Sinhala story Blog

පෙබරවාරි 8, 2011

අපි ජීවත්වන්නෝ -140 U.S.S.R.

Filed under: Uncategorized — sinhalashortstories @ 9:33 පෙ.ව.

ඔවුන් ආපසු නගරයට ආ විට, පෝස්ටර් වලින්, බැනර් වලින්, සිරස්තල වලින් පිරි හුස්ම හිර කරන සැන්දෑව ඔවුන් හමුවිය. වීදි මතින් දැවුනු අකුරු හතරකි: U.S.S.R.

රටට අළුත් නමක් ලැබී ඇත. නව ව්‍යවස්ථාවක් ලැබී ඇත. සෝවියට් වෘත්තීය සමිති එකතුවේ කොන්ග්‍රසය එසේ තීරණය කරන ලදි. බැනරය මෙසේ කියයි:

“එක්සත් සෝවියට් සමාජවාදී ජනරජය ලෝක දේශයක් සඳහා වන අනාගත වර්ධනයේ සාරය වෙයි.”

රත් වූ, දුහුවිලි පිරි වීදි මැදින් පෙලපාලි ගියේය. දහදිය පිරි ලලාටයන් රතු ලේන්සු වලින් පිහිදා දැමුණි.

“අපේ බලය ඇත්තේ කිටි කිටියේ පාස්සන ලද්දා වූ සාමූහිකත්වයේය!”

ළමයි පේලියක්, බෙර ගහමින්, හිරු බැස යන සැන්දෑවේ පා ගමන් තැබූහ. ආවරණ නොවූ කකුල් තට්ටුවක්, නිල් කලිසම් තට්ටුවක්, සුදු කමිස තට්ටුවක්, රතු ටයිපටි තට්ටුවක් දකින්නට ලැබුණි. පක්ෂයේ බාලාංශයයි. ‘පුරෝගාමීන්’ ය. ඔවුන්ගේ උස් වූ, තරුණ කටහඬ වල් මෙසේ ගැයූහ:
“කෑදර බූර්ජුවාසියාට දුක හිතෙන්න
අපි අපේ ගිනි හෙට පත්තු කරමු
අපේ ලෙයින් මතුවන ලෝක ගින්න …”
*

වරක් කීරා හා ලියෝ ගමක රාත්‍රියක් ගෙවන්නට උත්සාහ කළහ.

“ඇත්තෙන්ම,” නිවාස හිමිකාරිය කීවේය. “ඇත්තෙන්ම, පුරවැසියෙනි, මට පුළුවන් ඔබලාට රෑ නවතින්න කාමරයක් දෙන්න මට පුළුවන්. ඒත්, ඊට කළින් ඔයාල නගරයේ ජීවත්වන තැන උප්‍රව්ඩම් වෙතින් සහතිකයක් ගන්න ඕන. ඔයාලගෙ මිලිෂියා දෙපාර්තමේන්තුවෙන් අවසර පතක් ගන්න ඕන. ඊට පස්සෙ ඔයාලගෙ කම්කරු පොත් මා වෙත අරන් එන්න ඕන. මම ඒවා මෙහෙ තියන අපේ සෝවියට් කාර්යාලයේ ලියාපදිංචි කරන්න ඕන. අපේ මිලිෂියා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන්න ඕන. එතකොට ඔයාල තාවකාලික අමුත්තෝ හැටියට අවසර පත්‍රයක් ගන්න ඕන. ඔයාල බද්දක් ගෙවන්න ඕන. එතකොට ඔයාලට කාමරයක් ගන්න පුළුවන්.”

ඔවුන් නගරයේ නැවතුණහ.
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: