Sinhala story Blog

පෙබරවාරි 2, 2011

අපි ජීවත්වන්නෝ -137 ඔහුව ඔයා නිතර දකිනවා ද?

Filed under: Uncategorized — sinhalashortstories @ 11:39 පෙ.ව.

කීරාගේ අතට අන්ද්‍රෙගේ අතේ සපර්ශය දැනින. “සදළුතලයක් තියනවා එයාලට මයෙ හිතේ,” ඔහු රහසින් කිව්වේය, “අපි යමු එළියට.”

ඔහු පිටුපසින් යද්දී ඇයට සුසුමක් හා රාගාධික චුම්භනයක හඬ ඇසිණ. එය ආවේ වික්ටර්ගේ තු‍රුලේ වූ වාවා සිටි පැත්තෙනි.

සදළුතලය සීතල ය. වීදිය රක්ෂිත පෙට්ටියක වූ ගුහාවක් සේ නිහඬ ය. අහස සෙමෙන් අළුපාටට හැරේ. පදිකවේදිකාවේ දිය කඩිති මිදී ගොස් කැඩුණු වීදුරු සේ පෙනුණි. ජනේල දිස්වූයේ බිත්තිවල සීතලට මිදී ගිය දිය කඩිති ලෙස ය. මිලිෂියා මිනිහෙක් ලාම්පු කණුවකට උර දී සිටගෙන සිටියේය. වීදිය මැදින් කොඩියක් වැටී තිබුණි. කොඩිය සෙලවුනේ නැත. මිනිසා ද සෙලවුනේ නැත.

“හිනායන දෙයක්,” අන්ද්‍රෙ කීය, “මම හිතුවෙ නැහැ කවදාවත් මම නටන්න ආස වෙයි කියලා, ඒත් මම නටන්න ආසයි.”

“අන්ද්‍රෙ, මම ඔයා එක්ක තරහයි.”

“ඇයි?”

“මේ තමයි දෙවන වතාවටත් ඔයා මගේ හොඳම ගවුමට සැලකිල්ලක් නොදැක්වුයේ.”

“ඒක ලස්සනයි.”

ඔවුන් පිටුපසින් දොරේ මළකඩ බැඳි සරණේරුව කෙඳිරි ගෑය. ලියෝ සදළුතලයට පිවිසීය. ඔහුගේ කටේ කොණක සිගරැට්ටුවක් එල්ලෙයි. “කීරාත් ජනසතු කරන ලද ජාතික දේපලක් ද?” ඔහු විමසීය.

“සමහර විට මම හිතනවා ඒක එහෙම වුනානම් ඒක එයාගෙ හොඳට වෙයි කියලා.” අන්ද්‍රෙ හිමිහිට පිළිතුරු දුන්නේ ය.

“ඉතින්, පක්ෂය නිසි යෝජනාව සම්මත කරගන්නා තෙක්,” ලියෝ කීවේය, “ඇය එහෙම නැහැ.”

විසිත්ත කාමරයේ උණුසුම් වූ අඳුරට ඔව්හු එක්වූහ. තමන් අසලින් මෙට්ටයට ලියෝ කීරාව ඇදගත්තේය. ඔහුත් කිසිත් නොකීය. ඇය ඔහුගේ උරහිසට ඔළුව තබා නිදි කිරන්නට වූවාය. යාන්තමට උරහිස් සොලවා රීටා වෙනතකට ගියාය. අන්ද්‍රෙ සදළුතලය අසල සිටගෙන දුම්වැටිය ඉරුවේය.

උදෑසන අටට ජනේල තිර අරින ලදි. සබන් වතුර පැහැති මොට සුදු අහසක් පියසි වලට ඔබ්බෙන් දිස්විය. දොර අසල සිටගත් වාවා තම අමුත්තන් වෙතින් සමුගත්තාය. විටෙක ඇය නිදිමතින් වැනුනාය. ඇයගේ ඇස් වටා විඩාවෙන් පිරි කළු රවුම් ය. කළු කෙස් රොදක් ඇයගේ නැහැය අගට වැටී තිබුණි. ඇයගේ නිකට පුරා ලිප්ස්ටික් තැවරී තිබුණි. අමුත්තෝ කල්ලි ගැසුණහ. ඒ කණ්ඩායම් ලෙසින් හැකි තරම් දුරක් එකට ඇවිදිනු සඳහා ය.

සීතල හිමිදිරියේ, පා යටින් අයිස් කැඩෙද්දී, අන්ද්‍රෙ කීරාව මඳක් පැත්තකට ඇද ගත්තේ ය. තමනට අඩි කිහිපයක් ඉදිරියෙන් සිටි ලිඩියාට වතුර වලකින් පනින්නට උදව් දෙන ලියෝ පෙන්වූයේය. “ඔහුව ඔයා නිතර දකිනවා ද?” ඔහු ඇසුවේය.

ඒ ප්‍රශ්නය, ඔහු සත්‍යය සොයාගෙන නැතිබවත්, ඒ ප්‍රශ්නය ඇසූ විලාසය ඔහුට සත්‍යය නොකිව යුතු බවත් ඇයට පැහැදිලි කළේය.

යකඩ වැට ගැසූ ජනේල හා ඉබි යතුරු දැමූ කඩ අතරින් විදුලිය දැල්වුණි.

දොරවල් බොහොමයක දැන්වීමක් අලවා තිබුණි: “හොරකම් කරන සහෝදරවරුනි, කරුණාකර වෑයම් නොකරන්න. ඇතුලත කිසිත් නැත.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: