Sinhala story Blog

දෙසැම්බර් 6, 2010

අපි ජීවත්වන්නෝ -109 දවස් තුනක් -රෑ තුනක්

Filed under: Uncategorized — sinhalashortstories @ 9:43 පෙ.ව.

හිමයානය පැදවූ රියැදුරාට ලියෝ ලිපිනයක් කීවේය.

“ඒ කොහෙද?” ඇයගේ ප්‍රශ්නය ඔහු නැවත ඇසුවේය. ඔහුගේ තොල් ඇයගේ කබායේ හම් කොළරය මත රැඳුණි. හිමයානය ගැස්සී ඉස්සරහට ඇදී ගියේය. “ඒ මගේ ගෙදර … ඔව්, මට ආපහු ලැබුණ. තාත්තා අත්අඩංගුවට ගත්තට පස්සෙ ඒකට ඔවුන් විසින් සීල් තබා තිබුනෙ.”

“ඔයා කවදද ..”

“අද හවස. මම ගියා විද්‍යායතනයට ඔයාගෙ ලිපිනය ගන්න. ඊට පස්සෙ ගෙදර ගිහින් උදුනෙ ගින්නක් ගැහුවා. නිවස හරියට සොහොනක් වගේ. ගෙදර මාස දෙකක් රස්නෙ කරලා නැහැ. අපි යනකොට උණුසුම් වෙලා තියෙයි.”

රහස් පොලීසියේ රතු මුද්‍රා ඔවුන් ඇතුල් වූ දොරේ විය. මුද්‍රාව කඩා දමා ඇත. ඉටි කැබලි දෙකක් දෙපැත්තේ විය. ඒ මැද්දෙන් හැරි දොරෙන් ඔවුන් ඇතුල් වූහ.
අඳුරු විසිත්ත කාමරයක් මැදින් ඔව්හු පිය නැඟූහ. උදුන ගිනි දැල් නංවමින් දැවෙයි. ඔවුන්ගෙ දෙපතුල් අසල හා ලෑලි පොළවේ වූ කණ්ණාඩියක වැටි ඔවුන්ගේ ඡායාව මතින් රතු එළියක් වැටුණි. නිවස පීරා බලා ඇත. ලෑලි පොළව මත විසි කරන ලද ලියකියවිලි ය. පෙරලා දමන ලද පුටු ය. මැලකයිට් තට්ටු මත පළිඟු මල් පෝච්චි තිබුණි. එයින් එක් පෝච්චියක් බිඳී ගොස් ය. එහි බිඳිති අන්ධකාරයේ බිම මත දිලිසෙයි. රතු එළිය ඇස් ගසමින් ඒ මත නටයි. හරියට රතු ගිනි පුපුරු උදුනෙන් එළියට පැන ඇවිත් සේ ය.

ලියෝගේ නිදන කාම‍රයේ එළියක් පත්තු විණ. කළු අගත්ති උදුනක් මත වූ රිදී වැසුමක් ඇති එක ලාම්පුවකි. උදුනේ වූ නිවී යන ගිනි පුපුරු නිල් දැල්ලකින් වෙව්ලයි. රිදී ඇඳ පොරෝනය මත එයින් දම්පාට දිස්නයක් පතුරුවයි.

ලියෝ තම කබාය ගලවා කොනකට විසි කළේය. ඇයගේ කබායේ බොත්තම් ගලවා එය ඇයගේ සිරුරෙන් ඉවත් කළේය. කිසිම වදනක් පිට නොකර, ඇයගේ ගවුමේ බොත්තම් ද ගැලවීය. ඇය නොසෙල්වී සිටගෙන ඔහුට ඉඩ දුන්නීය.

ඇයගේ නිකට යට වූ කුඩා උණුසුම් කුහරයට ඔහු කෙඳුරුවේය. “වධයක්. බලාගෙන සිටීම. දවස් තුනක් -රෑ තුනක්.”

ඔහු ඇයව ඇඳ හරහා දැම්මේය. දම්පැහැති දිස්නය ඇයගේ සිරුර මැදින් ගැහෙන්නට විය. ඔහු සිය ඇඳුම් ගැලවූයේ නැත. ඔහු එළිය නිවා දැම්මේ ද නැත.
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: