර ගමන් මල්ල කාමරය තුලට විසි කෙරිණ. මල්ල ඇරී ඇතුලත වූ සියල්ල කාමරය පුරා විසිරී ගියේය. අනතුරුව ඔහු ගෙට ගොඩවැදිණ.

ඔහු කබාය ගැලවූයේ නැත. කෙළින්ම බුර්ජුවාසිය වෙත පිය නැඟූ ඔහු නිල් පැහැ ගැන් වී තිබූ අත් දෙක එහි දැල්වෙන ගින්න වෙත අල්ලා ගෙන තදින් පිරිමැද්දේ ය. අනතුරුව ඔහු කබාය ගලවා කාමරය මැදින් අනිත් පැත්තේ වූ පුටුවක් වෙත විසි කළේය. එය පුටුව මඟහැර බිමට වැටුණි. ඔහු එය අහුලන්නට ගියේ නැත. ඊ ළඟට ඔහු ප්‍රශ්නයක් නැඟීය: “කන්න මොනවා හරි තියෙනවා ද?”

කීරා ඔහු ඉදිරියෙන් නිහඬව, සෙලවීමකින් තොරව, සිය අළුත් ගවුමේ හා ප්‍රවේසමෙන් එලලන ලද සිල්ක් කකුල් ආවරණ වල ශෝභාවෙන් සිටගත්තීය. ඇය සුමුදු හඬකින් “ඔව්, ඔක්කොම ලැහැස්තියි. වාඩි වෙන්න” යැයි කීවාය.

ඔහු වාඩි වූයේය. ඇය දිහා කිහිප වතාවක් ඇස් යොමු කළ ද වෙනසක් නිරීක්ෂණය නොකළේය. ඒ තිබිච්ච පරණ නිල් ගවුමයි. ගවහමින් යුතු සේ පෙනෙන්නට කළු ඉටිරෙද්දෙන් පටි හා බොත්තම් ප්‍රවේසමින් එකතු කරන වෙනස් කරන ලද්දකි. මෙනේරි ඔහු වෙත පිළිගැන්වූ කළ ඔහු සාගින්නෙන් පෙළෙනා සේ හැන්ද බහා දුම් දමන බෙරි වූ කහ තලපය කෑවාය. ඇය මේසය අසලින් හිටගෙන, සාය මඳක් ඔසවා ආලෝකය වූ රවුමට කකුලක් දික් කළාය.

“ලියෝ මේ බලන්න.” ඇය කීවේ බයාදු ලෙසකිනි.

ඔහු බැලුවේ ය. “කොහෙන් ද ඔයා ඕක ගත්තෙ?” ඔහු ඇසුවේ කෙටි ස්වරයෙනි.

“මම .. මට වාවා දුන්න. මේක .. මේක ඉරිලා ගිහින් තිබිච්ච එකක්.”

“අනුන් විසි කරපු කසල මම නම් අඳින්නේ නැහැ.”

ඔහු අළුත් ගවුම ගැන කිසිවක් කීවේ නැත. ඔහුගේ අවධානය ඊට යොමු කරන්නට ඇය උත්සාහ ගත්තේ ද නැත. කතාබහක් නැතිව ඔවුන් මෙනේරි කෑහ.

මරීෂා ගබ්සාවක් කරගත්තීය. වැසූ දොරට එහායින් ඇය කෙඳිරි ගානා හඬ ඇසුණි. කාමරය පුරා බර අඩි තබමින් කකුල් අදිමින් තම රැකියාව නිසි සේ නොදත් වින්නඹු කාන්තාවට බැන වදිමින් ඇය එහා මෙහා යන හඬ ඇසුණි.

“ලැව්රෝවා පුරවැසියෙනි, කරුණාකරලා නාන කාමරය සුද්ද කරනවා ද? බිම පුරාම ලේ වැටිලා.”

“මට පාඩුවේ ඉන්න දෙන්න. මම ලෙඩ වෙලා ඉන්නෙ. ඔයාගෙ නාන කාමරය ගැන ඔච්චර බුර්ජුවාසී නම් ඔයාම සුද්ද කරගන්න එකයි තියෙන්නෙ.”

මරීෂා හඬ නඟා දොර වැසුවාය. ඉක්බිතිව ඇය එය නැවත ඇරියාය. “ආර්ගුනෝවා පුරවැසියෙනි, ඔබේ ඥාති ස‍හෝදරයාට මේ ගැන කියන්නෙ නැහැ නේද ඔබ? එයා දන්නෙ නැහැ මට වෙච්ච …. මට වෙච්ච කරදරය. එයා වැදගත් මනුස්සයෙක්.”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: