Sinhala story Blog

මාර්තු 6, 2011

අපි ජීවත්වන්නෝ -152 ධනවාදී සූරා කන්නන් නිසා හාමතේ සිටින වැඩ කරන ජනතාව -1910

Filed under: Uncategorized — sinhalashortstories @ 5:36 ප.ව.

එක් සවස් කාලයක දී නිවසක් කඩා හැලුණි. ඉදිරිපස බිත්තිය ගඩොල් වැස්සක් වහිනා සේ කඩා වැටුණි. සුදු හුණු දුහුවිල්ල වලාකුලක් සේ පතුරවා යවමින් පතිත විය. වැඩ හමාර කර නිවස බලා එන එහි වැසියෝ සීතල වීදියේ පහන් එළියෙන් පිටතට පෙනෙන තම නිදන කාමර දුටූහ. එය හරියට වේදිකාවක පසුබිම වැනි ය. පියානෝවක් උස් බාල්කයක රැඳී පදිකවේදිකාව උඩින් අවදානම් ලෙසකින් එල්ලී ඇත. විඩාපත් කෙඳිරි බොහොමයක් ඇසිණ. එහෙත් කිසිවෙක් පුදුමයට පත් නොවූහ. බොහෝ කල් සිට අළුත්වැඩියාවක් සිද්ධ නොවූ නිසා නගරය පුරා ගෙවල් කළින් දැනුම් දීමක් නොකරමින් හිටිවන කඩා හැලුණි. පරණ ග‍ඩොල් ට්‍රෑම් වැටවල් අසල ගොඩගැසුනේ වාහන ධාවනයට බාධා ඇති පමුණවමිනි. ලියෝට දවස් දෙකකට රස්සාවක් ලැබුණි. ඒ පාර අස් කරන්නට ය. නැවෙමින් කෙළින් වෙමින්, නැවෙමින් කෙළින් වෙමින් ඔහු පැය ගණනාවක් පුරා වැඩ කළේය. කොඳු ඇට පේළිය පුරා මොට වේදනාවක් රිදුම් කෑවේය. ලේ ගැලි ඇඟිලි වල රතු දුහුවිල්ල යටින් හම ගැල වී ගොස් තිබුණි. සීතලට ඇඟිලි නවනු දිග හරිනු බැරි තරමට දරදඬු වී තිබුණි.

ස්වීඩන වෙළඳ වෘත්තීය සමිතියකින් පැමිණි නියෝජිත පිරිසක් සඳහා වූ ප්‍රදර්ශනයක් අරගලය සමරන කෞතුගාරයේ පැවැත්වුණි. කාඩ්බෝඩ් වල අකුරු ලිවීමට රස්සාවක් කීරාට ලැබුණි. දිගු සන්ධ්‍යා හතරක් කීරා ගෙව්වේ අකුරු ලියනු සඳහා ය. ඇයගේ ඇස් අඳුරු විය. අත් අඩි රූලක් මත වෙව්ලයි. කළු එක හා සමාන ප්‍රමාණයකින් යුතු අකුරු අඳින්නට ඇය මහත් වෙහෙසක් ගත්තා ය. “ධනවාදී සූරා කන්නන් නිසා හාමතේ සිටින වැඩ කරන ජනතාව -1910” එකක ලියැවුණකි. “සාර්ගේ භටයන් විසින් සයිබීරියාවට පිටමං කරන ලද වැඩ කරන ජනතාව -1905” යැයි තවකෙක ලියැවුණි.

හිම කාණු පල්ලේ හා බිමට පහළින් වූ ජනේලවල එකතු වෙන්නට පටන් ගැනුනි. ලියෝ රෑ තුනක් හිම ඉවත් කරන රැකියාවක් කළේය. ඔහුගෙ හුස්ම වරින් වර පිටවෙන වායු වලින් දැකගත හැකිවිය. ගෙල වටා බැඳි සළුව පුරා හිම කැට ඇලවී දිලිසුණි.

වාහනයක් හා කාමර පහක නිවසක් අයිති, ආහාර පදනමේ නිලධාරීන් හා නිතර කතාබහ කරනවා දැකිය හැකි එහෙත් රැකියාවකින් ලබන ආදායමක් නැති පුරවැසියෙක් තම දරුවන්ට ප්‍රංශ භාෂාව කතා කරන්නට ඉගැන්විය යුතු යයි තීරණය කළේය. කීරා සතියකට දෙවතාවක් ඔවුනට පාඩම් කියා දුන්නා ය. ඇඟිලි වලින් නැහැයේ හොටු පිහිදන දඟකාර දරුවන් දෙදෙනාට ඇය ‘අතීත අසම්පූර්ණ’ ක්‍රියාපද ගැන කියා දුන්නාය. ඇයගේ කටහඬ ගොරහැඬි විය. ඇයගේ ඔළුව කැරකෙයි. ඇය‍ කෑම මේසයේ වූ සිලුටු සුදු කේක් මත දිලෙන දුඹුරු සීනි හා යහමින් බටර් ගෑ මතුපිට නොබලා ඉන්නට වෑයම් කළාය.

ලියෝ කම්කරු සිසුවෙකුට විභාගයක් සමත් වන්නට පාඩම් කියා දුන්නේ ය. ප්‍රාග්ධනය හා පොලිය ගැන වූ රීති හෙමිහිට ඔහුට පැහැදිලි කර දුන්නේ ය. සිසුවා මුළු කාලයේම ඇඟිලි පුරුක් කැසුවේය. ඔහුට කැසිල්ල වැළඳී තිබුණි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: