Sinhala story Blog

දෙසැම්බර් 7, 2010

අපි ජීවත්වන්නෝ -110 මොකට ද යන්නෙ?

Filed under: Uncategorized — sinhalashortstories @ 8:53 ප.ව.

කීරා සිවිලිම දෙස බැලුවාය. එය ඈතක පිහිටි සුදු රීදි පැහැතිය. අළු පැහැති සැටින් ජනෙල් තිර තුලින් එළිය වැටී ඇත. ඇය නැඟිට ඇඳ මත වාඩි වූවාය. ඇයගේ ළැම සීතලෙන් දරදඬුය. “මම හිතන්නෙ දැන් හෙට උදාවෙලා කියල” ඇය කීවාය.

ලියෝ නින්දේ පසුවෙයි. ඔහුගේ හිස ඉහළට එසවී ඇත. එක අතක් ඇඳ විට්ටමෙන් එළියට වැටී ඇත. ඇයගේ කකුල් ආවරණ බිම තිබුණි. ඇයගේ ගවුම ඇඳ කකුලක් උඩ ය. ලියෝගේ ඇස් පිහාටු සෙමෙන් සෙලවිණ. ඔහු හිස ඔසවා බලා “සුබ උදෑසනක්, කීරා,” යැයි කීවේය.

ඇය දෙඅත් හිරිකඩා සිය හිස පිටුපස්සෙන් බැඳ ගත්තීය. හිස පිටුපසට දමා, මුහුණට වැටී කේශ කලාපය ඉවත් කර, “මං හිතන්නෑ මගේ පවුලෙ අය කැමති වෙයි කියල. මං හිතන්නෙ එයාල මාව පන්නලා දායි.”

“ඔයා ඉන්න ඕන මෙහෙ.”

“මම යන්න ඕන සමුගෙන එන්න.”

“මොකට ද යන්නෙ?”

“මං මොනවා හරි එයාලට කියන්න ඕනානෙ.”

“එහෙනම් යන්න. ඒත් වැඩි කාලයක් ගන්න එපා. මට ඔයාව මෙහෙට ඕනා.”
*

ඔවුන් උස් හා නිහඬ කුළුනු තුනක් සේ කෑම කාමරයේ මේසය අසල සිටගෙන සිටියහ. ඔවුන්ගේ දෑස් රතු පැහැයෙන් හා ඉදිමීමෙන් රාත්‍රිය නිදි නොමැතිව ගෙවා දැමූ බව කියා පෑය. කීරා දොරට හේත්තු වී, ඔවුන් දෙස බලාගෙන, කිසිත් හැඟීමකින් තොරව ඉවසිලිවන්තව සිටියාය.

“ඉතින්?” ගලීනා පෙට්‍රොව්නා කියයි.

“ඉතින් මොකක් ද?” කීරා අසයි.

“ඔයා අපට ආයෙත් කියන්නෑ ඔයා රාත්‍රිය ගෙව්වෙ අරීනාගෙ ගෙදර කියා.”

“නැහැ.”

ගලීනා පෙට්‍රොව්නා සිය පාට දිය වී ගිය ෆ්ලැනල් නාන ලෝගුවෙන් වැසි දෙවුර කෙළින් කළාය. “මම දන්නෑ ඔයාගෙ මෝඩ අහිංසක වැඩ දුර දිග ගිහින් ද කියලා. ඒත් මිනිස්සු හිතන්නෙ කොහොම ද කියලා ඔයාට තේරුම් ගන්න …”

“සහතිකයෙන්ම. මම එයා එක්ක නිදාගත්ත.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: