Sinhala story Blog

නොවැම්බර් 3, 2010

අපි ජීවත්වන්නෝ -94 අව්‍යාජ ජර්මන් සැකරින්

Filed under: Uncategorized — sinhalashortstories @ 3:14 ප.ව.

IX
“ආර්ගුනෝවාගේ නාවුක සබන්” අසාර්ථක ය.

රැවුල් නොබෑ පොත් තබන්නා බෙල්ල කසා, කිසිත් ප්‍රතිපත්ති නැති ධනවත් පංතියේ තරඟය ගැන යමක් කොඳුරා, විකුණන ලද සබන් කෑලි තුනේ මුදල් ද රැගෙන අතුරුදහන් විය.

ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් වෙත ඉතිරි වුනේ සබන් පිරි බන්දේසියක් හා දැඩි ලෙස සුන් වූ බලාපොරොත්තු ය.

ගලීනා පෙට්‍රොව්නාගේ දහිරිය ඔවුන්ගේ ඊ ළඟ ව්‍යාපාරය සොයා ගන්නා ලදි.

ඔවුන්ගේ නව අනුග්‍රාහකයා වූයේ කළු ඇස්ට්‍රඛාන් තොප්පියක් හා උස් වූ ඇස්ට්‍රඛාන් කොලරයක් පැළඳි අයෙකි. තරප්පු පඩි පෙළ හතරක් උඩට නැඟි ඔහු හති දැම්මේ ය. ගැඹුරු සාක්කුවකින් එළියට ඇදගත් ඝන මුදල් රෝලකින් නෝට්ටු කිහිපයක් ඇද, ඇඟිලි වලට කෙළ ගසමින් ගණන් කළ ඔහු නිතර සිටියේ දුවන්න බලාගෙන ය.

“වර්ග දෙකක්,” ඔහු පැහැදීය, “වීදුරු බටවලට කැට දාන්න. පෙට්ටි වලට පෙති දාන්න. මම බඩු ගෙනැත් දෙන්නම්. ඔබ අඩුක් කරන්න. මතක තියාගන්න, සීයක් යයි ලේබල් ගසා ඇති පෙට්ටියට ඔබ දැමිය යුත්තේ පෙති අසූහතක් පමණයි. සැකරින් වලට ලොකු අනාගතයක් තියෙනවා.”

ඇස්ට්‍රඛාන් තොප්පිය පැළඳි වැදගතාට ඔහුගේ බඩු අඩුක් කරන පවුල් වලින් සමන්විත වූ විශාල සේවක පිරිසක් සිටියහ. පාරේ ඔහුගේ බඩු විකුණන්නට බන්දේසි රැගත් වෙළෙන්ඳෝ රැසක් සිටියහ. ඈත බර්ලිනයෙන් සැකරින් ගෙනෙනා හොරබඩු සපයන දාමයක් විය.

ඔළු හතරක් ආර්ගුනෝවා කෑම කාමරයේ එකම පහන් දැල්ල වෙත නැඹුරු ව පැවතිණ. අත් අටක් පරිස්සමෙන් ගණන් කරති. එකම ආකාරයකින්, බලාපොරොත්තු සුන් වූ සිතින්, ප්‍රභා සම්පන්න විදේශීය ටින් පෙට්ටියකින් සෑම වීදුරු බටයකටම කැට හයක් දැමූහ. සෑම සුදු කුඩා පෙට්ටියකටම පෙති අසූහතක් දැමූහ. පෙට්ටි ආවේ ලොකු කඩදාසි ලෙසට ය. ඒවා කපා නවා පෙට්ටි සෑදිය යුතු විය. ජර්මන් බසින් “අව්‍යාජ ජර්මන් සැකරින්” යයි කොළ පැහැති අකුරින් එහි සටහන් වුණි. කඩදාසියේ අනිත් පැත්තේ දීප්තිමත් පාට වලින් පැරණි රුසියන් දැන්වීම් දැක්වුණි.

“සමාවෙන්න, ඔයාගෙ පාඩම් කටයුතු ගැන දුකයි කීරා,” ගලීනා පෙට්‍රොව්නා කියුවාය, “ඒත් ඔයා උදව් කරන්න ඕන. කන්න එපායෑ ඔයත්.”

එදින සවස් කාලයේ පහන් දැල්ල වටා වූයේ හිස් තුනක් හා අත් හයකි.

ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් හිම ඉවත් කිරීම සඳහා කැඳවා තිබුණි. හිම කුණාටු හමා පෙට්‍රොග්‍රෑඩයේ පදිකවේදිකාවල හිම තට්ටු ඝනට වැටී ඇත. පුද්ගලික ව්‍යාපාරිකයෝ හා රැකියා නැති ධනවතුන් හිම ඉවත් කරන්නට කැඳවා තිබුණි. හිමිදිරි පාන්දර සේවය සඳහා වාර්තා කරන්නට ඔවුනට නියම විය. ඔව්හු මිදුණු හිම මත පහත් හඬින් අමනාපය ප්‍රකාශ කරමින් නැවුනහ. නිල් නැහැයන් මතට වාශ්ප ගලා එයි. පරණ වූල් අත්වැසුම් වලින් ඉස්කෝප්පයන් අල්ලා ගත්හ. අත්වැසුම්වල පටු විවරයෙන් රතු පැහැති හම දකින්නට හැකිය. ඔවුන් නැවෙමින් අමනාපය මුමුණමින් හිම ඉවත් කළහ. ඉස්කෝප්ප සුදු තාප්පවල විඩාබරව ගැටෙයි. ඔවුනට ඉස්කෝප්ප ලැබුන ද වේතනයක් නොලැබුණි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: