Sinhala story Blog

නොවැම්බර් 29, 2010

අපි ජීවත්වන්නෝ -104 ගොරොඛෝවේයා 2

Filed under: Uncategorized — sinhalashortstories @ 7:35 පෙ.ව.

“අරගල විරෝධී ඌරුමීයෝ දාහතක් රටෙන් පැනලා යන්න හැදුවා, ටිමොෂෙන්කෝ සහෝදරයා,” මාමිනියෙක් කීවේය.

ටිමොෂෙන්කෝ සහෝදරයා කෙකර ගෑවේය. මොළවා ගත් මිටත ඔහුගේ ඉරි වැටි ජර්සියේ මස්පිඬු මත තට්ටු විය. “පැනලා යන්න ඇහැකි වෙයි කියලා හිතුව ද, හාහ්? -රතු බාල්ට් නාවික බළ ඇණියේ ස්ටීවන් ටිමොෂෙන්කෝ වෙතින් පැනලා යන්න?”

කපිතාන්වරයා සිය සපත්තු දිහා බලාගෙන ය.

“ඔබලාගේ තුවක්කු හා ඇස් සූදානමින් තියාගන්න,” ‍ටිමොෂෙන්කෝ සහෝදරයා කීවේය. “මොකක් හරි පටන් ගත්තොත් -බඩවල් ඇරිලා යන්න වෙඩි තියන්න.”
ඔහු මීදුම දිහා බලා විරිත්තුවේය. ඔහුගේ දත් බැබළීය. ඔහුගේ හිරු රැස් වැටී පැහැපත් වූ බෙල්ල සීතලට විවෘත වී තිබිය දී ඔහු පා ඉදිරියට තබා උරුහන් බාමින් පිටත් ව ගියේය.

නෞව්කා දෙක නැවත ගමන් ආරම්භ කරද්දී ටිමොෂෙන්කෝ සහෝදරයා ආපසු ආවේය. වතුර වැටි, දිලිසෙන නැවේ එක් රොක් වූ සිරකරුවන් රැසක් හා වූ ලියෝ හා කීරා පසුකර ගෙන ගියේය. නැවතී ඔවුන් දෙස තත්පරයක් බැල්ම හෙළීය. පැහැදිලි නොවූ මුහුණු ස්වභාවයක් ඔහුගේ කළු රවුම් ඇස්වල පැතිර තිබුණි. ඔවුන් පසුකර ගෙන ගිය ඔහු නැවත ආපසු හැරී ආවේය. “මේ කෙල්ල ප්‍රශ්නයක් නැහැ. ඔහු ඇයව ‍බලහත්කාරයෙන් අරන් ඇවිත්” යැයි මහපටැඟිල්ලෙන් කීරාව දක්වමින් කිසිවෙක් දිහා නොබලා ඔහු හයියෙන් කීවේය.

“ඒත්, මම ඔයාට කියන්නෙ …” කීරා පටන් ගත්තීය.

“ඔබේ ගණිකාව නිහඬ කරගන්න,” ටිමොෂෙන්කෝ සෙමෙන් කීවේය. ඔහු හා ලියෝ අතර හුවමාරු වූ බැල්මේ යම් එකඟතාවයක් වූ බව පෙනුණි.

අපරිමිත මිදුණ අහස්තලයක පැතිර ගිය දිගු, එක පේළියක වූ නිවෙස් වලින් සෑදුනා සේ පෙට්‍රොග්‍රෑඩයේ ක්ෂිතිජය දිස්විය. සාන්ත අයිසැක්ගේ දෙව්මැදුරේ ශිඛර ගෝලාර්ධය පෙනුනේ දෙකට පලන ලද පිපිහළු රත්තරන් බෝලයක් සේ ය, විඩාපත් සඳමඬලක් දුම් නඟන චිමිනි අතරින් බැස යන සේ ය.

ලියෝ සහ කීරා එතූ කඹගොඩක් මත වාඩි වී සිටියහ. ඔවුනට පිටුපසින් කුරුලෑ කැලැල් පිරි මුහුණකින් යුතු මාමිනියෙක් සිගරැට්ටුවක් උරයි. ඔහුගේ අතක් රැඳියේ තුවක්කුව මත ය.

මාමිනියා ඉවත්ව ගිය බව ඔවුනට නොඇසුණි. ස්ටීවන් ටිමොෂෙන්කෝ ඔවුන් අසලට ආවේය. ඔහු කීරා දෙස බලා රහසින් කියුවේය:

“අපි ගොඩබිමට ගියාම -ට්‍රක් රථයක් තියෙයි අපි එනකන් බලාගෙන. කොල්ලොන්ට කාර්යබහුල වෙයි. මට හිතෙනවා ඔවුන් අනිත් පැත්ත හැරිලා ඉඳියි කියල. එහෙම එයාල ඉන්න කොට – ඔබ යන්න පටන් ගන්න – ඊට පස්සේ නොනැවතී යන්න.”

“නැහැ,” කීරා කියුවේය, “මා ඉන්නවා මෙයා එක්ක.”

“කීරා! ඔයා …”

“ශාපලත් පුංචි මෝඩියෙක් වෙන්න එපා. ඔයාට ඔහුට උපකාර වෙන්න බැහැ.”

“ඔහුගෙන් කිසිම පාපෝච්චාරණයක් ගන්න බැහැ – මා නිසා.”

ටිමොෂෙන්කෝ කෙකර ගෑවේය: “ඔහුට පාපෝච්චාරණය කරන්න දෙයක් නැහැ. ඒ වගේම මම කැමති නැහැ පුංචි ළමයි තමන් කිසිත් නොදන්න ශාපයක පටලැවිලා ඉන්න එකට. අපි ට්‍රක් රථයට ළඟා වෙද්දි ඇය ඉවත්ව ගොස් ඇති බවට වගබලා ගන්න, පුරවැසියෙනි.”

කීරා කළු රවුම් ඇස් දිහා බැලුවාය. ඒ ඇස් ඇය වෙත ළංවීය. සුදු දත් දෙපළ මැදින් වදන් පිටවූයේ රහසෙන් පිඹින විලසකට ය. “එක් කෙනෙක් පිට කරගන්න ලේසියි -දෙන්නෙක්ට වඩා- රහස් පොලීසියෙන් පිටට. මම හවස හතරට විතර එතැන ඉඳීවි. ඇවිත් ස්ටීවන් ටිමොෂෙන්කෝව අහන්න. සමහර විට මට ඔයාට මොනවා හරි තොරතුරක් දෙන්න ‍තියේවි. කවුරුත් ඔයාට කරදරයක් කරන්නෙ නැහැ. ගොරොඛෝවේයා 2.”

ඔහු පිළිතුරක් ලැබෙනා තෙක් සිටියේ නැත. ඔහු ඉවතට ඇවිද යන ගමන් කුරුලෑ කැලැල් මුහුණින් යුතු මාමිනියා සිරකරුවන් තනියම දමා ඉවතට ගියා යැයි ඔහුගේ හොක්කට අතුල්පාරක් දී ගියේය.

“ඔයාට මට තවත් අමාරු කරවන්න ද ඕන? ඔයා යන්න ඕන. ඒ වගේම ගොරොඛෝවේයා 2 පළාතේ යන්න එපා.”

කුඹ ගස අසලට නිවෙස් පැමිණෙද්දී ඔහු ඇයට හාදුවක් දීය. ඇයගේ තොල් ඔහුගේ තොල් වෙතින් ඉවත් කර ගැනීම දුෂ්කර විය. හරියට සීතලට මිදුණ වීදුරුවකින් ගලවා ගත නොහැකි සේ විය.

“කීරා, මොකක් ද ඔයාගෙ නම?” ඔහු රහසින් ඇසුවේය.

“කීරා ආර්ගු‍නෝවා. ඔයාගෙ?”

“ලියෝ කොවැලෙන්ස්කි.”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: