Sinhala story Blog

ජනවාරි 31, 2011

අපි ජීවත්වන්නෝ -136 වඩාත්ම උද්දීපන පැය කිහිපය

Filed under: Uncategorized — sinhalashortstories @ 5:43 ප.ව.

ගෘහ සේවිකාව බුම්මාගත් මුහුණින් රිදී බන්දේසියක තබා ගත් බෝතල් හයක් රැගෙන එද්දී ඔහුගේ සිනාව තවත් පුළුල් විය. එහි වූයේ දුර්ලභ පරණ වයින් ය. බලපුළුවන්කාර රෝගියෙක් වෙතින් ඔහුට පිරිනැමි තෑග්ගකි. සෑම පළිඟු වීදුරුවක්ම පුරවමින් “පරණ හොඳ බඩු. යුද්ධයට පෙර තිබිච්ච සත්‍යය බඩු. ඔය ළමයි මේවා රහ බලල නැති බවට සහතිකයි,” යැයි කීවේය. වීදුරු දිගු මේසය දිගේ අතින් අතට පාස් විය.

කීරා අසුන්ගෙන සිටියේ ලියෝ හා අන්ද්‍රෙ මැදිනි. අන්ද්‍රෙ සිය වීදුරුව නොපැකිළෙන බැරෑරුම් ගතියකින් රණශූරයෙක් සේ එසවීය. “ඔබගේ සෞඛ්‍යයට, කීරා,” හේ පැවසීය.

ලියෝ තම වීදුරුව එසවූයේ සැහැල්ලුවෙනි. ශෝභනාකාරයෙනි. විදේශීය මත්පැන් සාදයක දී තානාපතිවරයෙක් හැසිරෙන ලෙසකිනි. “ඔයාට මගේ පංතියට වඩා ඉහළ පංතියක අයෙක් විසින් සව්දිය පුරපු නිසා කීරා, මම බොන්නම් අපේ සුන්දර ආගන්තක සත්කාර දක්වන්නිය වෙනුවෙන්,” ඔහු කීවේය.

වාවා ඔහු වෙත උණුසුම් වූ ද, ස්තූති පූර්වක වූ ද සිනාවක් පෑවාය. ලියෝ තම වීදුරුව ඇය වෙත පා ඔසවා, රීටා දිහා බලාගෙන පානය කළේය.

ඔවුන් නැවත විසිත්ත කාමරයට ආ විට නිවී ගිය ගින්න නැවත අවුළුවන්නට සිදුවිණ. ලිඩියා නැවතත් පියානෝව වාදනය කළාය. ආදරවන්තයෝ ටික දෙනෙක් කම්මැලිකම දක්වමින් නටන්නට වූහ. මිය ගිය කාන්තාවකගේ හඳුන්කූරු සුවඳැති ඇඟිලි ගැන වූ ගීතයක් වාවා ගැයුවාය. බීමත් අයෙකුගේ හැසිරීම කොල්යා ස්මියාට්කින් විඩම්බනයකින් ඉදිරිපත් කළේය. වික්ටර් උපඛ්‍යානයන් කීවේය. අනික් අය ඔහු ආදර්ශයට ගති. සමහර උපඛ්‍යානයන් දේශපාලනමය විය. විපරම් සහිත බැල්මන් අන්ද්‍රෙ වෙත යොමු කෙරිණ. අතරමැද වචන නැවතිණ. විටෙක කියන්නා වදන් තටමින්, මුහුණ රතු කරගත්තේය.

උදෑසන පහ වෙද්දී සැවොම විඩාවෙන් පෙළුනහ. එහෙත් හිරු පායන්නට පෙර කිසිවෙකුට ගෙදර යා නොහැකිය. එය භයානක ය. නරගයේ මිලිෂියාව කොල්ලකරුවන් හා සොරුන් ඉදිරියේ අඩපණ ය. මැදියම් රැයෙන් පසු පාරක් පනින්නට පුරවැසියෝ එඩිතර වුනේ නැත.

තරුණ අමුත්තන්ට උදෑසන තෙක් කල් ගෙවන්නට ඉඩහැර දොස්තර මිලොව්ස්කි හා ඔහුගේ බිරිඳ නිදන්නට ගියහ. කිසිත් දයාවක් නොපෙන්වූ, කැඳ නිල ඇඳුම් හැඳි ගෘහ සේවිකාව අසල්වැසියන් සියල්ල වෙතින් ඉල්ලා ගත් මෙට්ට විසිත්ත කාමරයට ඇද්දාය. බිත්තිය දිගේ මෙට්ට තබන ලදි. වාවා විදුලිය නිවා දැමුවාය.
අමුත්තෝ තම ආදරවන්තයින් සමඟ ඇලවූහ. ගිනි උදුනේ අන්තිම ගිනි පුපුරක් හා තැනින් තැන දැල්වෙන රතු සිගරැට් තිත් මිස වෙනත් එළියක් නැත. රහසින් දොඩන බස් හා වදන් නොවන රහස් හඬ ඇසුණි. මෙවැනි සාදයන්හි ලියා නොමැති රීතිය වූයේ මේ අන්තිම, විඩාවට පත්, වඩාත්ම උද්දීපන පැය කිහිපය ගැන කවුරුත් වැඩි කුතුහලය නොදැක්වීම ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: