Sinhala story Blog

නොවැම්බර් 8, 2010

අපි ජීවත්වන්නෝ -97 කීරා, මම යන්න යනවා

Filed under: Uncategorized — sinhalashortstories @ 6:54 ප.ව.

හිස් මන්දිරයේ තරප්පු පෙල මත ලියෝ හිටගෙන සිටියේය. කීරාගේ ඉක්මන් අඩි සද්දය ඇහෙද්දී ඔහු සිය අත් පොකැට්ටුවල රඳවා ගෙන නොසෙල් වී සිටියේය.
ඇය ඔහු අසලට විත් ඔවුන්ගේ දෑස් මුණගැහෙද්දී චුම්භනයකට වඩා වැඩි බැල්මක් දෙදෙනාගේ දෙනෙත් හි දිස්වුණි. ඉක්බිතිව ඔහුගේ දෑත් ඇයව තදින් ග්‍රහණය කළේය. එහි වූයේ ප්‍රචණ්ඩත්වයකින් හා වෛරයකින් පිරි, දෙදෙනාගේ කබායන් කීතු කීතු යන්නට අඹරන්නට වැනි වූ වූවමනාවකි.

“කීරා…” ඔහු ඇමතීය.

ඔහුගේ කටහඬ අමුතු, කැළඹුමක් ගෙනහැර පෑය. ඇය ඔහුගේ කැප් තොප්පිය ඉවත් කළාය. පාදවල ඇඟිලි තුඩින් ඉස්සී ඔහුගේ තොල් කරා ළං වන්නටත්, ඇයගේ අතැඟිලි ඔහුගේ කොණ්ඩයේ රඳවන්නටත් වූවාය.

“කීරා, මම යන්න යනවා.” ඔහු කීවේය.

ඇය ඔහු දෙස බැලුවාය. නිහඬව, උරහිසකට ඇල කර ඔළුව නවා බැලුවාය. ඇයගේ ඇස්වල වැටහීමකින් ‍තොර ප්‍රශ්නයක් රැඳුණි.

“මම අද රෑට යනවා. හැමදාටම. ජර්මනියට.”

“ලියෝ..” ඇය කීවාය. ඇයගේ ඇස් විසල් ය. එහෙත් ඒ තැති ගැන්මකින් නොවේ.

හැම වචනයක්ම හපා කන ලෙසකින් ඔහු පිට කළේය. වෛරය හා බලාපොරොත්තු ශුන්‍ය බව පිට වූයේ වචනවල සද්දයෙන් මිස වචනවල අදහසින් නොවන සේ ය. “මම නීතියෙන් පලායන්නෙක්. අරගල විරෝධියෙක්. රුසියාවෙන් පැනගන්න ඕන එයාල මාව අල්ල ගන්න කළින්. බර්ලින් වල ඉන්න මගේ නැන්දා එවපු සල්ලි මට දැනුයි ලැබුනෙ. ඒකටයි මං මේච්චර දවසක් හිටියෙ. ඔවුන් ඒක මට හොරෙන් ගෙනැත් දුන්න.”

“බෝට්ටුව අද රෑට ද පිටත් වෙන්නෙ?”

“ඔව්. හොර බඩු බෝට්ටුවක්. මේ වෘක උගුලෙන් එයාල මිනිස් මස් හොරෙන් පිටකරනවා. බලාපොරොත්තු සුන් වෙච්ච මගේ වගේ ජීවිත. අපිව අල්ලා ගත්තෙ නැත්නම් – අපි ජර්මනියට පා තබයි. අපිව අල්ලා ගත්තොත් -එතකොට, මං හිතන්නෙ නෑ ඒක හැමෝටම මරණ දඬුවමක් කියලා. ඒත් මං කවදාවත් අහලා නෑ ඉතිරි වෙච්ච අයෙක් ගැන.”

“ලියෝ, ඔයාට මාව දාලා යන්න බෑ.”

ඔහු ඇය දිහා බැලුවේ සෙනෙහසට වඩා ව්‍යක්ත වූ වෛරයකිනි. “සමහර වෙලාවට මට හිතෙනවා මං ප්‍රාර්ථනා කරන්නෙ එයාල බෝට්ටුව අල්ලා ගෙන මාව ආපහු ගෙනෙයි කියල.”

“මාත් එනවා ඔයත් එක්ක යන්න ලියෝ.”

ඔහු තැති නොගත්තේ ය. “ඔයා දන්නවා ද ඔයා ගන්න අවදානමේ බරපතලකම?” ඔහු ඇසුවේය.

“ඔව්.”

“අපි ජර්මනියට ළඟා නොවුනොත් ඔයාගෙ ජීවිතය අනතුරේ, සමහර විට අපි ළඟා වුනත් එහෙමයි, ඒ බව දන්නවා ද?”

“ඔව්.”

“බෝට්ටුව තව පැයකින් පිටත් වෙනවා. දුරක තියෙන්නෙ. අපි දැන්ම පිටත් වෙන්න ඕන. බඩු ගෙනියන්න වෙලාවක් නැහැ.”

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. හොඳයි ..

    ප්‍රතිචාර විසින් Nadun Dissanayake — නොවැම්බර් 9, 2010 @ 4:35 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: