Sinhala story Blog

දෙසැම්බර් 23, 2010

අපි ජීවත්වන්නෝ -117 සාර්ව දෙයියෝ රකිත්වා

Filed under: Uncategorized — sinhalashortstories @ 6:54 ප.ව.

ඔහුගේ තරුණ යහළුවෝ රහසින් අළුත්ම ප්‍රංශ කතන්දර කියද්දී ඔහු ස්පිනෝසා හා නිට්ෂේ උපුටා දැක්වීය. කඨෝර ගතිගුණ තිබූ තම නැන්දාගේ කාන්තා පුණ්‍යාධාර සමිතියේ දැඩි චාරිත්‍රානුකූල හමුවන් වල දී ඔහු ඔස්කා වයිල්ඩ් උපුටා දැක්වීය. සිය පියාගේ සව්සිරියෙන් පිරි යහළුවන් වූ සුදු කෙස් හිමි ස්ලැවෝෆයිල් නොහොත් බටහිර යුරෝපයට එරෙහිව රුසියාව හොඳ යයි කියන්නට වියරු වැටි තානාපතිවරු මධ්‍යයේ ඔහු රුසියාවට වඩා ඉහළින් බටහිර සංස්කෘතිය ඇතැයි කීය. ඔවුන් දකිද්දී ඔහු ආචාර කළේ ගරුසරු නොමැති යැයි සැලකෙන විදේශීය ආශීර්වාදයක් වූ “අලෝ” කියාය.

වරක් පව් සමා කරගන්නට ඔහුව යැවූ විට හේ පාදිලිවරයාට ලැජ්ජා හිතෙන පාපෝච්චාරණ කළේය. ඔහු වයස දහඅටේ දී දැන සිටි දේවල් ගෞරවනීය උතුම් පදවියක් දරන්නා සිය හැත්තෑ වියේ දී නොදත් දේ විය.

සිය පියාගේ කාර්යාල කාමරයේ තිබි සාර්ගේ පින්තූරය මෙන්ම අද්මිරාල්වරයා තුල වූ නොසැලෙන, විචාරයෙන් තොර පක්ෂපාතීබව නුරුස්නා නිසා ඔහු රහසින් තරුණ කැරලිකරුවන්ගේ රහස් හමුවකට සහභාගී වූයේය. එහෙත් රැවුල නොකැපූ තරුණයෙක් මිනිසාගේ සහෝදරත්වය පිළිබඳ කතාවක් පවත්වා ඔහුට “සහෝදරයා” යැයි ඇමතූ විට ලියෝ “සාර්ව දෙයියෝ රකිත්වා” යැයි උරුවන් බා ගෙදර ගියේය.

කාන්තාවකගේ යහනක සිය ප්‍රථම රාත්‍රිය ඔහු ගෙවා දැම්මේ වයස දහසයේ දී ය. දිළිසෙන විසිත්ත කාමරයක ඇය මුණගැසි කල ඔහු නැවී ඇයගේ අතට හාදුවක් දුන්නේ මුහුණ ආචාරශීලී ලෙසින් පමණක් වූ වෙනත් කිසිම ආවේගයක් නොපෙන්වමිනි. ඉහළ තරාතිරමක වූ සුදු කෙස් ඇති ඇයගේ සැමියා ඒ සිත්පිත් නැති, සියල්ල හෙළා දැකි තමා සතු අඹුව විසින් සිහින් සිරුරැති, කළු කොණ්ඩය ඇති තරුණයාට කියා දුන් පාඩම් ගැන නොදත්තේ ය.

තවත් බොහොමයක් සිටියහ. වරක් අද්මිරාල්වරයාට මැදිහත් වන්නට සිද්ධ විය. ඒ තම පුත්‍රයා නැවතත් අරුණෝදයේ සුප්‍රසිද්ධ බැලේ නාට්‍යාංගනාවකගේ මාලිගාවෙන් පිටව යනවා දැක්කොත් තම රැකියාවට ද කරදරයක් සිදුවන්නට ඉඩ ඇති බව මතක් කරනු පිණිස ය. එම බැලේ නාට්‍යාංගනාවගේ නම ඇයගේ රාජකීය අනුග්‍රාහකයාගේ නම සමඟ රහසින් කෙඳුරූ නම් වුණි.

අරගලය හමුවේ අද්මිරාල් කොවැලෙන්ස්කිට හිමි වූයේ අන්ධ ඇස් මත වැටි කළු කණ්ණාඩි සහ කරපටියේ ගසන ලද සාන්ත ජෝර්ජ්ගේ රිබන් පටියකි. අරගලය ලියෝ කොවැලෙන්ස්කිට දායාද කලේ හෙමිහිට පෑ අවඥා සහගත සිනහවක් හා කඩිනම් ගමනක් සමඟ මුළු ජීවිතයේම අතේ ඔසවා ගෙන යන්නට අහිමි වූ කසයකි.
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: