Sinhala story Blog

ඔක්තෝබර් 22, 2010

අපි ජීවත්වන්නෝ -86 අන්ද්‍රෙ හා කැරපොත්තෝ පමණක් ඇහරගෙන

Filed under: Uncategorized — sinhalashortstories @ 12:31 ප.ව.

කර්මාන්තශාලාවේ වැඩට අන්ද්‍රෙ ගියේය. දිවා කාලයේ ඔහු යන්ත්‍රයක් අසල හිටගෙන හිටියේය. ඔහුගේ දෑස් එහි ලෝහ මෙන් සීතල විය. ඔහුගේ දෑත් එහි උත්තෝලන මෙන්ම සෙලවීමකින් තොර වූයේය. ඔහුගේ ස්නායු එහි පටි මෙන් අවිනිශ්චිත බවින් ඇදුම් දී ය. රාත්‍රියේ දී ඔහු හිස් පෙට්ටි රැසක් පිටුපස බිමට කුලිය ගෙවමින් එහි නිදාගත්තේ ය. හිස් පෙට්ටි ඔහුට අවශ්‍ය වූයේ කාමරයේ අනික් කොන් තුනේ කුලී ගෙවූ පදිංචිකාරයෝ ඔහු පැත්තෙන් රාත්‍රියේ ගලා ආ ඉටිපන්දම් දැල්ලට එරෙහි වූ නිසාවෙනි. ඒ නිසා ඔහු ඉටිපන්දම බිම පත්තු කළේය. පොත ඉටිපන්දමට යොමු කළේය. හිමිහිට හිමිහිට පොත කියැවීය. ඔහු කකුල් පතුල් පුවත්පත්වලින් ඔතාගෙන සිටියේ කකුල්වලට සීතල තදින් දැනුනු හෙයිනි. ජනේල් පියන් වලට බැට දෙමින් හිම කඩා හැලේ. කොන් තුනේ වූ කුලීකාරයෝ ගොරවමින් නිදා ගත්හ. අග්‍රාෆෙනා ව්ලාසොනෝවා හීනෙන් කෙළ ගසයි. ඉටිපන්දමේ ඉටි රූරා හැලේ. අන්ද්‍රෙ හා කැරපොත්තෝ පමණක් ඇහරගෙන සිටිය දී සියල්ලෝම නිදි ය.

ඔහු කතා කළේ ඉතාමත් අඩුවෙනි. හිනාවක් පෑවේ ඉතා සෙමින් ය. කිසිවිටෙක හිඟන්නෝ වෙත කාසි නොදුන්නේ ය.

සමහර දිනෙක, ඉරිදා දවසක, ඔහු වීදියේ දී පවෙල් සියෙරොව් පසුකරගෙන යයි. අසල්වැසි අනිත් දරු දැරියෝ සේ ඔවුන් දෙදෙන එකිනෙකාව දත්හ. ඔවුන් එකිනෙකා හා කතා නොකළහ. පවෙල් අන්ද්‍රෙගේ ඇඳුම් අප්‍රිය කළේය.

පවෙල්ගේ කොණ්ඩය ග්‍රීස් ගා යසට පීරා තිබුණි. ඔහුගේ මව ඔහුව පල්ලියට කැඳවාගෙන යයි. අන්ද්‍රෙ කිසි දිනෙක පල්ලි ගියේ නැත.

පවෙල්ගේ තාත්තා වීදි කොණක වූ රෙදිපිළි කඩයක ලිපිකරුවෙකි. ඔහු සතියේ දින හයක් සිය උඩු රැවුලට ඉටි ගා සකසුරුවම් කරයි. ඉරිදා දවසට ඔහු බීගෙන තම බිරියට තඩි බායි. පුංචි පවෙල් සුවඳ කැවූ සබන් කැටවලට කැමත්ත දැක්වූයේය. ඔහු ඒවා හොරකම් කරගත්තේ ඇපොතිකරි කඩයෙනි. ඔහු පල්ලියේ පූජකවරයා වෙතින් දෙවියන්වහන්සේගේ නීතිය ඉගෙන ගත්තේය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: