Sinhala story Blog

මාර්තු 8, 2011

අපි ජීවත්වන්නෝ -153 මම තමයි අළුත් දවසේ අළුත් ගැහැණිය

Filed under: Uncategorized — sinhalashortstories @ 9:43 පෙ.ව.

පැය ගණන් ඔව්හු දෙදෙනා ගෙදරින් පිටත්ව ගොස් සිටියහ. ආපසු ගෙදර පැමිණි කල එකිනෙකාගෙන් ඔවුන් සිටගෙන සිටියේ මොන පෝලිමේ දැයි කියා හෝ මොන වීදි දිගේ විඩාපත්ව ඇවිද ගියේ ද කියා හෝ හදිසියේ ඔවුන් ඉදිරිපිට දී වැසුණු දොරවල් ගැන ඇසුවේ නැත. කීරා රාත්‍රියේ දී බුර්ජුවාසිය ඇවිලීය. පොත් වෙතට බර වී ඔවුන් නිහඬව වාඩිගෙන සිටියහ. ඉගෙන ගන්නට ඔවුනට උවමනා විය. වෙන හැම දෙයක්ම අමතක වූවත් එක අරමුණක් ජයගන්නට ඔවුනට උවමනා විය. එනම් උපාධි ලබාගන්නට ය. “ඒකට කමක් නැහැ.” කීරා වරක් කීවාය. “කිසිම දෙයක් වැඩකට නැහැ. එකම දෙයයි අපිට තියෙන්නෙ …. ඊට පස්සෙ සමහර විට අපිට සොයාගන්න පුළුවන් වෙයි මාර්ගයක් යන්න පිට….” ඇය වාක්‍යය අවසන් නොකළාය. වචනය උච්චාරණය කරනු ඇයට නොහැකි විය. ඒ වචනය නිහඬ වූ රහස් වූ හද පතුලේ කැකෑරෙන වණයක් සේ ඔවුන් දෙදෙනාටම දැනුනි.

සමහර අවස්ථා වල දී ඔවුන් ප්‍රවෘත්ති පත්‍ර කියැවූහ. සෝවියට් පෙට්‍රොගෑඩයේ සභාපති සිනොවියෙව් සහෝදරයා මෙසේ කීවේ යැයි ඔවුන් පුවත්පතින් දැක්කහ: “ලෝක අරගලය වසර කිහිපයක වැඩක් නොවේ සහෝදරයෙනි, මාස කිහිපයක වැඩක් නොවේ, තව දින කිහිපයක් පමණයි ඊට ඇත්තේ. කම්කරු නැඟිටීමේ දැල්ල ලෝකය පුරා පැතිරී යයි. එය ලෝකයේ ධනවාදී ශාපය සදහටම අතුගා දායි.”

රතු හමුදාවේ යුද නැවක තුන්වැනි බොයිලේරුකරු ලෙස වැඩ කළ බිරියුචින් සහෝදරයා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් පුවත්පතකින් ඔව්හු කියැවූහ. බිරියුචින් සහෝදරයා මෙසේ කීවේය: “ඉතින්, අපිට උවමනායි බොයිලේරු හොඳින් තෙල් දාලා වැඩ කරන විදියට තියාගන්න. අපි යකඩ මලකඩ ගැන අවධානයෙන් ඉන්න ඕන. ජනතාවගේ එන්ජින් බලා ගැනීම අපේ වගකීම. අපි වගකීමෙන් වැඩ කරන කම්කරුවෝ. අපි අපේ වැඩ කොටස කරනවා. හොඳ ප්‍රායෝගික වැඩ හැරෙන්නට අපිට වෙන කැමැත්තක් නැහැ. විදේශීය බුර්ජුවාසීන් අපි ගැන ඇහැ ගහගෙන ඉන්නවා, ඉතින්…”

සමහර විට ඔවුන් සඟරා කියැවූහ.

“… මාෂා ඔහු දිහා දැඩි බැල්මක් හෙලුවාය.

“මට බයයි අපේ ආකල්ප ඉතා ඈත් කියලා. අපි ඉපදිලා තියෙන්නෙ වෙනස් සමාජ පංති දෙකකට. බුර්ජුවාසි ප්‍රාග්නිශ්චයන් ඔබගේ සවිඥානයේ පතුලට මුල් බැහැලා. මම මහන්සි වී වැඩ කරන වැඩි ජනතාවගේ දියණියක්. ඒකීය ආදරය බුර්ජුවාසි ප්‍රාග්නිශ්චයක්.

“මේක අවසානය ද මාෂා?” ඔහු ඇසුවේ ගොරහැඬි කටහඬෙනි. ඔහුගේ කඩවසම් බුර්ජුවාසි මුහුණ මරණයට නියම වූවෙකු ගේ මෙන් සුදුමැලි විය.

“ඔව්, ඉවාන්,” ඇය කීවේය, “මේක තමා අවසානය. මම තමයි අළුත් දවසේ අළුත් ගැහැණිය.”

ඔවුනට කියවන්නට පද්‍යය තිබිණ:

“… මගේ හදවත බිම කනිනා ට්රැණක්ටරයක් වැනිය,
මගෙ ස්ප්‍රීතුව කම්හලේ තෙල් වලින් ඉහළට නඟිනා දුම් වැනිය …”

වරක් ඔවුන් දෙදෙනා චිත්‍රපටියක් නරඹන්නට ගියහ.

එය ඇමෙරිකන් චිත්‍රපටියකි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: