Sinhala story Blog

දෙසැම්බර් 21, 2010

අපි ජීවත්වන්නෝ -116 අණට අවශ්‍ය සිනාව

Filed under: Uncategorized — sinhalashortstories @ 11:17 පෙ.ව.

පෙට්‍රොග්‍රෑඩයේ ලියෝට ඥාතීන් කිසිවෙක් සිටියේ නැත.

ඔහුගේ මව අරගලයට පෙර මිය ගොස් තිබුණි. ඔහු එකම දරුවා විය. නිල් අහස යට ඉතා ඈත වූ කළුවර කැලෑවන් දක්වා පැතිර ගිය තිරිඟු වගාබිම් අසල සිටගත් ඔහුගේ පියා කෙදිනක හෝ මේ වගාබිම් හා කැලෑවන් කළු හිස කෙස් ඇති, කළු දෑස් හිමි තම එකම පුතාගේ දෙපා අසල තබන්නට සිහින මැවීය. පැසුණු තිරිඟු කරල් මත දිළිසෙන සූර්යයාට වඩා ඒ පියාගේ හදවත උණුසුම් විණ.

අද්මිරාල් කොවැලෙන්ස්කි රජගෙදර උත්සව සඳහා සහභාගී වුනේ කලාතුරකිනි. රජමාලිගාවේ පාර්කේ ගැසූ බිමට වඩා නැව තුල පය තැබීම ඔහුට ස්ථිර ය. එහෙත් ඔහු උත්සවයකට සහභාගී වූවොත්, ඔහු අ‍ත අල්ලා ගෙන ඔහු ළඟින් හෙමින් ඇවිදිනා කාන්තාව දිහා සියළු ඇස් විශ්මයෙන්, ආසාවෙන් හා ඊර්ෂ්‍යාවෙන් යොමු විය. ඔහුගේ භාර්යාව ඉපිද තිබුනේ පැරණි රදළ පරම්පරාවක සිටු දියණියක් ලෙස ය. සර්ව සම්පූර්ණ ලෙසින් හැම ඉරක්ම පාහේ ශතක ගණනාවක උරුමයෙන් ඇඳි රූ සපුවක් ඇයට තිබිණ. ඇය මිය ගිය විට අද්මිරාල් කොවැලෙන්ස්කිගේ නළල් තලයට ඉහළින් කොණ්ඩයේ මුල් ම සුදු කොණ්ඩා ගස් පහළ විය. එහෙත් ඉතා ගැඹුරු හද පත්ලේ, හඬ නඟත නොහැකි වදන් වලින්, තම පුත්‍රයා නොව තම බිරිඳ දෙවියන් අසලට ගෙන්වා ගැනීම ගැන ඔහු දෙවියන්ට ස්තූති කළේය.

තම පුත්‍රයාටත් තම නාවික සෙබළුන්ටත් අද්මිරාල් කොවැලෙන්ස්කි කතා කළේ එකම ස්වරයකිනි. සමහරු කිව්වේ ඔහු තම නාවික සෙබළුන්ට අනුකම්පාව දැක්වූවා වැඩිය කියාය. සමහරු කිව්වේ ඔහු තම පුතාට දැඩි වූවා වැඩි යයි කියාය. රුසියන් ‘ලෙව්’ නැමති නම විදේශීය ගුරුවරුන් ‘ලියෝ’ යැයි වෙනස් කරන ලද තම පුත්‍රයාට ඔහු තුල වූයේ ඉමහත් සෙනහසකි. කොල්ලාගේ කළු ආඩම්බර දෑස් ඉදිරියේ යම් පැතුමක ඡායාවක් හෝ වූයේ නම් ඔහු අසරණ වූයේය.

ගුරුවරු, මෙහෙකරුවෝ සහ අමුත්තෝ අද්මිරාල්වරයාගේ කන්තෝරු කාම‍රයේ වූ ඇපලෝගේ ප්‍රතිමාව දිහා බලන්නා සේ ලියෝ දිහා බැලූහ. ඔවුනට දැනුනේ පැරණි ගරුඬ පාෂාණ ප්‍රතිමා දිහා බලද්දී හැඟුණ බලාපොරොත්තු රහිත වූ ගෞරවයම විය. ලියෝ සිනාවක් පෑය. යමක් කරගන්නට ඔහු දුන් අණකට අවශ්‍ය වූයේ ඒ සිනාව පමණි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: