Sinhala story Blog

ඔක්තෝබර් 4, 2010

අපි ජීවත්වන්නෝ -69 මිනිස්සු අතර තියන දක්ෂතා එක හා සමාන නැති නිසා මිනිසාට එක හා සමානව සලකන්න බැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 8:31 පෙ.ව.

“ඔයාගෙ අරගලය මිලියනයක් සඳහා ඔයා වෙනුවෙන් අවශ්‍ය දේවල් ලබා නොදීම.”

“නැහැ. මිලියනයක් දෙනා මට උවමනා තැනට ගෙන ඒම -මා වෙනුවෙන්.”

“ඔබ නිවැරදි යයි සිතන විට, ඔබ එය කීයක් ගියත් කරනවා ද?”

“මම දන්නවා ඔබ කියන්න යන දේ. ඔයා කියන්න හදන්නෙ, අපේ විරුද්ධවාදීන් ගොඩාක් දෙනා කියන විදියටම, ඔයා අපේ උත්කෘෂ්ටයන් අගයනවා, එහෙත් අපේ ක්‍රමවේදය පිළිකුල් කරනවා කියලයි.”

“මම ඔයාලගෙ උත්කෘෂ්ටයන් පිළිකුල් කරනවා.”

“ඇයි?”

“එක කාරණාවක් නිසා, මුල්ම, ප්‍රධානම, හැමදාම, ඔයාලගෙ පක්ෂය කොයිතරම් උසස් දේවල් සාක්ෂාත් කරනවා යයි පොරොන්දු වුනත්, මිනිසාට කොයිතරම් දිව්‍ය ලෝකයක් ලබා දෙනවා කියල පොරොන්දු වුනත්, අනිත් මොන දේවල් පොරොන්දු වුනත්, ඔයාට මඟහරින්න බැරි එක දෙයක් තියනවා. ඔයාලගෙ දිව්‍ය ලෝකය කිවනොහැකි තරම් අපායක් බවට හරවන දෙයක්. ඒක තමයි මිනිසා රට වෙනුවෙන් ජීවත් වෙන්න ඕනා කියන ඇදහීම.”

“ඔහු ජීවත් විය යුත්තෙ එහෙනම් වෙන මොන හොඳ කාරණයකට ද?”

“ඔබ දන්නැද්ද?” ඇයගෙ කටහඬ හදිසියේම වසන් කරගත නොහැකි බැගෑපත් උද්වේගයකින් ගැහෙන්නට වුණි. “ඔයා දන්නැද්ද… දේවල් තියෙනවා… හොඳ මිනිස්සු හැටියට අපිට අයිති.. පිටත කෙනෙක් අත ගහන්න බිය විය යුතු? මේ දේවල් පවිත්‍රයි. ඒකට හේතුව, එකම හේතුව, කෙනෙකුට ‘මේක මගෙ’ යයි කියන්න පුළුවන් වීම? ඔයා දන්නැද්ද අපි ජීවත්වෙන්නෙ අපි සඳහා පමණක් කියල. හොඳ මිනිස්සු වන අපි. හොඳ මිනිහෙක් යන වටිනාකම තියන අයෙක්. ඒ දැය අප සතුව තියෙන නිසා, අපිව කිසිම රජයකින්, කිසිම එකමුතුවකින්, කිසිම ගණනක මිලියන වලින් අත ගහන්න සුදුසු නැහැ කියලා?”

“නැහැ,” ඔහු පිළිතුරු දුනි.

“ටැගනෝව් සහෝදරයාණෙනි,” ඇය රහසින් කෙඳිරීය, “ඔබට ඉගෙන ගන්න කොතරම් දැයක් තිබේද!”

ඔහු හිස පහළට හරවා මුවඟ යාන්තමින් ඇඳි සිනාවකින් ඇය දෙස බැලුවේය. ඇයගේ අතට කුඩා දරුවෙකුගේ අතකට මෙන් සෙමින් තට්ටු කළේය. “ඔබ දන්නැද්ද,” ඔහු ඇසුවේය, “ටික දෙනෙකු වෙනුවෙන් අපිට මිලියන ගණනක් බිලිදෙන්න බැහැ කියල?”

“ටික දෙනෙක් බිලිදෙන්න පුළුවන් ද? ඒ ටික දෙනා ඉතාමත්ම හොඳ ටික දෙනා වූ කළ? ඒ ටික දෙනාට ඉහළටම නඟින්න හැකි අයිතිය නැති කිරීම -එතකොට වෙනත් හොඳ අය නැතිව ගියාම. ඔයාගෙ මහත් සමූහයා වෙන මොකක් ද? මොට්ට, වැකරැළි ගැහුණ, එකතැන තටමන, තමන්ගෙ කියා අදහසක් නැති, තමන්ගේ කියා සිහිනයක් නැති, තමන්ගේ කියා අධිෂ්ඨානයක් නැති. කන බොන නිදියන අය. අනිත් අය විසින් මොළයට කවන අදහස් හපා විකමින් ඉන්න අය? ඒ අය වෙනුවෙන් ඔබ බිලිදෙනවා ජීවිතය හඳුනන ටික දෙනෙක්. ජීවිතය ඇත්තෝ? නොසුදුස්සන්ට දීම තරම් බරපතල අයුක්තියක් මා දන්නැති නිසා මම ඔයාගෙ උත්කෘෂ්ටයන් පිළිකුල් කරනවා. මිනිස්සු අතර තියන දක්ෂතා එක හා සමාන නැති නිසා මිනිසාට එක හා සමානව සලකන්න බැහැ. ඒ වගේම මම ඒ අදහස් ඇති වැඩිදෙනා පිළිකුල් කරනවා.”

“මට සතුටුයි. මමත් එහෙමයි.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: