Sinhala story Blog

මාර්තු 2, 2011

අපි ජීවත්වන්නෝ -149 මට බඩගිනි නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 6:02 ප.ව.

කීරා විද්‍යායතනය වෙත ගියේ මඳ වශයෙනි.

එහෙත් දිගු, සීතල වූ දේශනාගාරයේ හිඳගෙන, යකඩ, යතුරු ඇණ සහ කිලෝවොට් ගැන අහද්දී දෙවුර කෙළින් කරගත්තාත ය. හරියට අඬුවකින් ඇය‍ගේ ස්නායු කරකවා තදකර ඇත්තා සේ ඇයට දැනුණි. තමා අසලින් වාඩි වී සිටි පුරුෂයා දෙස ඇය නෙත් යොමු කළාය. යකඩ පරාල හා බාල්ක යන වචනයන් ඔහුගේ ඇටකටු හා මාංශ පේශී ගැන දැයි සිතුවාය. යකඩ නිර්මාණය වී තිබුනේ ඔහු වෙනුවෙන් ද, නැතහොත් සමහර විට, ඔහුව නිෂ්පාදනය වී තිබුනේ යකඩ, කොන්ක්‍රීට් බදාම හා සුදු උෂ්ණය වෙනුවෙන් දැයි ඇය සිතුවාය. අන්ද්‍රෙ ටැගනොව් ගේ ජීවිතය අවසන් වූයේ කොතැනින් ද හා ඇන්ජිමක ආරම්භය කොතැනින් දැයි ඇයට අමතක වී ගොස් දිගු කාලයකි.

ඔහු ඇයගෙන් සුහදශීලීව විපරම් කරද්දී ඇය පිළිතුරු දුන්නාය. “අන්ද්‍රෙ, මගේ ඇස් වටරවුම් කළුවෙලා කියල පෙනීම ඔයා හිතින් මවාගත්ත දෙයක් විතරයි. අනික, ඔයා කොහෙත්ම මගේ ඇස් ගැන හිතන්න හුරුවෙලා තිබුනෙ නැහැනෙ.”
*

ලියෝ මේසයට වාඩි වූ කල, කීරාගේ සිනාව උත්සාහයෙන් පාදා ගත්තකි.

“ඔන්න ඔයාට පේනවනෙ, අද රෑ කෑම නැහැ.” ඇය මුදු හඬකින් විස්තර කළාය. “ඒ කියන්නෙ, හරි කෑමක් නැහැ. මේ පාන් විතරයි. මෙනේරි ඉවර වුනා සමූපාකාරයේ මගේ වාරය එන්න කළින්. ඒත් මට මේ පාන් ලැබුණ. මේ ඔයාගෙ කොටස. මම ළූණු ටිකක් තෙල් දැම්ම සූර්යකාන්ත ඇට තෙල් වලින්. පාන් එක්ක කන්න හරි හොඳයි.”

“කෝ ඔයාගෙ කොටස?”

“මම කාලා ඉවරයි … ඔයා එන්න කළින්.”

“මේ සතියට ඔයාට කොච්චරක් ලැබුණ ද?”

“ඔහ්… ඉතින් .. අපිට පාන් රාත්තලක්ම ලැබුණ. හිතන්න පුළුවන් ද? වෙනදට දෙන පාන්බාගෙ වගේ නෙමේ. හොඳයි නේද?”

“ඔව්. හරි හොඳයි. එකම දේ මට බඩගිනි නැහැ. මම යනවා නිදාගන්න.”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: