Sinhala story Blog

ඔක්තෝබර් 20, 2010

අපි ජීවත්වන්නෝ -84 අපි පරණ යාළුවෝ නේද?

Filed under: Uncategorized — sinhalashortstories @ 7:33 පෙ.ව.

“සමාවෙන්න මිතුරා, මගේ වැරද්ද. මම උත්සාහ කළේ ඔයාට උදව් වෙන්නයි.”

“මම උදව් ඉල්ලා නැහැ.”

“මෙහෙමයි, අන්ද්‍රෙ. මම දැක්කා එයා ඔහු හා ඊයේ රෑ දොර අසල ඉන්නවා. මම ඔහුගෙ ඡායාරූප දැකලා තියෙනවා. රහස් පොලීසිය ඔහුව මාස දෙකක ඉඳන් හොයනවා.”

“ඇයි ඔබ ඒක මට වාර්තා නොකළේ?”

“මට හරියටම ඒ ඔහු යැයි විශ්වාසයක් තිබුනෙ නැහැ. මට වැරදීමක් වෙන්න පුළුවන්…සහ..”

“ඔයාගෙ උදව්ව ඔයාට වටිනාකමක් දෙන්න තිබුණ.”

“ඇයි? පරණ යාළුවා, පුද්ගලික අරමුණක් තිබුණා යයි ඔබ මට චෝදනා කරනවා ද? ඔයාගෙ රස්සාවට අයිති කුඩා රහස් පොලීසි වැඩට මම පොඩ්ඩක් වැඩියෙන් අත දාන්න ඇති. ඒත් මගේ අරමුණ වූයේ මගේ පැත්තෙ කම්කරු සගයකුට සහාය දීම. මගේ යුතුකම ඉටු කිරීම නවත්වන්න කාටවත් බැහැ. ඔබ දන්නවානෙ… බොළඳ වූ බැඳීම් වලට වුවත්.”

“පක්ෂ ශික්ෂණය කැඩීම පක්ෂ ශික්ෂණය කැඩීමක්. කවුරු කළත්.”

අන්ද්‍රෙ ටැගනොව් දිහා එක එල්ලේම බලා සිටි පවෙල් සියරොව් හෙමිහිට පිළිතුරු දුන්නේය, “ඒකම තමයි මම හැමදාම කිව්වෙ.”

“තමන්ගේ යුතුකම උවමනාවට වඩා කරන්න යෑම කිසිදාක අනුමත නැහැ.”

“සහතිකයෙන්ම, ඒක හරියට උවමනාවක් නැහැ වගේම නරකයි.”

“ඉදිරියේ දී, මේ කොටසේ දී ඕනෑම දේශපාලන ප්‍රශ්න කිරීමක් සිද්ධ වන්නේ මා අතින් පමණයි.”

“ඔබේ කැමැත්තක්, මිත්‍රයා.”

“ඒ වගේම ඔබට හිතුනොත් මට ඒක නිසියාකාරව ඉටු කළ නොහැකි යයි කියා ඔබට පුළුවන් ඒ ගැන පක්ෂයට දන්වලා මාව තනතුරින් පහ කරන්න යයි ඉල්ලා සිටින්න.”

“අන්ද්‍රෙ! කොහොම ද ඔයා එහෙම කියන්නෙ! ඔයාගෙ තක්සේරු කරත නොහැකි වැදගත්කම ගැන මම එක මොහොතකට වත් ප්‍රශ්න කරයි කියලා හිතන්නෙ කොහොම ද? මම හැමදාම ඔයාව අතිශය ගෞරවයෙන් සැලකුව කෙනා. ඔබ…මෙලිටපොල්හි වීරයා? අපි පරණ යාළුවෝ නේද? බිම් අගල් වල අපි එකට සටන් කළ අය නොවෙයි ද? රතු කොඩිය යට, ඔයයි මමයි, උරහිසට උරහිස දීලා?”

“ඔව්,” අන්ද්‍රෙ කීවේය, “අපි එහෙම කරා.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: