Sinhala story Blog

ජනවාරි 31, 2011

අපි ජීවත්වන්නෝ -135 හැමෝටම ඇතිවෙන්න තියනවා

Filed under: Uncategorized — sinhalashortstories @ 5:41 ප.ව.

ලියෝ රීටා හා නැටූහ. ඔවුන් අතර වූයේ එකිනෙකා හඳුනන නිහඬ අවබෝධයකි. ඇයගේ සිරුර ඔහු සිරුරට සුරුවම් ලෙසින්, ප්‍රවීන ලෙසින් තෙරපී තිබුණි. පසුකරගෙන යන හැම යුගලයක් සමඟ ආඩම්බරයෙන් සිනා පාමින්, වාවා රවුම් රවුම් කැරකුණා ය. ඇයගේ අත රැඳී තිබුණේ වික්ටර්ගේ උරහිස මතය, ජයග්‍රාහී විලසකට ය. තමාගේ අයිතිය කියා පාන ලෙසකට ය. කොල්යා ස්මියාට්කින් වාවා දිහා බයාදු ලෙසින්, චින්තාපරව බලා සිටියේය. ඇය හා නටන්නට අසන්නට ඔහු පසුබට විය. වාවාට වඩා ඔහු මිටි ය. ඇය ගැන තමා තුල ඇති බලාපොරොත්තු සුන් වූ එහෙත් බල්ලෙකු සේ හිතෛෂී බව ගැන හැමෝම දන්නා නිසා ඔවුන් සියල්ලෝම තමාට හිනා වෙනවා යයි ඔහු සිතුවේය. ඒත් ඊට යමක් කරනු ඔහුට නොහැකිය. සිරුර දිරාගිය කෙල්ලගේ සපත්තු වලින් වහලේ එල්ලා තිබි පොකුරු පහන වේව්ලන්නට විය. එහි වට රවුමේ වූ වීදුරු පබළු සෞම්‍ය නාදයක් පැතිරවීය. වරක් ඇය වාවාගේ දිළිසෙන හම් පාවහන් මතින් පාගා ගෙන ගියාය. අවධානයෙන් වූ අමුත්තෙක් තවත් දර කොටයක් ගින්නට එකතු කළේය. ගින්න දුම් දමා අපහසුවෙන් දැල්වෙන්නට උත්සාහයක් ගති. කවුදෝ යුතුකම් නොපිරිහෙළා ඉටු කරන්නට නොදත්තෙක් තෙතමනය පිරි දර කොටයක් ගෙනැවිත් ය.

උදෑසන දෙකට වාවාගේ මෑණියෝ බාගෙට ඇරුණු දොරකින් බයාදු, සුදුමැලි මුහුණක් දමා ඔවුන් ‘කෑම බීම ගන්නට දැන් කැමැති’ දැයි විමසීය. කෑම කාමරයට යන්නට පටන් ගත් ලොල් උත්සාහය නිසා වොල්ට්ස් නැටුම අතරමඟ නැවතිණ.

කෑම කාමරයේ දිගු මේසයක් සුදු හා රිදීයෙන් වූ ගම්භීර සෞභාග්‍යයකින් දිස්විය. තියුණු පහන් එළියෙන් පළිඟු දිළිසුණි. කෝමල ගෑරුප්පු දැඩි චාරිත්‍රානුකූල වූ නිවැරදි බවකින් පිළිවෙලකට තබා තිබුණි. කිරි සුදු පිඟන් භාජනවල බටර් හොරාවාට ගෑ කළු පැහැයෙන් වූ පාන් පෙති ද, වියළි මාළු තීරු ද, අර්තාපල් අල සිවියෙන් උයන ලද විස්කෝතු හා ඇඹුල් ගෝවා ද විය. සීනි වෙනුවට ඇලෙන දුඹුරු සූකිරි කැට තේ සමඟ ඉදිරිපත් කෙරුණි.

ආගන්තුක සත්කාරයෙන් පිරි මුහුණින් වාවාගේ මව සිනාවක් පෑවාය. “හැම එකකින්ම එකක් ගන්න. බයවෙන්න එපා. හැමෝටම ඇතිවෙන්න තියනවා. මම ගණන් කළා.”

වාවාගේ පියා පුළුල් සිනාවකින් මුහුණ සරසා ගෙන මේසයේ මුල අසුන් ගෙන සිටියේය. ඔහු නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකි. අරගලයට පෙර ඔහු සාර්ථක රැකියාවක් නොතිබි අයෙක් වූයේය. අරගලයෙන් පසුව ඔහුගේ සාර්ථකත්වට හේතු දෙකකි. පළමුවැන්න, දොස්තරවරයෙක් වශයෙන් ඔහු අයත් වූයේ ‘නිදහස් වෘත්තීය’ කොටසට ය. එනම් ඔහු සූරාකන අයෙක් සේ නොසැලකුණි. අනික වූයේ ඔහු සම්පූර්ණයෙන් නීත්‍යානුකූල නොවූ සැත්කම් සමහරක් කිරීම ය. වසර කිහිපයක දී ඔහු තම සම මට්ටමේ අයට වඩා මෙන්ම ඊටත් ඉහළින් සිටි අයට ද වඩා, සව්සිරියෙන් පිරි අයෙක් වූයේය.

මිටි මොළවාගත් අත් දෙකෙන් කබා පටි දෙක අල්ලා ගෙන, පුටුවේ පිටට පහසු ලෙස හේත්තු වී, තඩි රත්තරන් දම්වැලක් වැටි නෙරාගිය බඩගෙඩිය ඉදිරියට දාගෙන, එය මත කිංකිණි හඬ නඟමින් සෙලවෙන මිල අධික ඔරලෝසු විලාසිතා සෙලවෙද්දී ඔහු අසුනට බර දී සිටියේය. ඔහුගේ කුඩා ඇස්, තඩි සුදු හම්රැලි අතරින් නොපෙනී ගියේය. උණුසුම් සිනාවක් ඔහු අමුත්තෝ වෙත පෑවේය. තමන් සතු මේ අනුන් ඊර්ෂ්‍යයා කරන ආගන්තුක සත්කාර හැකියාව, අනුන් සඳහා ආහාර ඉදිරිපත් කරන්නට හැකියාව, තමන් ඉහත කාලයක දී කඳ නවන්නට සිද්ධ වූ අයගේ දරුවන්ට මෙසේ සංග්‍රහ කරන්න හැකියාව ලැබීම, ආර්ගුනෝව් නැමති කර්මාන්ත ධනපතියාගේ දරුවෝ, අද්මිරාල් කොවැලෙන්ස්කිගේ දරුවා, ගැන ඔහු ඉතා උදම් විය. හෙට උදෑසන රතු හමුදා බල ඇණියට තවත් මුදල් පරිත්‍යාග කරන්නට ඔහු තනිවම තමන්ට මතක සටහනක් ලියා ගත්තේය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: