Sinhala story Blog

දෙසැම්බර් 4, 2010

අපි ජීවත්වන්නෝ -108 ඔයා කොහෙන්ද ආවේ?

Filed under: Uncategorized — sinhalashortstories @ 4:16 ප.ව.

හතරවැනි දිනයේ සන්ධ්‍යා සමයේ දී නිවසේ සීනුව නාද විය.

කීරා ඇයගේ දෑස් සැකරින් ටියුබ් වෙතින් මෑත් නොකළාය. සෑම නාදවෙන සීනුවක් ගැන ම කුතුහලය ඇති ලිඩියා දොර අරින්නට ගියාය.

“කීරා ගෙදර ඉන්නවා ද?” යැයි විමසන හඬක් කීරාට ඇසුණි.

සැකරින් ටියුබ් සට සට ගා බිමට පතිත වූයේ පතුරු පතුරු වලට කැඩී බිඳී ගොසින් ය. ඇයගේ අතක් උගුරු දණ්ඩ අසලට යද්දී ඇය දොර වෙත දිව්වාය.

ඔහු සිනහාවක් පෑවේය. තොල් අග අහංකාර ලෙසකට පහළට හැරවුණි. “සුබ සන්ධ්‍යාවක්, කීරා!” ඔහු සංසුන්ව කීවේය.

“සුබ සන්ධ්‍යාවක්, ලියෝ.”

ලිඩියා ඔවුන් දෙදෙනා දෙස දෙනෙත් අයා බලා සිටින්නීය.

කීරා දොර අසල සිටගෙනය. ඇයගේ දෑස්වලට ඔහුගේ දෑස් හසුව තිබේ. ඇයගේ තොල් අප්‍රාණිකය. ගලීනා පෙට්‍රොව්නා සහ ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් සැකරින් ගණන් කිරීම නවතා දමා ඇත.

“ඔබේ කබාය ගේන්න, කීරා, එන්න අපි යමු.”

“හා, ලියෝ,” කීරා කීවාය. ඇය එල්ලා තිබුණු කබාය බිත්තියේ වූ කොක්කෙන් මුදාගත්තේ සිහිනෙන් ඇවිදින්නියක මෙනි.

ලිඩියා අවධානය යොමු කරගන්නට පහත් හඬින් කැස්සාය. ලියෝ ඇය දෙස බැලුවේය. ඔහුගේ බැල්ම ලිඩියාගෙ තොල් මතට උණුසුම් වූ චින්තාපර සිනාවක් ගෙන දුන්නේය. ඒ බැල්ම කාන්තාවන්ට හැම විටම එවැනි ප්‍රතිචාරයක් ඇති කරන්නට සමත් බැල්මකි. ඔහුගේ ඇස්වල වෙනත් යමක් වූයේ නැත. ඔහු කාන්තාවක් දිහා බලද්දී එහි වූයේ තමා පිරිමියෙක් හා ඇය ගැහැණියක් බව කීම හා එය ඔහුගේ මතකයේ ඇති බවත් පමණි.

තමන්ව අඳුන්වා නොදීම නිසා ඇති පසුබෑම මැඬගත් ලිඩියා නිර්භීත උත්සාහයක නිරත වූවාය. නමුත් තම දොරකඩ අබියසට ආ වඩාත්ම කඩවසම් පුරුෂයා දෙස දෙනෙත් අයා සිටි ඇය පටන් ගන්නේ කොහෙන්දැයි නොදත්තාය. අනතුරුව ඇයගේ සිතේ නළියන ප්‍රශ්නය ඇය සුමට නොවූ ලෙසින් පිටතට දැම්මාය; “ඔයා කොහෙන්ද ආවේ?”

“හිරගෙදර සිට,” ලියෝ පිළිතුරු දුන්නේ ආචාරශීලී සිනාවකිනි.

කීරා සිය කබායේ බොත්තම් පියවා අහවරය. ඇයගේ දෑස් ඔහුගේ දෑස් වෙත යොමුව පැවතිණ. ගෙදර අනික් අය අවට සිටිනවා යන්න පිළිබඳ ඇයට කිසිම හැඟීමක් නැත. තමන් සතු අයිතිය කියා පාන්නා සේ ඇයගේ අතින් ඔහු අල්ලා ගත්තේය. දෙදෙනා පිටත්ව ගියහ.

“හාපොයි, කිසිම හැදියාවක් නැති…” ගලීනා පෙට්‍රොව්නා උඩ පැන නැඟිට, විස්මයෙන් හුස්ම ගනිද්දී, දොර වැසුණි.
*

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. hi Sri lankan friends
    ඔබ සම ලන්කවෙ ෆෙස්බුක් වෙත අරදනා කරමු.
    lankawe ayata pamanai
    http://www.teenlanka.net

    ප්‍රතිචාර විසින් chamikara — දෙසැම්බර් 5, 2010 @ 8:53 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: