Sinhala story Blog

ඔක්තෝබර් 1, 2010

අපි ජීවත්වන්නෝ -68 විප්ලවය තමයි මගේ අරගලය

Filed under: Uncategorized — sinhalashortstories @ 8:15 පෙ.ව.

ඔවුන් දේශනාගාරයෙන් ඉවතට ආහ. කොරිඩෝවක් දිගේ ඇවිද ගියහ. ශක්තිමත් අතක් කීරාගේ පිටේ වැදිණ. හඬින් වැඩි වූ සිනාවක් ඇසිණ.

“ඉතින්, ඉතින්, ඉතින්, ආර්ගුනෝවා සහෝදරිය! සෝනියා සහෝදරිය ඇයගේ මුහුණට ගිගුරුවාය. “කොතරම් පුදුමයක් ද? ලැජ්ජා නැද්ද ඔබට? අපට ඉන්නා කොමියුනිස්ට් අය අතුරින් වඩාත්ම රතු වූ ටැගනෝව් සහෝදරයා හා ඇවිදින්න?”

“මම ඔහුව දූෂිතයෙක් කරයි කියල සෝනියා සහෝදරියට බය ද?”

“දූෂිතයෙක් කරන්න? ඔහුව? කොහෙත්ම ඉඩක් නැහැ, ප්‍රියාදරිය, කොහෙත්ම ඉඩක් නැහැ. ඉතින්, සමුගන්නම්. දුවන්න ඕන. හතරට රැස්වීම් තුනක් තියෙනවා -සේරටම එන්නම් කියල පොරොන්දු වුණා!”

සෝනියා සහෝදරියගේ කෙටි කකුල් ශාලාව දිගේ තද හඬින් පා ගමන් තබයි. ඇයගේ අතක වූ පොත් රඳවනය ගමන් මල්ලක් සේ වැනුණි.

“ඔබ ගෙදර යනවා ද, ආර්ගුනෝවා සහෝදරිය?” ඔහු ඇසුවේය.

“ඔව්, ටැගනෝව් සහෝදරයා.”

“ගොඩාක් රතු කොමියුනිස්ට්කාරයෙක් එක්ක ඔබ ඉන්නවා දකින්න ලැබීම ගැන ඔබට ප්‍රශ්නයක් ද?”

“කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩාක් සුදු කාන්තාවක් හා ඉන්නවා දකින්න ලැබීමෙන් ඔබගේ කීර්තියට හානියක් නැත්නම්.”

එළිමහනේ ඉක්මණින් එහා මෙහා යන සපත්තු වලට පෑගී හිම දිය වී මඩ වෙයි. මඩ සීතලට මිදී තියුණු දැති සහිත වැටි බවට පත්වෙයි. ඔහු කීරාගේ අත අල්ලා ගත්තේය. කැමැත්ත ඇත්දැයි විමසන නිහඬ බැල්මක් ඇය වෙත වැටිණ. ඇස් පියා ඔළුව වැනූ ඇය තම කැමැත්ත ප්‍රකාශ කළාය. දෙදෙන නිහඬව ගමන් කළහ. ඉක්බිතිව ඇය ඔහු දෙස හිස ඔසවා සිනාවක් පෑවාය.

“මම හිතුවෙ කොමියුනිස්ට් අය කරන්නට නියමිත යමක් මිස වෙනකක් කිසි විටෙක නොකරනවා කියල. ඔවුන් කරන්නට නියමිත යමක් මිසක වෙනත් යමක් කිරීම විශ්වාස නොකරනවා කියල.”

“ඒක පුදුමයි,” ඔහු සිනාවක් පෑය. “එහෙම නම් මම හරිම නරක කොමියුනිස්ට් අයෙක්. මම හැමදාම කළේ මට කරන්න ඕනා වූ දේවල් විතරයි.”

“ඔබේ යුතුකම ඔබගේ විප්ලවයයි.”

“යුතුකම කියලා දෙයක් නැහැ. යමක් හරි කියලා දන්නවා නම්, ඔයා ඒ දේ කරන්න ඕන. ඔයාට ඒ දේ කරන්න අවශ්‍ය නැත්නම් -ඒක හරි නැහැ. ඒක හරි නම් සහ ඔයාට එය කරන්න ඕන නැත්නම් -ඔයා දන්නේ නැහැ හරි මොකක්ද කියන එක. එතකොට ඔයා මනුෂ්‍යයෙක් නෙමෙයි.”

“ඔයාට කිසිම දාක වෙන කිසිම හේතුවක් නැතිව ඔයාට යමක් ඕන නිසා පමණක් යමක් උවමනා වෙලා නැත්ද?

“සහතික වශයෙන්ම. ඒක තමයි හැමදාම මට තිබුණ එකම හේතුව. මගේ විප්ලවය සපුරාලන යමක් මිසක වෙනත් කිසිම දෙයකට මට කිසිම දෙයක් වුවමනා වෙලා නැහැ. ඔයාට පෙනෙනවා ද, ඒක තමයි… විප්ලවය තමයි මගේ අරගලයත්.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: