Sinhala story Blog

ඔක්තෝබර් 6, 2010

අපි ජීවත්වන්නෝ -71 අහල බලන්න

Filed under: Uncategorized — sinhalashortstories @ 9:24 පෙ.ව.

“මම කවදාවත් අහලා නැහැ.”

ඇය ඉදිරියට පා තැබුවාය. “ඒත් ම‍ට ටිකට් පත් ඕන තරම් ලැබෙනවා කොමියුනිස්ට් බිලයෙන්. එකම දේ මට කවදාවත් වෙලාවක් ලැබුනෙ නැහැ. ඔයා නිතර නාට්‍ය ශාලාවට යනවා ද?”

“නිතර යන්න ලැබෙන්නෙ නැහැ. අන්තිම වතාවට ගියෙ වසර හයකට ඉහත දී. මධ්‍යම පාංතිකයෙක් නිසා මට ටිකට් පතක මිල දරන්න බැහැ.”

“මම ඇහැව්වොත් ඔයා මාත් එක්ක යනවා ද?”

“අහල බලන්න.”

“ඔබ මාත් එක්ක ඔපෙරාවට යන්න කැමති ද, ආර්ගුනෝවා සහෝදරිය?”

ඇයගේ ඇහිබැම දඟකාර ලෙසින් නටන්නට විය. “ඔයාගෙ කොමියුනිස්ට් බිලයේ විද්‍යායාතනයේ සියළුම ශිෂ්‍ය ශිෂ්‍යවන් ගැන තොරතුරු රැස් කරන කාර්යාලයක් තියනවා නේද?”

ඔහු ප්‍රශ්නය යන දිහාව වටහා ගත නොහැකිව ටිකක් රැව්වේය. “ඇයි?”

“ඔයාට එයාලගෙන් අහල දැනගන්න පුළුවන් මගෙ නම කීරා බව.”

ඔහු සිනාවක් පෑය. අමුතු උණුසුම් සිනාව ඒ දැඩි තීව්ර තොල් මත ඇඳිණ. “ඒත් එතැනින් ඔයාට දැන ගන්න ලැබෙන්නෙ නැහැනෙ මගේ නම අන්ද්‍රෙ බව.”

“මම ඔයාගෙ ආරාධනාව කැමැත්තෙන් බාර ගන්නවා, අන්ද්‍රෙ.”

“ඔබට ස්තූතියි, කීරා.”

මොයිකාවේ රතු ගඩොල් නිවසේ දොරටුව අබියස කීරා ඇයගේ අත දිගු කළාය.

“ඔබට පක්ෂ නීති කඩන්න පුළුවන් ද අරගල විරෝධියෙකුගේ අතට අත දෙන්න.” ඇය විමසීය.

ඔහු ඇයගේ අත ඍජුව අල්ලා ගති. “පක්ෂ නීති කඩන්න බැහැ,” ඔහු පිළිතුරු දුන්නේය, “එහෙත් අපොයි කොයිතරම් දුරට ඒවා දිගට අදින්න පුළුවන් ද!”

අත්වලට වඩා දිගු කාලයක් නිහඬව, අපැහැදිලි අවබෝධයකින් ඔවුන්ගේ ඇස් එකිනෙකා අල්ලාගෙන සිටියහ. අනතුරුව ඔහු සැහැල්ලු වූ, නිශ්චිත වූ, සොල්දාදුවෙකුගේ පා ගමනින් නික්ම ගියේය. ඇය තම හිස්වැසුම අතකට ගෙන, අවුල් වූ හිසකෙස් හැම අත වනමින්, හඬ නඟා සිනහා වෙමින් තට්ටු හතරම ඉහළට දිව්වාය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: