Sinhala story Blog

ඔක්තෝබර් 19, 2010

අපි ජීවත්වන්නෝ -83 ඔයා ගෙදර යා යුතුයි, කීරා

Filed under: Uncategorized — sinhalashortstories @ 11:10 පෙ.ව.

තට්ටුවක් නොදමා අතක් දොර විවෘත කළේය. අන්ද්‍රෙ ටැගනොව් ඇතුලට ආවේය. පුදුමයක් හෝ වෙනත් ආවේගයක් ඔහුගේ මුහුණ පෙන්වූයේ නැත. සියෙරොව් එය පෙන්වීය. ඔහු උවමනාවට වඩා ඉක්මණින් සිය සිගරැට්ටුව තොල් වෙතට ළං කළේය.

“සුබ උදෑසනක් කීරා!” අන්ද්‍රෙ කිව්වේ සංසුන්වය.

“සුබ උදෑසනක් අන්ද්‍රෙ !” ඇය පිළිතුරු දුන්නීය.

ඔහු මේසය වෙතට ඇවිද්දේය. සිගරැට්ටුවක් අතට ගත් ඔහු සියරොව් අතැති සිගරැට්ටුව වෙත එබුණි. ඔහු වෙත එය පාන්නට සියරොව් යුහුසුළු විය. සියරොව් බලා සිටියේය. එහෙත් අන්ද්‍රෙ කිසිත් නොකීවේය. ඔහු මේසය අසලින් හිටගෙනය. ඔහුගේ සිගරැට්ටුවෙන් පිටවන දුමාරය කෙළින් ඉහළට නඟියි. ඔහු කීරා දෙසත් සියරොව් දෙසත් නිහඬව බලා සිටියේය.

“ආර්ගුනෝවා සහෝදරිය, ඔබගේ දේශපාලන විශ්වාසවන්ත භාවය මම සැක කරන්නේ නැහැ,” සියරොව් සහෝදරයා ආචාරශීලීව කීවේය. “එක ලිපිනයක් ගැන ප්‍රශ්නයකට උත්තර දීම ඔබට අපහසු යයි මම සිතන්නේ නැහැ.”

“ඔහු කවුදැයි මා නොදන්නා බව මම ඔබට කීවානෙ. මා ඔහුව මීට පෙර කවදාවත් දැකලා නැහැ. ඔහුගේ ලිපිනය මා දැන ගන්න විදියක් නැහැ.”

නොහැඟෙන ලෙසින් අන්ද්‍රෙ දක්වන ප්‍රතිචාරය හොරැහින් බලන්නට සියරොව් උත්සාහ කළේය. එහෙත් අන්ද්‍රෙ නොසෙල්ව සිටියේය. පවෙල් සියරොව් මඳක් ඉදිරියට ළං වී මෘදු වූ, රහස් රකින ස්වරයකින් කතා කළේය. “ආර්ගුනෝවා සහෝදරිය, මේ මිනිහාව රජය විසින් සොයන අයෙක් යයි ඔබට වටහා දෙන්නට මට උවමනායි. සමහර විට ඔහු සෙවීම අපගේ කාර්යය නොවන්නට පුළුවනි. එහෙත් ඔහුව සොයා ගැනීමට සහාය විය හැකි නම් -ඔයාටත් අපිටත් එය වටිනවා -අපි සේරටම,” ඔහු වැදගත් බවකින් අවසානයට එකතු ‍කළේය.

“ඒත් මට ඔයාට උදව් කරන්න බැරි නම් -එතකොට මම මොකද කරන්නෙ?”

“ඔයා ගෙදර යා යුතුයි, කීරා,” අන්ද්‍රෙ කීවේය.

සියෙරොව් සිගරැට්ටුව අත හැරියේය.

“ඒ..” අන්ද්‍රෙ තව එකතු කරයි, “ඔබට වෙන දේශන නැත්නම්. අපිට නැවතත් ඔබව අවශ්‍ය නම් -මම ඔයාව කැඳවන්නම්.”

කීරා කාමරයෙන් පිටව ගියාය. අන්ද්‍රෙ මේසයේ කොණක වාඩි වී කකුල් පටලවා ගත්තේය.

පවෙල් සියරොව්ගේ මුහුනේ සිනාවක් ඇඳුණි. අන්ද්‍රෙ ඔහු දෙස නොබැලීය. පවෙල් සියරොව් උගුර පෑදුවේය. “ඔව් ඉතින්, අන්ද්‍රෙ, පරණ මිත්‍රයා, මම බලාපොරොත්තු වෙනවා ඔබ හිතන්නෙ නැහැ… මම.. ඇය ඔයාගෙ යාළුවෙක් නිසා…”

“මම එහෙම හිතන්නෙ නැහැ,” අන්ද්‍රෙ කීවේය.

“මම ඔයාගෙ කටයුතු කිසිවක් ප්‍රශ්න කරන්නේ හෝ විවේචනය කරන්න යන්නෙ නැහැ. තමන්ගෙ පැත්තෙ කොමියුනිස්ට් නියෝගයක් පිටස්තරයෙකු ඉදිරිපිට අවලංගු කිරීම සුදුසු ශික්ෂණයක් යයි මම පිළිනොගත්තත්.”

“ඇයව ප්‍රශ්න කිරීම සඳහා කැඳවන්න ඔබට ඉඩ දුන්නේ මොන ශික්ෂණය ද?”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: