Sinhala story Blog

මාර්තු 13, 2011

අපි ජීවත්වන්නෝ -157 බුර්ජුවාසී කාලය අවසන්

Filed under: Uncategorized — sinhalashortstories @ 11:59 පෙ.ව.

“ඇයි? මේක කරන්න බැරි දෙයක්!” කීරා විශ්මිතව පැවසීය.

කෙල්ල හඬ නඟා සිනාසුනාය. “ඉක්මණින් යන්න, පුරවැසියෙනි, ඉක්මණින් යන්න.”

“අහන්න, ඔබ. කරදරයක් නොකර පිටවෙලා යන්න. ඔයාට මේ කාමරය ‍ගන්න බැහැ.”

“බැහැ? කවුද මාව නවත්වන්නෙ? ඔයා ද”

ඇය පුටුවක් අසලට පිය නැඟුවාය. එහි කීරාගේ ඒප්‍රනය එලා තිබි ආකාරය දැක්කාය. එය බිමට විසිකළ ඇය තම පොට්ටනිය පුටුව උඩ තැබුවාය.

තමා පිටුපසින් දොර දඩාස් ගා වැහෙන්නට හැරි කීරා තරප්පු පෙළ දිගේ තට්ටු තුනක් ඉහළට දිව ගියාය. උප්‍රව්ඩම්ගේ නිවහනේ දොර අසල නැවතී හති දැමූ ඇය දොරට දැඩි හඬකින් තට්ටු කළාය.

උප්‍රව්ඩම් දොර ඇර ඇය‍ගේ කතාව නළල රැළි කරගනිමින් අසා සිටියේය.
“ගිලොට්ඩෙල් වලින් නියමයක්?” ඔහු කීවේය. “ඒක විහිළුවක්. ඔවුන් මට කිසිම දැනුම් දීමක් දුන්නෙ නැහැ. ඒක අසාමාන්‍යයක්. මම පුරවැසියව ඇයට හිමි නිසි තැනට දාන්නම්”

“උප්‍රව්ඩම් සහෝදරයාණෙනි, ඔබ හොඳින් ම දන්නවා ඒක නීතියට විරුද්ධ බව. කොවැලෙන්ස්කි සහෝදරයා හා මම විවාහ වෙලා නැහැ. අපිට තනිවම කාමරයකට අයිතිය තියනවා.”

“ඔව් සහතිකයෙන්ම.”

මාසයක පංති සඳහා කීරාට පෙර දිනයේ මුදල් ලැබී තිබිණ. සාක්කුවෙන් මුදල් රෝල රැගත් ඇය එය දිහා නොබලා, එය ගණන් නොකර, උප්‍රව්ඩම්ගේ අතට දිගු කළාය.

“උප්‍රව්ඩම් ‍සහෝදරයා, උදව් ඉල්ලලා මම බැගෑපත් වෙන කෙනෙක් නෙමේ. ඒත්, කරුණාකරලා, අහෝ! කරුණාකරලා ඇයව පිටත් කරවන්න. ඒක … ඒක සරලව කිව්වොත්, අපි දෙන්නාගෙ අවසානය වෙනවා.”

උප්‍රව්ඩම් නෝට්ටු සාක්කුවට දැම්මේ හොරෙනි. ඉන්පසු කෙළින් විවෘත වූ ඇස් වලින් එක එල්ලයේ අහිංසක විලසකට කිසිත් සිදුනොවූවා සේ කීරාගේ දිහා බැලුවේය. “කරදර වෙන්න එපා, ආර්ගුනෝවා පුරවැසියෙනි. අපි දන්නවා‍ අපේ යුතුකම. අපි ඒ කාන්තාව නිසි තැනට දාමු. අපි එයාව උස්සලා එයා සිටිය යුතු කාණුවට දාමු”

ඔහු තොප්පිය එක කනක් වැසෙන සේ තදින් ඔබාගෙන කීරා පසුපසින් පහළ මාලයට බැස්සේය.

“මේ බලන්න, පුරවැසියෙනි, මේ සේරම මොකක් ගැන ද?” උප්‍රව්ඩම් විමසුවේ දැඩි ලෙසය.

මරිනා ලැව්රෝවා සිය කබාය ගලවා ඇත. ඇය තම පොට්ටනිය විවෘත කළාය. ඇඳුම් මහන්නකු විසින් නිම කරන ලද සුදු කමිසයක්, පරණ සායක්, කෘතිම මුතුඇට මාලයක් හා ඉතා උස අඩි ඇති පාවහන් කුට්ටමක් ඇය පැළඳ සිටියාය. යට ඇඳුම්, පොත් හා තේ පෝච්චියක් ඇය මේසයේ ගොඩක් ගසා තිබුණාය.

“සැප සනීප කොහොම ද, උප්‍රව්ඩම් සහෝදරයා‍ණෙනි?” ඇය ලෙන්ගතුව සිනාවූවාය. “අපි දැන්ම අඳුනා ගන්න එකත් හොඳයි.”

ඇය සාක්කුවෙන් කුඩා පසුම්බියක් එළියට ගෙන එය ඇර පුංචි කාඩ්පතක් ඔහු වෙත පෑවාය. එය තරුණ කොමියුනිස්ට් වෘත්තීය සමිතියේ -කොම්සොමොල් සාමාජිකත්වයයි.

“ඔහ්,” උප්‍රව්ඩම් කීය. “ඔහ්.” ඔහු කීරා වෙත හැරුනේය. “ඔබට මොනවා ද ඕනා, පුරවැසියෙනි? ඔබට කාමර කාමර දෙකක් තියනවා ඉතින් ඔබට ඕනා වැඩ කරන කෙල්ලෙක් වීදියට එළවා දාන්න ද? බුර්ජුවාසීන් සඳහා වූ කාලය අවසන්, පුරවැසියෙනි. ඔබ වැනි අය තමන් කකුල තියන තැන ගැන අවධානයකින් ඉන්න පටන් ගැනීම හොඳයි.”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: