Sinhala story Blog

ඔක්තෝබර් 14, 2010

අපි ජීවත්වන්නෝ -78 සංගීතයට ඔයා ඇහුම්කන් දීපු විදියෙන්

Filed under: Uncategorized — sinhalashortstories @ 8:48 පෙ.ව.

කීරා එක වතාවක් අන්ද්‍රෙ දෙස බැලුවාය. ඔහු වේදිකාව දෙස නොබලයි. ඔහු බලා සිටින්නේ ඇය දිහාය.

එක විවේක කාලයක දී නත්‍යාගාරයේ ඒ සඳහා වූ ශාලාවේ දී ඔවුනට පවෙල් සියෙරොව්ගේ අතේ එල්ලී ගත් සෝනියා සහෝදරිය හමුවුණි. පවෙල් සියෙරොව් අතිපවිත්‍ර ලෙසින් හැඳ පැළඳ සිටියේය. දකුණු කිහිල්ල ඉරී ගිය තැලී පොඩි වී ගිය සිල්ක් ගවුමක් සෝනියා සහෝදරිය හැඳ සිටියාය. ඇය කීරාගේ උරහිසට අතින් ගසමින් හයියෙන් සිනාසුනාය.

“ඉතින් ඔයා සෑහෙන දුරට කම්කරු පාංතිකයෙක් වෙලා, එහෙම ද? නැත්නම් ටැගනොව් සහෝදරයා මධ්‍යම පාංතිකයෙක් බවට පත්වෙලා ද?”

“ඔයා ඉතා අකරුණාවන්තයි, සෝනියා,” පවෙල් සියෙරොව් ඇයට බොරුවට තරවටු කළේය. ඔහුගේ මළානික තොල් විරිත්තිල්ලකින් ඇරිණ. “මට පුළුවන් ආර්ගුනෝවා සහෝදරියගේ බුද්ධිමත් තෝරා ගැනීම ගැන ඇයට මගේ ආශිංසනය පිරිනමන්න.”

“කොහොම ද ඔබ මගේ නම දන්නෙ?” කීරා ඇසුවාය. “ඔබ මා කවදාවත් හමුවෙලා නැහැ.”

“අපි ගොඩක් දේවල් දන්නවා, ආර්ගුනෝවා සහෝදරිය,” ඔහු විනීතව පිළිතුරු දුනි, “අපි ගොඩක් දේවල් දන්නවා.”

සෝනියා සහෝදරිය හඬ නඟා සිනා වී, සූක්ෂම ලෙසින් සියෙරොව්ගේ අතින් ඇදගෙන සමූහය අතරින් නොපෙනී ගියාය.

“අන්ද්‍රෙ, ඔබ ඔපෙරාවට කැමැති වූවා ද?” ගෙදර යන ගමන් කීරා විමසීය.

“එච්චර කැමැත්තක් නැහැ.”

“අන්ද්‍රෙ, ඔබ දැක්කා ද ඔබට නොලැබුන දේ කුමක්දැයි කියා?”

“මම හිතන්නෙ නෑ කීරා මට එහෙම හැඟීමක් ආවා කියල. ඒ සේරම හරි විහිළු. ඒ වගේම කිසි ඵලකට කමක් නැති.”

“ඔයාට බැරි ද වැඩකට නැති දෙයක් රස විඳින්න, ඒකෙ තියන ලස්සන නිසාවෙන් පමණක්.”

“බැහැ. ඒත් මම ප්‍රීතියෙන් හිටියෙ.”

“සංගීතයෙන්?”

“නැහැ. සංගීතයට ඔයා ඇහුම්කන් දීපු විදියෙන්.”

නිවසට පැමිණි කීරා, තම කාමර කොනේ මෙට්ටයේ දී, ඔහු ඇයගේ අළුත් ගවුම ගැන කිසිත් නොකී බව පසුතැවිලි සිතකින් සිහිකළේය.
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: