Sinhala story Blog

මාර්තු 9, 2011

අපි ජීවත්වන්නෝ -154 රත්තරන් බූවල්ලා

Filed under: Uncategorized — sinhalashortstories @ 12:26 ප.ව.

චිත්‍රපටි පෝස්ටර රැගත් වීදුරු ආවරණවල තද හිරු එළියේ දීප්තියෙන් තැන තැන රොක් වී සිටි සෙවනැලි පෙනුනි. ඔවුන් චින්තාපරව ඇස් අයා‍ගෙන සිටියේ හුස්මක් ඉහළට අද්දවන, විශ්වාස කළ නොහැකි විදේශ නිශ්චල ඡායාරූප දෙස ය. ලොකු හිම කැට වීදුරු මතට ඇද වැටෙයි. ලොල් වූ මුහුණු වල යාන්තමෙන් සිනා ඇඳිණ. ඒ සිතුවිල්ල, වීදුරු වලින්, වීදුරු වලට වඩා වූ යමක්, මේ බලාපොරොත්තු සුන් කරවන රුසියානු හේමන්තයෙන් ඈතක වූ, මායාකාරී ලෝකය නිපදවා ඇතැයි ඔවුනට දැනින.

කීරා හා ලියෝ සිනමාහලේ දොරකඩ පිරිස අතර හිර වී බලා සිටියහ.

ප්‍රදර්ශනයක් අවසන් වූ පසු ඇතුලට යන්නට බලා සිටින පිරිස පිටතට එන්න හදනා පිරිස තල්ලු කරගෙන ඇතුලට යන්න උත්සාහ කළහ. පුංචි වූ පටු දොරවල් දෙකක් තුලින්, වේදනාවෙන්, කලබලයෙන්, දැඩි දොම්නසින් හරියට මස් අඹරන මැෂිමක් ඇතුලත මස් අඹරනවා සේ තදින් තෙරපී ඔවුන් ඇතුල් වූහ.

චිත්‍රපටියේ ශීර්ෂය විසාල සුදු අකුරු වලින් වෙව්ලයි:
“ රත්තරන් බූවල්ලා”
රෙජිනෝල්ඩ් මුවර් විසින් නිෂ්පාදනය
එම්. සැවැඩ්කෝව් සහෝදරයා අතින් වාරණය

චිත්‍රපටිය ප්‍රහේලිකාවක් විය. එය වෙව්ලමින් සෙලවෙමින් පෙන්වූයේ දුමාරයකින් වැසි කාර්යාලයකි. එහි වූ අපහැදිලි පුද්ගල සෙවනැලි හදිසියේ ගැස්සෙන හැටි දැකිය හැකිය. කාර්යාලය උඩින් වූ සංඥාවේ ඉංග්‍රීසි අකුරු වැරදියට ලියා ඇත. කාර්යාලය ඇමෙරිකන් වෘත්තීය සමිතියක එකකි. එහි දැඩි ගති පැවතුම් ඇති සහෝදරයෙක් කතාවේ වීරයාට -බ්ලොන්ඩ් හිස කෙස් ඇති, කළු ඇස් ඇති තරුණයාට- ධනවාදීයෙක් විසින් සොරා ගන්නා ලද, වෘත්තීය සමිතියට ඉතා වටිනා වූ ලියවිල්ලක් ආපහු සොයාගෙන එන්නට බාර දෙයි.

“යකාට ගියාවේ!” ලියෝ රහසින් කීය. “ඇමෙරිකාවේත් ඒ වගෙ චිත්‍රපටි හදනවා ද?”

හදිසියේම, හරියට දුමාරය ඉවත් වී ගියා සේ ඡායාරූප නිරවුල් විය. තොල් ආලේපන කරන ලද රේඛා පැහැදිලිව පෙනුනි. පියකරු සිනා යුතු කාන්තාවන්ගේ දිගු වූ ඇසිපිය එකින් එක වෙන්කර දකින්නට ලැබුණි. විදේශීය වූ තේජසින් පිරි වස්ත්‍ර හැඳි පිරිමි හා කාන්තාවෝ ලාලිත්‍යකයකින් එහා මෙහා ගියේ අගක් මුලක් වටහා ගත නොහැකි කතාවක් දිග හැරෙද්දී ය. උපශීර්ෂයන් තිරයේ හැසිරීම හා එකඟ නැත. උපශීර්ෂ දිලෙන සුදු අකුරින් හඬ ගා කීවේ “අපේ ඇමෙරිකන් සහෝදරයන් ධනවාදී දාසබවයේ දුක් විඳිනා ආකාරය” ගැන යි. ඒත් තිරයේ, සතුටු මුහුණු ඇති පුද්ගලයෝ හිනාවෙමින්, දිළිසෙන ශාලාවල නැටූහ. ඔවුන්ගෙ කෙස් කළඹයන් සුළඟින් වැනෙද්දී වැලි ඇති වෙරළවල්වල අත් අල්ලා දිව ගියහ. ඔවුන්ගේ තරුණ අත්වල මාංශ පේශී එල්ලා වැටීමකින් තොරව තදින්, ඔපයෙන්, මනා සෞඛ්‍යයෙන් වැඩී තිබිණ. සුදු ගවුමක් ඇඳගෙන කාමරයෙන් පිටත් වූ කාන්තාවක් පාරට බැස්සේ කළු සූට් එකක් හැඳගෙන ය. වීරයා හදිසියේ ම උස ගිහින් ය. කෙට්ටු වී ලා ය. හිසකෙස් තවත් බ්ලොන්ඩ් පැහැති වී ඇස් දෙක ද නිල් පැහැති වී ලා ය. ඔහු පැළඳ සිටි හැඩැති විශේෂ අවස්ථා සඳහා වූ සූට් එක කම්කරු වෘත්තීය සමිතියක සේවකයෙක් සතුවීම පුදුමයකි. අපහැදිලි වූ සිදුවීම් රාශියකින් පසු ඔහු සොයනා රහස් ලියවිල්ල දැක් වූ ජවනිකාවේ තිබු පත්‍රිකා ඔහුගේ මාමාගේ බූදලය බෙදන අන්තිම කැමති පත්‍රය සේ පිළිබිඹු වීම අරුමයකි.

“මම උඹට ද්වේශ කරමි. උඹ ලේ උරා‍ බොන ධනවාදී සූරාකන්නෙක්. මගේ කාමරයෙන් පිටවෙයන්!”

උපශීර්ෂයක් කීය.

තිරයේ, මිනිහෙක් සියුමැලි කාන්තාවකගේ අතක් උඩින් නැවී ඒ අත තම තොල් පහසට ගෙන එයි. ඇය ඔහු දිහා දුකින් බලා සිටිමින් ඔහුගේ කොණ්ඩය පිරිමදියි.
චිත්‍රපටියේ අවසානය පෙන්වූයේ නැත. එය හදිසියේ නතර වූයේ අග ඉරා දමන විලසකිනි. උපශීර්ෂයක් නිමාව කියූහ: “මාස හයකට පසු ලේ උරාබොන ධනවාදියා වර්ජනය කෙරූ කම්කරුවන් අතින් මිය ගියේය. අපේ වීරයා, බුර්ජුවාසී මෝහිනිය අද්දවා ගන්නට තැත් කළ ආත්මාර්ථාකාමී ආදරයක ප්‍රීතිය අත්හැර දමා සිය ජීවිතය ලෝක අරගලය වෙනුවෙන් කැප කළේය.”

“මම දන්නවා,” ඔවුන් සිනමා ශාලාවෙන් පිටතට යද්දී කීරා කීවාය. “මම දන්නවා ඔවුන් මොකද කළේ කියලා! චිත්‍රපටියේ මුල හරිය මෙහිදි කැමරාගත කරල තියෙන්නෙ ඔවුන් විසින්ම යි. චිත්‍රපටිය කොටස් කොටස් වලට කපලා දාලා!”

ඇය කියන්න ඇසුණු සිනමා සේවකයෙක් කටවසාගෙන උගුරින් සිනා වූයේය.
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: