Sinhala story Blog

නොවැම්බර් 2, 2010

අපි ජීවත්වන්නෝ -93 මට එහෙම කරන්න බැහැ, කැප්ටන් කාර්සැවින්

Filed under: Uncategorized — sinhalashortstories @ 12:56 ප.ව.

ඉක්බිතිව අන්ද්‍රෙ ඇවිද්දේ ඉතාමත් ප්‍රවේශමිනි. තමා සතු බරත් සමඟ ඇද වැටෙන්න තමනට ඉඩදිය නොහැකි නිසා ය. තම පිටට බර දී යාන්තමින් ගැහෙන හදවතේ ස්පන්දනයට ඔහු අවධානයෙන් සිටියේය.

මීදුම පළා ගොස්, රත්තරන් දියර බවට හැරෙනා සේ නොව පිළිස්සී ගිය වායුවකට එක්වෙන ලෙසකින් අහස දැවැන්ත උදුනක් සේ දැවෙයි. රත්තරන්වලට පසුබිමින් ඈත ගමක ගොඩ ගසන ලද කළු පෙට්ටි ගොඩකි. පෙට්ටි ගොඩ මැදින් අහස දෙසට උස් වූ දිගු පොල්ලකි. රාත්‍රියේ දී කවුරු හෝ සෝදා පිරිසිදු කළා සේ එය කොළ පාටෙන් හා නැවුම් බවෙන් යුතු ය. පොල්ලේ කොඩියක් ලෙල දෙයි. පායා එන හිරු වෙත කළු තටු ගහන ආකාරයකින් කොඩිය සෙලවෙයි. අන්ද්‍රෙගේ ඇස් හා ඔහු උරහිස මත රැඳි කඳුළු නොමැති දෑස් එකම ප්‍රශ්නයක් නිරාකරණයට කොඩිය වෙත රැඳිණ. එහෙත් ඔවුන් තවමත් ඉන්නේ ඈතක ය.

කොඩියේ පාට ඔවුනට හඳුනාගත හැකි වූ විට අන්ද්‍රෙ නැවතුණි. ප්‍රවේසමින් මිනිසාව බිම තිබ්බේ ය. කොඩිය වෙතට ආශීර්වාදයෙන් අත් දිගු කළේය. කොඩිය රතු පාට විය.

“මාව මෙතැනින් තියා යන්න,” මිනිහා අමුතු ස්වරයකින් කීවේය.

“බයවෙන්න එපා,” අන්ද්‍රෙ කීවේය, “අපි හා සටන් කරන සොල්දාදුවන්ට අපි දරුණුව සලකන්නෙ නැහැ.”

“නැහැ,” මිනිසා කීවේය, “සොල්දාදුවොන්ට නැහැ.”

මිනිසාගේ බඳ පටියේ ඉරුණු කබා අතකි. කබා අතේ එල්ලෙමින් ඇත්තේ කපිතාන්වරයකුගේ පදක්කමකි.

“ඔබට අනුකම්පාවක් ඇත්නම්,” මිනිසා කීවේය, “මාව මෙතැනින් තියා යන්න.”

එහෙත් අන්ද්‍රෙ මිනිසාගේ ඇලෙන කොණ්ඩය නලල මතින් ඉවතට පිහිදා දැම්මේය. ඡායාරූපයකින් දැක තිබූ තරුණ, අපරාජිත මුහුණ දෙස මුල් වතාවට අවධානයෙන් බැලීය.

“බැහැ,” අන්ද්‍රෙ කීවේ හෙමිහිට ය, “මට එහෙම කරන්න බැහැ, කැප්ටන් කාර්සැවින්.”

“මම මෙතැන දී මරණයට පත්වන බව විශ්වාසයි,” කැප්ටන්වරයා කීවේය.

“ඔබ වගේ විරුද්ධවාදියෙක් එක්ක කෙනෙක් ඒ අවදානම ගන්නෙ නැහැ,” අන්ද්‍රෙ කීවේය.

“නැහැ,” කැප්ටන්වරයා කීවේය, “කෙනෙක් ගන්නෙ නැහැ.”

එක අතකින් රුකුල් දී ඔහු තමාව හිඳවා ගති. පිටුපසට දැමූ ඔහුගේ නලල ඉතා සුදු පැහැති ය. ඔහු බලා සිටින්නේ නැඟ එන හිරු දිහා ය.

“මම කුඩා කාලයේ දී මට හැම විටම හිරු පායන හැටි බලන්න ඕනා වුනා. ඒත් මගෙ අම්මා මට උදේ පාන්දර එළියට යන්න දුන්නෙ නැහැ. මට හෙම්බිරිස්සාවක් හැදෙයි කියල ඇය බියවුනා.”

“ඔබ මඳක් විවේක ගන්නා තෙක් ඉන්නම්,” අන්ද්‍රෙ කියා සිටියේය.

“ඔබට අනුකම්පාවක් තියේ නම්,” කැප්ටන් කාර්සැවින් කීවේය, “ඔබ මට වෙඩි තියාවි.”

“බැහැ,” අන්ද්‍රෙ කීවේය, “මට බැහැ.”

එවිට දෙදෙනාම නිහඬතාවය රැක්කහ.

“ඔබ පිරිමියෙක් ද?” කැප්ටන් කාර්සැවින් ඇසුවේ ය.

“මොකක් ද ඔබට උවමනා?” අන්ද්‍රෙ ඇසුවේ ය.

“ඔබගේ අවිය.” කැප්ටන්වරයා කීය.

අඳුරු වූ, සංසුන් වූ ඇස් දිහා අන්ද්‍රෙ එක එල්ලේ බලා සිය අත දිගු කළේය. කැප්ටන්වරයා අතට අත දුන්නේ ය. තම අත කැප්ටන්වරයාගේ අතින් මුදා ගත් අන්ද්‍රෙ සිය අවිය ඔහුගේ අතේ තියෙන්නට හැරියේය.

උරහිස් කෙළින් කරගත් ඔහු ගම දෙසට පියවර තැබීය. වෙඩියක හඬ ඇසෙද්දී ඔහු ආපසු හැරුනේ නැත. ස්ථිර පියවර තබා ඔහු ගමන් කළේය. හිස කෙළින් කරගෙන ගමන් කළේය. පායන හිරු දෙස බලා වැනෙන රතු කොඩිය දිහා බලාගෙන ඇවිද්දේ ය. කුඩා රතු බිංදු අඩි පිටුපසින් මෘදු තෙත පොළවේ වැටිණ. පාරේ එක පැත්තක පමණක් වැටිණ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: