Sinhala story Blog

නොවැම්බර් 14, 2010

අපි ජීවත්වන්නෝ -100 අනිත් බෝට්ටුව අතුරුදහන්

Filed under: Uncategorized — sinhalashortstories @ 1:08 ප.ව.

කුටියේ වූයේ ඇඳක් පමණි. තැන තැන කැඩී ගිය, තීන්ත නොගෑ දෙපැත්තේ වූ බිත්ති හා ඇඳ අතර කුඩා හිඩැස් දෙකක් විය. එක කොණක ලෑල්ලක් මේසයක් සේ රැඳ වී තිබිණ. දුමාරයට කළු වූ ලාම්පුවක් මේසයට උඩින් එල්ලා තිබිණ. එයින් කහ පැහැති වේවලන මඳ එළියක් විහිදුණි. බිම හෙමිහිට ඉහළට පහළට යයි. හරියට ආශ්වාස ප්‍රාශ්වාස කරන්නා සේ ය. නැවේ පිටත බලන කුඩා කවුළුවට උඩින් පියනක් ගසා අගුල් දමා තිබුණි.

ලියෝ දොර වසා දමා “ඔයාගෙ කබාය ගලවන්න,” යැයි කීවේය.

ඇය අවනත වූවාය. ඔහු තම කබාය ගලවා දමා ‍කැප් ‍තොප්පිය ද ඉවත් කර මේසය මත දැමුවේය. අත් හා උරහිස් තදින් හිර වූ ඝන කළු ජර්සියක් ඔහු හැඳ සිටියේය. හිම කබා නොමැතිව එකිනෙකා දැකි ප්‍රථම වතාව එය විය. වස්ත්‍ර සියල්ල උනා දැමූ සේයාවක් ඇයට දැනුණි. ඇය මඳක් ඉවතට ගියාය.

කුටිය ඉතා කුඩා ය. ඇය වටා වූ වායුව ද ඔහුගේ කොටසක් යැයි ඇයට හැඟුණි. පසු පස්සට ගිය ඇය මේසය තිබූ කොණට ගියාය.

ඔහු ඇයගේ සිහින් සිරුරට නොගැ‍ලපෙන ලෙස විශාල වූ ඇයගේ බර ලොම් සපත්තු දිහා බැලීය. ඇය ඔහුගේ දෑස් යොමු වූ පැත්තට සිය නෙත් ද යොමු කළාය. සපත්තු ගලවා දැමූ ඇය එය කාමරයේ අනිත් පැත්තට විසි කළාය.
ඔහු ඇඳ මත වාඩිවූයේය. ඇය මේසය අසල වාඩි වූවාය. හිර කළු කපු ආවරණ‍ පැළඳි කකුල් මේසය යටින් හංගා ගත්තීය. ඇයගේ අත් දෙක සිරුර දෙපැත්තේ හිර විය. උරහිස් කුදු වී තිබුණි. ඇයගේ මුළු සිරුර ම කිටි කිටියේ ගුලි ගැසී තිබුනේ සීතලෙන් ඇකිලෙන්නා සේ ය. අඩ අඳුරේ ඇයගේ විවෘත සුදු කොළර ත්‍රිකෝණය යාන්තමට දිළිසුණි.

“බර්ලින් ඉන්න මගේ නැන්දා මාත් එක්ක වෛරයි. ඒත් එයා මගේ තාත්තට ආදරය කළා. ම‍ගේ තාත්තා … ජීවතුන් අතර නැහැ.” ලියෝ කීවේය.

“ඔයාගෙ සපත්තු වලින් හිම හලා දාන්න ලියෝ. හිම දියවෙලා පොළවට වැටෙනවා.”

“ඔයා නිසා නොවේ නම්, මම බෝට්ටුවක් ගන්නේ මීට දවස් තුනකට කළියෙන්. ඒත් ඔයාව නොදැක යන්න හිත ඉඩ දුන්නෙ නැහැ. ඒ නිසා මං මේක ගන්න හිටිය. අනිත් බෝට්ටුව අතුරුදහන්. නැව්බත් වුනා ද අහුවුනා ද කියලා කවුරුත් දන්නෑ. එයාල ජර්මනියට ගියෙ නැහැ. සමහර විට ඔයා මගේ ජීවිතය බේරා දෙන්නැති.”

ගැඹුරු ගෙරවිල්ලක් ඇසුණි. ලෑලි හඬ නඟා කීරි ගාන්නට විය. ලන්තෑරුමේ එළිය වැනෙමින් දුමාරයෙන් වැසි වීදුරුවේ තෙරපුණි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: