Sinhala story Blog

ජනවාරි 25, 2011

අප ජීවත්වන්නෝ -131 අධ්‍යාත්මික පුබුදුවක් නැතිකම

Filed under: Uncategorized — sinhalashortstories @ 11:35 පෙ.ව.

අබබ්බකමෙන් තම දැඩි බූට් සපත්තු හා කකුල් සඟවා ගෙන, බුම්මා ගත් මුහුණින් පැත්තකට වී අසුන් ගත්, ලේ අඩුකමින් දිරාපත් වූ සිරුරකින් යුතු වූ කෙල්ලක්, මොට බැල්මකින්, තම වදන් තමන්ම සැක කරන විලසකින් මෙසේ කීවේය: “පිටරට දී … මම අහලා තියෙනවා … එයාල කියනවා සලාක කාඩ්පත් නැහැල්ලු, සමූපාකාර නැහැල්ලු, මුකුත් නැහැල්ලු. හිතුනම කඩයකට යනවාලු. එහෙම ගිහින් පාන්, අර්තාපල් වගේ ඕනම දෙයක් මිලට ගන්න පුළුවන්ලු, සීනි වුනත්. මම, මම නම් ඒ කතාව විශ්වාස කරන්නෙ නැහැ.”

“ඒ වගේම එයාල කියනවා කෙනෙකුට තමන්ගෙ වස්ත්‍ර මිලට ගන්න පුළුවන් කියලා වෘත්තීය සමිති ඕඩර් එකක් නැතුව – පිටරට දී.”

“අපිට අනාගතයක් නැහැ.” රත්තරන් අඬු නැති ඇස් කණ්ණාඩිය පැළඳ සිටි දාර්ශනිකයා කීවේය. “අපිට ඒක නැතිවෙලා ගියේ භෞතිකවාදී ලුහුබැඳයාම් පසුපස ගිහින්. රුසියාවේ දෛවය හැමදාම තිබුනේ ස්ප්‍රීතුව මත. ශුද්ධ රුසියාව ඇයගේ දෙවි‍යන්වහන්සේ හා ඇයගේ ස්ප්‍රීතුව නැති කරගෙන.”

“ඔයා දුප්පත් මිට්යා වෙසියොල්කින් ගැන ඇහැව්වා ද? එයා දිවයන ට්‍රෑම් රථයකින් පනින්න තැත් කරලා. ඒක යටට වැටිලා. එයා වාසනාවන්තයි. එක අතක් විතරයි කපන්න වුනේ.”

“බටහිර,” වික්ටර් කීවේය, “ඇතුලත වැදගත්කමක් නැහැ. පරණ ශිෂ්ඨාචාරය මුහුණ දෙන්නෙ විනාශයට. ඒක පුරවන්නෙ අළුත් පෝරම දිරාගිය අන්තර්ගතයෙන්. ඒවායෙන් කාවවත් සතුටු කරන්න බැහැ තව දුරටත්. අපි දුෂ්කරතාවයන්ට මුහුණ පායි. ඒත් අපි අළුත් දෙයක් ගොඩනඟනවා. අපේ පැත්තෙ -අපිට අනාගතයක් තියනවා.”

“මට හෙම්බිරිස්සාවක් තියනවා.” ලේ අඩුකමින් දිරාපත් සිරුර වූ යුවතිය කීවාය. “අම්මා ගත්තා වෘත්තීය සමිති ඕඩර් එකක් වැසි කලට පළඳින රබර් ගලාෂ් සපත්තු වලට. ඒත් මගෙ ප්‍රමාණයට හරියන ගලාෂ් පාවහන් තිබ්බෙ නැහැ. අපේ වාරය නැතිව ගියා. අපිට මාස තුනක් බලාගෙන ඉන්න වුනා. ඉතින් මට හෙම්බිරිස්සාව හැදුන.”

“වේරා බොරොදිනාගෙ ප්‍රයිමස් එක පිපුරුවා. එයා අන්ධ වුනා. එයාගෙ මූණ -ඔයාල හිතයි එයා යුද්ධෙට ගිය කෙනෙක් කියලා.”

“මම පුද්ගලික කඩයකින් ‍ගලාෂ් සපත්තු කුට්ටමක් ගත්ත.” කොල්යා ස්මියාට්කින් කීවේ යාන්තමින් වූ ආඩම්බරයකිනි. “හැබැයි දැන් මට බයයි. මම ඉක්මන් වුනාද කියල. මේ සේවකයෝ අඩු කරන එකත් එක්ක …”

“වාවා, මම දර එකතු කරන්න ද ගින්නට? තාමත් …සීතලයි.”

“මේ දවස්වල තියන කරදරය තමයි,” ලිඩියා කීවාය, “අධ්‍යාත්මික පුබුදුවක් නැතිකම. ජනතාවට සරල භක්තිය අමතකව ගිහින්.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: