Sinhala story Blog

පෙබරවාරි 16, 2011

අපි ජීවත්වන්නෝ -144 මෙච්චර සතුටක්

Filed under: Uncategorized — sinhalashortstories @ 11:39 පෙ.ව.

වොල්ගාවේ ගම්මාන වලට පක්ෂයේ දූත මෙහෙයකට ගිය අන්ද්‍රෙ ගිම්හානය ගෙවා තිබියේ එහි ය.

අළුත් වාරය පටන් ගන්නා පළමු දිනයේ ම ඔහු විද්‍යාතනයේ දී කීරා හමුවීය. හිරු රැසින් ඔහුගේ හමේ පාට තවත් රන්වන් වී ඇත. මුව අග වූ රැළි කැළලක් හෝ තුවාලයක් නොවූවත් ‍ඒ දෙකෙහිම හැඩ රුවකින් යුතු විය.

“කීරා, මම දැනගෙන හිටියා ඔයාව දකින්න ලැබීම ප්‍රීතිදායක වෙයි කියල. ඒත් මම හිතුවෙ නැහැ …මෙච්චර සතුටක් ගෙන දෙයි කියල.”

“ඔයාට දුෂ්කර ගිම්හානයක් ගෙවන්න වුනා නේද අන්ද්‍රෙ?”

“ඔයාගෙ ලියුම් වලට ස්තූතියි. ඒවා මාව සතුටින් තිබ්බ.”

ඔහුගේ දෙතොල් රැඳි දැඩි බව දිහා ඇය ඇස් යොමු කළාය. “මොනවා ද එයාල ඔයාට කළේ අන්ද්‍රෙ?”

“කවුද?” ඒත් ඇය දන්නා බව ඔහු දත්තේ ය. ඔහු ඇය දිහා බැලුවේ නැත. එහෙත් පිළිතුරු දුන්නේ ය. “මම හිතන්නෙ හැමෝම දන්නවා. ගම්මාන -අපේ අනාගතයේ අඳුරු තැන්. ඒවා යටත් කරගෙන නැහැ. එයාල අපිත් එක්ක නැහැ. ප්‍රාදේශීය සෝවියට් ‍කොඩියට උඩින් එයාල රතු කොඩියක් දාලා තියනව. පිටිපස්සෙ පිහියක් අතේ තියාගන ඉන්නව. නැවිල ආචාර කළාට, ඔළුව වනලා එකඟ වුනාට, රැවුල් යටින් හිනාවෙනව. ගබඩා කාමරවල අපෙන් ධාන්‍ය හංගලා තියන තැන්වලට උඩින් ලෙනින්ගෙ පින්තූර එල්ලනව. පත්තර වලින් කියවන්න ඇති කොමියුනිස්ට් තුන් දෙනෙක් පණ පිටින් සමාජ ශාලාවක පිච්චුව හැටි ගැන. මම ඊ ළඟ දවසේ එහෙ ගියා.”

“අන්ද්‍රෙ! ඔයාට එයාලව අල්ල ගන්න පුළුවන් වුනා කියල හිතනවා!”

ඔහුට සිනා නොවී සිටිය නොහැකි විය. “ඇයි කීරා! ඔයා කියන්නෙ කොමියුනිස්ට් අයට එරෙහිව සටන් කරන අය ගැන ද?”

“ඒත් …. එයාල ඒකම ඔයාට කරන්න තිබුණ.”

“නැහැ, මට කිසිත් වුනේ නැහැ. පේනවානේ. බෙල්ලෙ තියන කැළල දිහා බලන්න එපා. පොඩ්ඩක් ගෑවිලා ගියා විතරයි. ඒ මෝඩයාට අවි ආයුධ හුරුවක් නැහැ. එයාගෙ එල්ලය එච්චර හොඳ වුනේ නැහැ.”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: