Sinhala story Blog

සැප්තැම්බර් 24, 2010

අප ජීවත්වන්නෝ -62 ඇයි ඔයා ආවේ?

Filed under: Uncategorized — sinhalashortstories @ 12:06 ප.ව.

“මම අද උදේ නැඟිට්ටම මම දැනගත්ත මම මෙතැනට එයි කියල- මගේ විචාර බුද්ධියට එරෙහිව, මම පිළිගන්නවා.”

“ඔයා දැන් පෙට්‍රොග්‍රෑඩ් ද ජීවත්වෙන්නෙ?”

“නැහැ. එදා ඔබ හමුවුන රාත්‍රියට පස්සෙ මම මේ පැත්ත පළාතක ආවේ නැහැ. නගරයට එන්න බැරිවුන නිසා අපි නිතර ආහාර නැතිව හිටිය. ඒත් මම ආපහු ඇවිත් වීදි කොණක දී කෙල්ලක් මුණ ගැහෙන්න. මගේ ආශීර්වාදය, කීරා.”

“ඔයාට නගරයට එන්න බැරි නිසා කවුද ආහාර නැතිව හිටියෙ?”

ඔහුගේ සිනාව ඔහු ප්‍රශ්නයත් ප්‍රශ්නය බැහැරින් වූවත් වටහාගත් බව ඇයට කීය. නමුත් “අපි වාඩිවෙමු” යයි පමණක් ඔහු කීය.

ඔවුන් දෙදෙන පඩිපෙළ මත වාඩි වූහ. ඇය කකුල් දෙක එකිනෙක වෙත ගසා හිම හලා ගත්තීය. “ඉතින්, ඔයාට දැනගන්න ඕනා මං කාත් එක්ක ද ජීවත් වෙන්නෙ කියලා නේද? බලන්න? මගේ කබාය එළලලා.”

“ඔව්.”

“ඒක කළේ කාන්තාවක්. මට ගොඩක් කැමති හරි හොඳ කාන්තාවක්.”

“ඇය හොඳින් මහන්න දන්නවා.”

“ඔව්. ඒත් ඇයගෙ ඇස් පෙනීම එතරම් හොඳ නැහැ දැන්. ඇයගේ කොණ්ඩය තඹවිටියි. ඇය මා කුඩා කාලයේ බලාගත්ත ආයම්මා. ඇයට ගමේ පුංචි පැලක් තියනවා. වෙනත් අහන්න දෙයක් තියනවා ද?”

“නැහැ.”

“එහෙමද, මම කැමති නැහැ කාන්තාවක් විසින් මාව ප්‍රශ්න කිරීම. ඒ වගේම, පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරන්න ඉඩක් නොදෙන කාන්තාවකට මා කැමැති දැයි යන්නත් මා දන්නෙ නැහැ.”

“මට අහන්න දෙයක් නැහැ.”

“මා ගැන ඔයා නොදන්න දේවල් ටිකක් තියෙනවා.”

“ඒවා දැනගන්න මට ඕනම නැහැ.”

“ඒක ඔයාට කියන්න අවශ්‍ය තවත් අවදානමක්: මට කොතරම් කැමැතියි ද කියල පෙන්වන කාන්තාවන්ට ද මම අකමැති බව කියන්න ඕන.”

“ඇයි? ඔයා හිතනව ද මම ඔයාව මට කැමති කරගන්න අවශ්‍ය යයි කියල.”

“ඇයි ඔයා ආවේ?”

“මම ඔයාට කැමති නිසා පමණයි. ඔයාට කැමති ගෑණු ගැන ඔයා මොන විදියට හිතුවත් මට ඒක ගාණක් නැහැ -ඒ වගේම ඒ වගේ අය කොච්චර ගාණක් හිටිය ද කියන එකත් මට ප්‍රශ්නයක් නෙමේ.”

“ඉතින්, අන්න ප්‍රශ්නයක්. ඒත් ඔයාට උත්තරයක් ලැබෙන්නෙ නැහැ. ඒත් මං කියන්නම් ඔයාට මං ඔයාට කැමතියි කියල. උද්ධච්ච පුංචි කෙල්ල. ඔයා දැනගන්න කැමැති වුනත් නැතත් මං කියනවා. ඒ වගේම මම ප්‍රශ්නත් අහනවා. ඔයා වගේ පොඩි ළමයෙක් මොනවද විද්‍යාතනයක කරන්නෙ?”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: