Sinhala story Blog

මාර්තු 3, 2011

අපි ජීවත්වන්නෝ -150 මෙහෙ ආවේ මොකට ද රස්තියාදුකාරයා?

Filed under: Uncategorized — sinhalashortstories @ 11:55 පෙ.ව.

ලියෝ අසලින් පෝලිමේ උන් කුඩා මනුස්සයාට තිබුනේ නීච වූ, නයෙක් පිඹිනා වැනි හඬකින් වූ නොසන්සුන් සිනාවකි. තල්ලේ වැදි ඒ සිනාව උගුර දක්වා ගියේ නැත. හරියට ‘හ..හි…හ..හි…” යන මුද්‍රිත අකුරු නැවත නැවත උච්චාරණය කරනා සේ ය.

“ඔබ මගේ කමිස සාක්කුවේ තියන රතු ලේන්සුව දිහා බලනවා මම දැක්ක, පුරවැසියෙනි, හ… හි… හ.. හි” ඔහු විශ්වාසයක් බෙදා ගන්නා ලෙස ලියෝගේ කනට කොඳුරා කීවේය. “මම පොඩි රහසක් කියන්නම්. මේක ලේන්සුවක් නෙමේ. බලන්න? කුඩා සිල්ක් රෙදි කෑල්ලක්. ඇතුලට ගියාම, මුලින් දකිද්දී එයාල හිතනවා ඒක පක්ෂ නිල ලාංඡනයක් හරි ඒ වගේ දෙයක් කියලා, හ..හි..හ..හි. පස්සෙ දකිනවා ඒක නෙමෙයි කියල. ඒත් එතකොට මනෝවිද්‍යානුකූල කාර්යය ඉෂ්ට වෙලා හමාරයි. හ..හි..හ..හි. උදව් වෙනවා, රස්සාවකට අවස්ථාවක් පෑදිලා ඇත්නම්. යන්න යන්න. ඔයගෙ වාරය. ජේසු දෙවියනි! එළිය දැනටමත් අඳුරු වෙලා. වේලාව කොච්චර ඉක්මණින් යනවා ද පෝලිම් වල හිටගෙන ඉන්නකොට, පුරවැසියෙනි, හ..හි…හ…හි.”
*

විශ්ව විද්‍යාල සමූපාකාරයේ ලියෝට ඉදිරියෙන් සිටි සිසුවෙක් තමා අසල වූ අයෙකුට මෙසේ කීවේය. “විහිළුවක් නේද? සමහර පුරවැසියෝ තමන්ගෙ දේශන වලට යන්නෙ නැහැ. ඒත් සලාක පොතට දෙන ආහාර ගන්න පෝලිම් වල නම් ඉන්නවා.” ඔවුන් දෙදෙනම පක්ෂ නිල ලාංඡන පැළඳ සිටියහ.

ලියෝ බැගෑපත් හඬකින් කතා කරන්නට වැරක් දැරීය. ඉන් ඔහුගෙ කටහඬ තවත් දාරුමය විය. “ලිපිකරු සහෝදරයා, ලබන සතියෙ කූපනයත් මම කඩලා තියාගත්තට කමක් නෑ නේද? මම ඒක අරගෙන එන්නම් ලබන සතියෙ පාන් ගන්න. මොකද ….මට ඉන්නවා … ගෙදර ඉන්නවා කෙනෙක්, මට ඇයට කියන්න ඕන මට සති දෙකක සලාක ලැබුණ කියල. මම ගෙදර එන මඟ දී මගේ ‍භාගේ කෑවා කියල. එතකොට ඇය මේ සම්පූර්ණ කෑල්ලම කයි. ස්තූතියි සහෝදරයා.”
*

තරබාරු කාර්යාල කළමනාකරුවා ලියෝව පටු කොරි‍ඩෝවක් දිගේ කැඳවා ගෙන ගියේය. කොරිඩෝව අග වූයේ ලෙනින්ගේ පින්තූරයක් එල්ලන ලද හිස් කාර්යාල කාමරයකි. ඔහු දොර පරිස්සමෙන් වැසීය. ඔහුට හිතවත් සිනාවක් සහ එල්ලා වැටෙන කම්මුල් තිබිණ.

“මෙතැන පෞද්ගලික බව වැඩියෙන් තියනවා, පුරවැසියෙනි. ඒක මෙහෙමයි, පුරවැසියෙනි. මේ දවස්වල රස්සාවක් කියන්නෙ දුර්ලභ දෙයක්. ගොඩක් දුර්ලභ දෙයක්. රස්සාවල් දෙන්න පුළුවන් තැනක සහෝදරයෙක් ඉන්නවා කියන්නෙ, වටිනා දෙයක් දෙන්න පුළුවන් අයෙක්. එහෙම නේද? ඉතින් දැන්, එහෙම වටිනා තැනක ඉන්න සහෝදරයෙකුට මේ දවස්වල එතරම් පඩියක් ලැබෙන්නෙ නැහැ. බඩු සේරම හරි ගණන්. කෙනෙකුට ජීවත්වෙන්න පුළුවන් වෙන්න ඕනානෙ. රස්සාවක් ලැබෙන කෙනෙක් ඒ ගැන කෘතඥ පූර්වක වෙන්න ඕනා. එහෙම නේද? …. බංකොළොත් වෙන්න ළඟයි කිව්වා, ඔබ? ඉතින්, එහෙම නම් මෙහෙ ආවේ මොකට ද රස්තියාදුකාරයා? කම්කරු අපි හැම අතම නිකම් ඇවිද ඇවිද ඉන්න බුර්ජුවාසීන්ට රස්සාවල් දෙයි කියලා හිතුවා ද?”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: