Sinhala story Blog

මාර්තු 5, 2011

අපි ජීවත්වන්නෝ -151 අපි වැඩට ගන්නෙ වෘත්තීය සමිති සාමාජිකයන් පමණයි

Filed under: Uncategorized — sinhalashortstories @ 7:47 ප.ව.

“ඉංග්‍රීසි, ජර්මන් සහ ප්‍රංශ? වටිනවා. ඉතා වටිනවා, පුරවැසියෙනි. අපිට උවමනායි භාෂා උගන්වන පංති සඳහා ගුරුවරු. ඔබ වෘත්තීය සමිතියේ සාමාජිකයෙක් ද? …. කිසිම වෘත්තීය සමිතියක නැහැ? … සමවෙන්න, පුරවැසියෙනි, අපි වැඩට ගන්නෙ වෘත්තීය සමිති සාමාජිකයන් පමණයි.”
*

“ඉතින් ඔබට ගුරු වෘත්තීය සමිතියට බැඳෙන්න ඕනා? ඉතා හොඳයි, පුරවැසියෙනි. කොහෙද ඔබ රැකියාව කරන්නෙ?”

“මම රැකියාවක් කරන්නෙ නෑ.”

“ඔබ රැකියාවක් කරන්නෙ නැත්නම් ඔබට වෘත්තීය සමිතියට බැඳෙන්න බැහැ.”

“මට රස්සාවක් ගන්න බැහැ මම වෘත්තීය සමිති සාමාජිකයෙක් නොවෙද්දී.”

“ඔබට රස්සාවක් නැත්නම්, ඔබට වෘත්තීය සමිති සාමාජිකත්වය ගන්න බැහැ. ඊ ළඟ එක්කෙනා!”
*

“ලයිනෝරු තෙල් රාත්තල් බාගයක්, කරුණාකරලා දෙන්න. වැඩිය මුඩු වෙච්ච නැති එකක්, කරුණාකරලා, ඔබට පුළුවන් නම් …. එපා, මට සූර්යකාන්ත ඇට තෙල් ගන්න බැහැ, ඒක මිල අධික වැඩියි.”
*

“කීරා! මොකද ඔයා මෙතැන කරන්නෙ නිදි ඇඳුම පිටින්?”

ඔහු පොතෙන් හිස ඉස්සීය. මේසය මත දැල්වෙන එක විදුලි බල්බයේ එළියෙන් විසිත්ත කාමරයේ කොන්වල සහ ලියෝ ඇස් යට වූ රවුම් අඳුරු කළේය. කීරාගේ සුදු නිදන ඇඳුම අඳුරේ වෙව්ලීය.

“රෑ තුන පහුවෙලා …” ඇය රහසින් කීවාය.

“ඒක මම දන්නවා. ඒත් මට පාඩම් කරගන්න ඕන. මෙතැනට හුළං පහරක් වැදෙනවා. කරුණාකරලා යන්න ඇඳට. ඔයාව වෙව්ලනවා.”

“ලියෝ, ඔයා මහන්සි වෙලා ලෙඩ වෙයි.”

“ඉතින්, එහෙම වුනොත් මොකද? ඒක අවසානය වෙයි, ඉක්මණින් ම.”

ඇයගේ දෑස්වල වූ බැල්ම අඳුරේ දැකිය නොහැකි වුවත් එය කුමක්දැයි ඔහු අනුමාන කළේය. ඔහු නැඟිට වෙව්ලන සුදු සෙවනැල්ල අත් දෙකින් අල්ලා ළං කරගත්තේ ය.

“කීරා, මම එහෙම කිව්වට ඒක එහෙම අදහස් කළේ නැහැ … එකම එක හාදුවක්, ඔයා ආපහු ඇඳට යනවා නම් …. ඔයාගෙ තොල් දෙකත් සීතලයි …. ඔයා ගියෙ නැත්නම්, මම උස්සගෙන යනවා ඇඳට.”

ඔහු ඇයව දෑතෙන් ඔසවා ගත්තේය. ඇයගේ නිදන ඇඳුම තුලින් ඇයට ඔහුගේ තවමත් ශක්තිමත්, දැඩි හා උණුසුම් බාහු යුගලය දැනුණි. ඔහු ඇයව ඔසවා ගෙන නිදන කාමරයට ගියේය. ඔහුගේ හිස ඇයගේ හිස අසලට තෙරපී ඇත. “තව පිටු කීපයක් පමණයි ඊට පස්සෙ මං එන්නම්. නිදාගන්න. සුබ රාත්‍රියක්. කනස්සල්ලෙන් ඉන්න එපා.”
*

“උප්ර.ව්ඩම් හැටියට මගේ කාර්යය තමයි, ආර්ගුනෝවා පුරවැසියෙනි, මට ඔබට කියන්න වෙනවා. නීතිය නම් නීතියයි. කුලිය වැඩි කළා මොකද ඔබ දෙපළම සෝවියට් සේවකයෝ නොවන නිසා. ඒ කියන්නෙ ඔබ දෙපළ අයත් වෙන්නෙ ආදායමකින් ජීවත්වෙන කොටසට …. කොහොම ද මම දන්නෙ මොන ආදායම ද කියලා? නීතිය නම් නීතියයි.”
*
ඔහුට පිටුපසින් මිනිසුන් පෝලිමේ සිටගෙන සිටිති; හැකිළෙමින්, කුඩාවෙමින්, කුදුවෙමින්; හිස් උරස්ථල හා හකුළා ගත් උරහිස් වලින් යුතු; කහ පැහැති වෙව්ලන අත් එකිනෙකට බැඳගත්; නිවී ගිය ස්ප්‍රීතුවේ අවසාන සුසුම් හෙලීමෙන්; අනාථ වූ අසරණ බවකින් පිරි අයා ගත් දෑසින්, මොට වූ භයින් තැතිගත්; පාගා දමන ලද ඉල්ලීමකින්; ගාල් කරන ලද සතුන් සේ මිනිසුන් පෝලිමේ සිටගෙන සිටිති. ඔහු ඔවුන් අතර සිටගෙන සිටියේය. උස, කෙළින් වූ කඳින්, තරුණ, දෙවියෙක් සේ පෙනුමැති, තවමත් ආඩම්බර වූ තොල් ඇතිව ඔහු සිටගෙන සිටියේය.

ඔවුන් පසුකරගෙන ගිය ගණිකාවක් නැවතිණ. පුදුමයට පත් වී බැලුවා ය. අනිත් මිනිසුන් අතර සිටගෙන සිටිනා මිනිසා දිහා බැලුවා ය. ඔහු දෙස බලා ඇසක් වසා ඉඟියෙන් ආරාධනාවක් කළාය. ඔහු සෙලවුනේ නැත. හිස පමණක් වෙනතක හැරවූයේය.
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: