Sinhala story Blog

දෙසැම්බර් 30, 2010

අපි ජීවත්වන්නෝ -120 සමහර දේවල් කෙනෙකු කොහෙත්ම පාවා දෙන්නෙ නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 12:32 ප.ව.

වසිලි ඉවානොවිච් කාමරයෙන් පිටව ගියේය. වික්ටර් ඔහු පිටුපසින් මුළුතැන්ගෙයට ගියේය. පිටුපසින් එන පියවර හඬ ඇසුනා ද නැද්ද කියා වසිලි කිසිත් අවධානයක් ඊට යොමු නොකළේය. මුළුතැන්ගෙය කළුවර ය. ජනේල් පියන් කැඩී ගොස් ය. ජනේලය මතින් බෝඩ් ලෑලි ගසා වසා තිබුණි. සිහින් හිරු එළි තීරු තුනක් පළුදු පොළවට දීප්තිමත් ඉරි තුනක් හෙළීය. බේසම යටින් වසිලි ඉවානොවිච්ගේ කමිස ගොඩගසා තිබුණි. ඔහු සෙමෙන් නැවී පිත්තල ඇතිලියකට කමිස එබුවේය. ඇතිලිය සීතල වතුරින් පිරවීය. ඔහුගේ විසල් මුෂ්ටිය නිල් පැහැයෙන් වූ සබන් කැටයක් වටා එතිණ. සෙමෙන්, නුහුරු බවින් ඔහු කමිස කොළරයකට සබන් ගෑවේය. ඔවුන් සතු මෙහෙකාරිය ගෙදර යවන ලදි. මරියා පෙට්‍රොව්නා වැඩපළ කරගත නොහැකි තරමට දුර්වල ය.

“තාත්තේ, මොකද ප්‍රශ්නය?” වික්ටර් විමසුවේය.

වසිලි ඉවානොවිච් පිළිතුරු දුන්නේ නොහැරී: “ඔබ එය දන්නවා.”

වික්ටර් විරෝධය පෑවේ බලවත් ඕනෑකමකිනි: “ඇයි තාත්තෙ, මට යාන්තමින් හෝ වැටහෙන්නෙ නැහැ! මොකද මම මොනවා හරි වැරැද්දක් කරලා තියෙනවා ද මෑතක දී?”

“ඔයා අර කෙල්ල දැක්ක ද?”

“කීරා? ඔව්. ඇයි?”

“මම හිතුවේ ඇයව මගේ හදවත වගේ විශ්වාස කරන්න පුළුවන් කියල. ඒත් ඒක ඇයව ගිලගත්තා. අරගලය ඇයව බිලිගත්ත. ඊ ළඟට ඉන්නෙ ඔයා.”

“නමුත්, තාත්තා…..”

“මගේ කාලේ, කාන්තවාගෙ පාරිශුද්ධ බව කාණුවලට ඇදලා දාන්නෙ නැහැ පාරේ යන හැමෝටම දකින්න.”

“නමුත් කීරා….”

“මම පරණ කාලේ වෙන්නැති. මම උපන්නෙ ඒ විදියට. මම මැරෙන්නෙත් ඒ විදියටමයි. ඒත් තරුණ ඔබලා හැමෝම පැහෙන්න කළින් කුණුවෙලා. සමාජවාදය, කොමියුනිස්ට් වාදය, මාක්ස්වාදය, වැදගත්කම යකාට ගියාවේ!”

“ඒත් මම, තාත්තේ….”

“ඔබ …. ඒක ඔයාව වෙන විදියකට බිලිගනියි. මම බලාගෙන ඉන්නෙ ඔයා දිහා. පහුගිය සතිවල දී ඔයාගෙ යාළුවෝ …. ඔයා සාදයකට ගිහින් ආවේ අද අළුයම.”

“පොඩි සාදයකට ඔබ අකැමති වෙන්න බැහැ සහතිකවම?”

“කවුද ආපු අමුත්තො?”

“ලස්සන කෙල්ලො ටිකක්.”

“පැහැදිලිවම. වෙන කවුද?”

වික්ටර් සිය කබායේ අතේ රැඳි දුහුවිල්ලක් ඇඟිලි වලින් ගසා ඉවත් කළේය. “කොමියුනිස්ට්කාරයෙක් දෙන්නෙක්.”

වසිලි ඉවානොවිච් කිසිවක් නොකීය.

“තාත්තෙ, අපි ටිකක් පුළුල් මතවාදී වෙන්න ඕන. ඔවුන් එක්ක ගන්න වොඩ්කා ටිකක් මට කරදරයක් කරන්නෙ නැහැ. ඒක මට ගොඩක් උදව් කරනවා.”

වසිලි ඉවානොවිච්ගේ වදන් අනාගත වක්තෘවරයෙකුගේ මෙන් දැඩි විය. ඔහුගේ අත් යටින් පෙන බුබුළු ගරගර හඬ ගායි: “සමහර දේවල් කෙනෙකු කොහෙත්ම පාවා දෙන්නෙ නැහැ.”

වික්ටර් ප්‍රීතියෙන් සිනහා වී කඩා වැටි ශක්තිමත් දෙවුර වටා සිය අතක් එතීය: “ඔහොම යමු, නාකි මනුස්සයෝ, ඔයාටයි මටයි එකතුවෙලා දේවල් වටහා ගන්නට පුළුවන්. ඔවුන්ට බලය සතු නිසා, අත්දෙක බැඳගෙන බිම වාඩිවෙලා මම යටත් වෙනවාට ඔබ කැමති නැහැ නේද? එයාලගෙ සෙල්ලමේ එයාලවම පරදවන්න -ඒකයි මම කරන්න යන්නෙ. උපායඥානය -අපේ කාලයේ හොඳම දර්ශනයයි.‍ මේ උපායඥානයේ ශතකයයි. ඔබට බැහැ ඒකට විරුද්ධ වෙන්න, බැහැ නේද? නමුත් ඔබ මා දන්නවා. එය මාව අල්ලන්නෙ නැහැ. මාව බිලිගන්නෙ නැහැ. මම තාමත් වැඩියෙන් නම්බුකාර මිනිහෙක්.”

වසිලි ඉවානොවිච් ඔහු වෙත හැරුනේය. බෝඩ් ලෑලි ගැසූ ජනේලයෙන් වැටි එළි තීරුවකින් බිඳක් ඔහු මුහුණේ දිස්විය. මුහුණ අනාගත වක්තෘවරයෙකුගේ මෙන් නොවීය: සුදු වූ ඝන ඇහැ බැමි යටින් වූ දෑස් විඩාබරිත ය, අසරණ ය; සිනාව බයාදු ය. සිනාව ආයාසයකින් ගත්තකි. පිට කළ වදන් ද එසේම විය: “මම දන්නවා පුතේ. මම ඔබව විශ්වාස කරනවා. මම හිතන්නෙ -ඉතින්, ඔබ වඩා හොඳ මොකක් ද කියලා දන්නවානෙ. මේ අමුතු කාලයක්. ඔයා -ඉතින්, අරීනා හා ඔයා විතරයි මට ඉතුරු වෙලා තියෙන්නෙ.”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: