Sinhala story Blog

ජනවාරි 26, 2011

අපි ජීවත්වන්නෝ -132 ඔබ එවැන්නකට සමත් වේවි

Filed under: Uncategorized — sinhalashortstories @ 12:27 ප.ව.

“අපේ සේවක සංඛ්‍යාව අඩු කළා ගිය මාසේ. ඒත් ඒක මට බලපෑවේ නැහැ. මම සමාජ සේවයේ ක්‍රියාකාරී අයෙක්. මම කියවන්න බැරි අයට පංතියක් දානවා -නොමිලේ- හැමදාම හවස පැයක් -සමිතියේ යුතුකමක් හැටියට. එයාල දන්නවා මම යුතුකම් නොපිරිහෙළා ඉටුකරන පුරවැසියෙක් බව.”

“මම අපේ සමිති පුස්තකාලයේ උප ලේකම්.” කොල්යා ස්මියාට්කින් කීවේය. “පඩියක් නැහැ. සතියකට සන්ධ්‍යා තුනක් කැප කරනවා. ඒක නිසා පහුගිය සේවක අඩුකිරීමෙන් මාව බේරුන. ඒත් මේ සැරේ, මට බය -එක්කො මම නැත්නම් අනිත් මිනිහා. ඉතින් ඒ අනිත් මිනිහා, එයා පුස්තකාල දෙකක උප ලේකම්.”

“අපිට සේවකයෝ අඩු කිරීමක් ආවම,” සිරුර දිරාගිය කෙල්ල කීවාය, “මට බය එයාල එළියට දායි සේරම භාර්යාවෝ හෝ ස්වාමි පුරුෂයෝ -අනිත් එක්කෙනාට රස්සාවක් තියනවා නම්. මීෂාට තියනවා හොඳ රස්සාවක්. ආහාර පදනමේ. ඉතින් අපි හිතන්නෙ … අපිට දික්කසාද වෙන්න වෙයි. ඒක වැදගත් නැහැ. අපිට දිගටම එකට ජීවත්වෙන්න පුළුවන්. එහෙම කරන අය ඉන්නවානෙ.”

“මගෙ වෘත්තීය සමාජයට තියන මගේ යුතුකම,” වික්ටර් කීවේය. “මම ඉංජිනේරු වෘත්තිය තෝරා ගත්තේ අපේ ගෞරවනීය ජනරජයට එය වඩාත්ම අවශ්‍ය නිසා.”
ඔහු තමාගේ කියමන අන්ද්‍රෙට ඇසුනා දැයි තහවුරු කර ගනු පිණිස ගිනි උදුන පැත්තට බැල්මක් හෙලුවේය.

“මම ඉගෙන ගන්නෙ දර්ශනය,” ලියෝ කීවේය, “මොකද ඒක විද්‍යාවක්, රුසියානු සෝවියට් ෆෙඩරල් සමාජවාදී ජනරජයේ කම්කරු පංතියට කිසිසේත්ම අවශ්‍ය නැති නිසා.”

“සමහර දාර්ශනිකයන්ට් රුසියානු සෝවියට් ෆෙඩරල් සමාජවාදී ජනරජයේ කම්කරු පංතිය අවශ්‍ය වෙයි,” අන්ද්‍රෙ හඬ නැඟි නිසා හදිසියේම පැන නැඟි දැඩි නිශ්ශබ්දතාවය මැදින් හෙමිහිට කීවේය.

“සමහර විට,” ලියෝ කීවේය, “සමහර විට, මම පිටරටට පැනලා ගිහින්, වඩාත්ම සූරාකන මිලියනවරයෙකුට මගේ සේවය විකුණලා එයාගෙ රූමත් බිරිඳ එක්ක හොර සම්බන්ධයක් පටන් ගනියි.”

“කිසි සැකයක් නැතුව,” වික්ටර් කීවේය, “ඔබ එවැන්නකට සමත් වේවි.”

“ඇත්තෙන්ම,” වාවා ඉක්මණින් කීවාය, “තාමත් සීතලයි. අපි නැටුම් පටන් ගනිමු. ලිඩියා ප්‍රියාදරිය?”

ඇය ලිඩියා වෙතට චාටුවෙන් එකඟ කරගන්නට බැල්මක් එල්ල කළාය. වැඩි කැමැත්තක් නැතිව සුසුමක් හෙලූ ලිඩියා නැඟිට ගොස් පියානෝව අසලින් වාඩි වූවාය. එතැන සිටි පිරිස අතර දක්ෂ සංගීත භාණ්ඩ වයන්නෙකුට සිටියේ ඇය පමණි. ඉඳහිට තැන තැන දුර්ලභ වූ සාද වලට ඇයව කැඳවන හේතුව ගැන ලිඩියාට සැක සිතී තිබිණ. සීතල ඇඟිලි පිරිමැද ඇය රෞද්‍ර වූ මුරණ්ඩුකමකින් පියානෝව ගැසුවාය. ඇය වාදනය කළේ ‘ජෝන් ග්‍රෙ‘ යන්නයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: