Sinhala story Blog

පෙබරවාරි 19, 2011

අපි ජීවත්වන්නෝ -147 එහෙම දැනෙන්නෙ කොහොම ද

Filed under: Uncategorized — sinhalashortstories @ 6:05 ප.ව.

පෝලිමේ පැයක් හිටගෙන සිටිය පසු ඔහු දුම්වැටියක් ඉරුවේය.

පැය දෙකක් සිටගෙන සිටි පසු ඔහුට කකුල් හිරිවැටී ඇතැයි දැනුණි.

පැය තුනක් සිටිගෙන සිටි පසු ඒ හිරිවැටිල්ල උගුර දක්වා පැතිර ඇවිත් යයි දැනුණි. බිත්තියකට හේත්තු වන්නට ඔහුට සිද්ධ විය.

ඔහුගේ වාරය පැමිණි කල, කර්තෘවරයා ලියෝ දිහා බලා “ඔබව පාවිච්චි කරන්න විදියක් පෙන්නෙ නැහැ පුරවැසියෙනි. අපේ ප්‍රකාශනය කලාත්මක බවින් පමණක් යුතු වූවක්. ඒක -කම්කරු කලා. මම මතක් කරන්නම්. ඒක සම්පූර්ණයෙන්ම පංති දැකීමක් පමණයි. ඔබ පක්ෂයට එකතුවෙලා නැහැ. ඔබගේ සමාජ තත්වය එතරම් සුබවාදී නැහැ. ඔබ එකඟ වෙන්න ඕනෑ. මට ඉන්නවා පළපුරුදුකම් තියන වාර්තාකරුවෝ දහ දෙනෙක්, පක්ෂ සාමාජිකයෝ, මගේ පොරොත්තු ලේඛනයේ.”
*

ගිතෙල් වලින් මාළු බදින්නම කියලා නැහැනෙ, ඇය තීරණය කළාය. සූර්යකාන්ත ඇට ‍තෙල් වලින් පුළුවන්. හොඳ තෙල් ගත්තොත් පුසුඹක් ඉතිරි වෙන එකක් නැහැ. සුරුවමින් සල්ලි ගණන් කර බලා සමූපාකාරයේ කවුන්ටරය මත තැබූ ඇය තෙල් බෝතලයේ ඝන කහ පැහැති ද්‍රාවණය දෙස බලමින් නිවසට පා තැබුවාය.
*

“ගොඩාක් වෙලා බලාගෙන ඉන්න වුනාට සමාවෙන්න, පුරවැසියෙනි. ඒත් කර්තෘ සහෝදරයා හරි කාර්යබහුල කෙනෙක්. දැන් ඔබට යන්න පුළුවන්.” ලේකම්වරිය ලියෝට කිව්වාය.

පුටුවේ පිටුපසට බරදුන් කර්තෘ සහෝදරයා, ලෝකඩ ලියුම්කවර අරින පිහියක් අතැති විය. ඒ පිහියෙන් ලුනාචාර්ස්කිගේ පින්තූරයක් රැගත් මේස දින දර්ශනයකට තට්ටු කළේය. ලුනාචාර්ස්කි ජනතාවගේ අධ්‍යාපන හා කලා කොමසාරිස්වරයා ය. කර්තෘවරයාගේ කටහඬ කඩදාසියක් කපන පිහියක් මෙන්විය.

“නැහැ. පුරප්පාඩුවක් නැහැ. පුරප්පාඩුවක් ඇතිවෙයි කියල බලාපොරොත්තුවකුත් නැහැ. කම්කරුවෝ ඇති තරම් හාමතේ ඉන්දැද්දී ඔබ වගේ බුර්ජුවාසියෙක් රැකියාවක් ඉල්ලනවා. මමත් කම්කරුවෙක්. වැඩ බංකුවෙන් උඩට ආපු කෙනෙක්. මට රැකියාවක් නැතුව හිටිය ඉස්සර කාලෙ. ඒත් ඔයාලගෙ බුර්ජුවාසි සහෝදරයන්ට කිසිම දුකක් තිබුනෙ නැහැ. එහෙම දැනෙන්නෙ කොහොම ද කියන එකෙන් ඔබට හොඳක් වෙයි.”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: