Sinhala story Blog

නොවැම්බර් 11, 2010

අපි ජීවත්වන්නෝ -99 මගේ කුටිය ඉඩ ඇති

Filed under: Uncategorized — sinhalashortstories @ 11:03 පෙ.ව.

ඔහු ඇයගේ අතින් අල්ලා ගත්තේය. වැට ළඟින් ඇවිද ගිය ඔව්හු ලී පදිකවේදිකාවක් මත ගමන් කළහ. කොහේදෝ බල්ලෙක් උඩුබුරැලීය. කොළ නැති ගසක් සුළඟේ උරුවන් බෑවේය.

ඔව්හු පදිකවේදකාව පසු කළහ. විලුඹ තෙක් හිම පැතිරුණි. ඔවුන් විවෘත පිට්ටනියක් මැදින් පතුලක් නොමැති අන්ධකාරයක් කරා ගමන් කළහ.

ඇය ගමන් කළේ නිහඬ නියත බවකිනි. අනිවාර්යයෙන් විය යුත්තක් ඉදිරියේ කෙනෙකු හැසිරෙන විලසට ය. ඔහු ඇයගේ අතින් අල්ලා ගෙන ගියේය. ඔවුනට පිටුපසින් නගරයේ රතු දීප්තිය අහස් කුසට ප්‍රාශ්වාස කළේය. ඔවුනට ඉදිරියෙන් අහස පොළවට නැවුනේය, නොහොත් පොළව අහස් කුසට නැඟ්ඟේය. ඔවුන්ගේ සිරුරු පැති දෙක දෙපැත්තකට වෙන් ක‍ළහ.

හිම ඔවුන්ගේ බත්කෙණ්ඩ දක්වා පැතිරුණි. ඔවුන් වෙත සුළඟ හැමීය. ඉදිරියට නැමී ඔවුන් ඇවිද්දහ. ඔවුන්ගේ කබා මන්දමාරුතයක් හා සටන් වදිනා රුවල් සේ වැනිණ. ඔවුන්ගේ කම්මුල් හා හම සීතලෙන් ඇදුම් කන්නට විය.

හිමෙන් ඔබ්බෙහි වූයේ ලෝකයයි. හිමෙන් ඔබ්බෙහි වූයේ ඔවුන් පිටුපසින් වූ රට ගෞරවයෙන්, චින්තාපරව, දුක්ඛිතව නැමී ආචාර කරන නිෂ්පත්තියයි: පිටරට. හිමෙන් ඔබ්බෙහි ජීවිතය පටන් ගැනුණි.

ඔවුන් ගමන නතර කරද්දී හිම වැටීම ද එකවරම නතර වුණි. ක්ෂිතිජයක් නොපෙනෙන, අහසක් නොපෙනෙන කළු හිස්බවකට ඔවුන් දෑස් යොමු කළහ. ඔවුන් සිටි ස්ථානයට ඉතා ඈත පහළකින් යම් ලතාවකට බාල්දියකින් වක්කරනා සේ වතුර කැළ‍තෙන සද්දයක් ඇසුණි. “නිහඬව ඉන්න,” ලියෝ රහසින් කීය.
කාගේ දෝ අඩි පියවර සටහන් මනිමින් ඔහු පටු, ලිස්සන බෑවුමක ඇයව එක්කා ගෙන ගියේය. හිස් අවකාශයේ ඇයට අපැහැදිලි ඡායාවක් යාන්තම් දකින්නට ලැබුණි. කුඹ ගසක් ද, දැල් වී නිවීයන ගිනිකූරකින් කුඩා ගිනි පුපුරක් විහිද යෑම ද ‍දකින්නට ලැබුණි.

නැවේ ආලෝකයක් නොවීය. ලියෝගේ මුහුණේ විදුලි පන්දම් පහරක් වැදී, එය ඔහුගේ උරහිස ලෙව කා, ඇය මතට වැටී නොපෙනී යනතෙක් ඔවුන් ඉදිරියේ ස්ථුල පුද්ගලයෙක් සිටිනා බව ඔවුන් දැක්කේ නැත. කළු රැවුලක් හා අතක තුවක්කුවක් ඇති බව ඇය දුටුවාය. ඒත් තුවක්කුව පහතට හැරී තිබුණි.
ලියෝගේ අත සාක්කුවේ කොළ පොඩි වෙන හඬකින් පසුව මිනිසා වෙතට මාරු විය. “තවත් එක ගාස්තුවක්,” ලියෝ රහසින් කීය. “මේ කෙල්ල මාත් එක්ක යනවා.”

“අපිට කුටි ඉතුරු වෙලා නැහැ.”

“ඒකට කමක් නැහැ. මගේ කුටිය ඉඩ ඇති.”

සුමුදු ලෙසින් පැද්දෙන ලෑලි මතට ඔවුන් පා තැබූහ. නොපෙනෙන තැනකින් නැඟිටි තවත් රුවක් ඔවුන්ව දොරක් කරා ගෙන ගියහ. නැව ඇතුලට යන දොර කවුළුවෙන් පහළට බහින්නට ලියෝ කීරාට උදව් කළේය. පහළ තට්ටුවේ ආලෝකයක් හා රහසිගත සෙවනැලි දකින්නට තිබුණි. ‍සාන්ත ජෝර්ජ්ගේ කුරුසයක් පපුවේ පැළඳි කොටට කැපූ රැවුලකින් යුත් පුරුෂයෙක් ඔවුන් දෙස නිහඬව බැලීය. දොර අසල වූ, පැහැය මැකී ගිය බ්රොරකේඩ් කබායක් ගත දවටා ගත් කාන්තාවක් ඔවුන් දෙස බියෙන් බැලුවාය. ඇය අත් දෙකෙන් කුඩා ලී පෙට්ටියක් අල්ලා ගෙන සිටියාය. ඇයගේ දෑත් වෙව්ලීය.

දොරක් ඇර හිසින් එහි ඇතුලට යන ලෙස මඟපෙන්වන්නා ඉඟි කළේය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: