Sinhala story Blog

ඔක්තෝබර් 18, 2010

අපි ජීවත්වන්නෝ -82 කවුද ඒ මිනිහා?

Filed under: Uncategorized — sinhalashortstories @ 7:10 පෙ.ව.

VIII
පහුවදා විද්‍යායතනයේ කොරිඩෝවක දී රතු නිල ලාංඡනයක් පැළඳි සිසුවෙක් ඇය නවත්වන ලදි.

“ආර්ගුනෝවා පුරවැසිය, ඔබව කොමියුනිස්ට් බිලය විසින් කැඳවා තියෙනවා. වහාම.”

කොමියුනිස්ට් බිලයේ කාමරය තුල, දිගු හිස් මේසයක් අසල පවෙල් සියරොව් අසුන් ගෙන සිටියි.

“ආර්ගුනෝවා පුරවැසිය, ඊයේ රාත්‍රියේ ගේට්ටුව අසල ඔබ හා සිටි මිනිහා කවුද?” ඔහු විමසීය.

පවෙල් සියරොව් දුම් පානය කරයි. ඔහුගේ තොල් මත සිගරැට්ටුව තදින් රැඳී ඇත. ඔහු කීරා දෙස බැලුවේ දුම් අතරින් ය.

“කොයි මිනිහා ද?” කීරා ඇසුවාය.

“ආර්ගුනෝවා සහෝදරියට තමන්ගෙ මතකය කරදර දෙනවා ද? ඔබ එක්ක ගේට්ටුව අසල සිටි මා දැකි මිනිසා?”

පවෙල් සියරොව්ට පිටුපසින් ලෙනින්ගේ පින්තූරයක් බිත්තියේ එල්ලා ‍තිබුණි. ලෙනින් බලා සිටින්නේ අඩක් හැරීය, යාන්තමට ඇසිපිය ගහනා ලෙසකටය, ඔහුගේ මුහුණ සිනාවක හිර වී ඇත.

“ආ.. ඔව්. මට මතකයි.” කීරා කීවාය. “මිනිහෙක් හිටියා තමයි. ඒත් ඔහු කවුදැයි මා දන්නේ නැහැ. මගෙන් පාරක් හොයාගන්න හැටි ඇහැව්වා.”

පවෙල් සියරොව් කැඩුන සිගරැට් අළු තැටියකට ඔහුගේ සිගරැට්ටුවේ වූ අළු ගසා දැමීය. “ආර්ගුනෝවා සහෝදරිය, ඔබ තාක්ෂණික විද්‍යායතනයේ සිසුවියක්. දිගටම මෙහි සිටින්නට ඔබගේ කැමැත්ත ඇති බවට කිසිම සැකයක් නැහැනෙ.”

“කිසිම සැකයක් නැහැ.” කීරා කීවාය.

“කවුද ඒ මිනිහා?”

“ඒක අහන්න තරම් මට එයා ගැන උනන්දුවක් තිබුනෙ නැහැ.”

“හොඳයි එහෙනම්. මම ඒක අහන්නෙ නැහැ. මට විශ්වාසයි අපි දෙන්නම එයාගෙ නම දන්නවා කියල. මට උවමනා එයාගෙ ලිපිනය විතරයි.”

“ඔන්න බලන්න…මම කල්පනා කරන්නම්……. ඔව්, ඔහු ඇහැව්වෙ සදෝවේයා වීදියට යන හැටි. ඔයාට ඒ පැත්තෙ හොයාගන්න පුළුවන් වෙයි.”

“ආර්ගුනෝවා සහෝදරිය, මම ඔයාට මතක් කරන්නම්. ඔයාගෙ පැත්තෙ වැදගත් පිරිමි අය මේ කම්කරු ශිෂ්‍ය අපිට ‍එල්ල කරන චෝදනාවක් තමයි අපි රහස් පොලීසියකට සම්බන්ධයි කියලා. ඉතින්, ඒක ඇත්ත වෙන්න පුළුවන්, ඔබ දන්නවා ද?”

“එහෙනම්, මට ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ද?”

“සහතිකයෙන්ම, වැදගත් කාන්තාවකට සහාය දීමට නිරතුරුව කැමැතියි.”

“කවුද ඒ මිනිහා?”

පවෙල් සියරොව්ගේ මිට මොළවාගත් අත මේසයට පතිත විය. “ආර්ගුනෝවා පුරවැසිය, මෙය විහිළුවක් නොවේ යයි ඔබට මතක් කර දිය යුතු ද?”

“එහෙම නැත්නම් මේක මොකක් ද කියලා මට පහදලා දෙනවා ද?”

“මොකක් දැයි ඔබ ඉක්මණින් වටහා ගනියි. ඔබ සෝවියට් රුසියාවේ ජීවත් වෙලා හිටිය තරම ඇති විප්ලව විරෝධී අයෙකුව ආරක්ෂා කිරීම කොතරම් භයානක දැයි වටහා ගන්න.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: