Sinhala story Blog

සැප්තැම්බර් 21, 2010

අප ජීවත්වන්නෝ -60 එයා එහෙම ද?

Filed under: Uncategorized — sinhalashortstories @ 12:34 ප.ව.

හිම වැටී නැත. එහෙත් තරමක දැඩි මිදුණ පින්න පදිකවේදිකාවේ ඇති මඩ උඩින් තවරා ඇත. පයිප්ප කටවලින් බේරි එන වතුර ප්‍රථම හිම කූරු බවට හැරී රැවුල් කෙඳි මෙන් දිස්වෙයි. පැහැදිලි කොළ පැහැති අහස සීතල අයිස්වල දිස්නයෙන් යුතුය. හිම මත ලිස්සා යන්නට පුහුණුවන කෝඩුකාරයෝ මෙන් පිරිමි ඇවිද්දේ සෙමෙන්ය, නුහුරු විලසකිනි. ඉඳහිටක එක් කකුලක් අහසට විසිවෙද්දී, ළඟ ඇති පහන් කණුවක් බදා ගනිමින් ඔවුන් ලිස්සා වැටුණහ. වීදුරු මෙන් පින්නෙන් මිදි කබොක් ගල් පාරේ අශ්වයෝ ලිස්සති. කූර වලින් අයිස් මත සංක්ෂෝහයෙන් හාරද්දී හැමතකම කාන්තිමත් පුපුරු විහිද ගියේය.

කීරා විද්‍යාතනයට ඇවිද්දාය. ඇයගේ තූනි අඩි වලින් මිදුණ ‍පදිකවේදිකාවේ සීතල වායුවක් කකුල පුරා ඉහළට යැවුණි. ඇයගේ දෙපා අමුතු කෝණයන්ට ලිස්සා යද්දී ඇය අවිනිශ්චිත ඉක්මන් ගමනක යෙදුනාය.

ඇයට පිටුපසින් පා හඬක් ඇසිණ, ස්ථිර වූ, අධිෂ්ඨානයකින් තබන පා හඬ ඇයව අකමැත්තෙන්ම ඒ දෙසට හරවන්නට සමත් වුණි. නළල මත කැළලයක් ඇති හීලෑ කොටියා දිහා ඇය බැලීය. ඔවුන්ගේ දෙනෙත් හමුවුණි. ඔහු හිනාවක් පෑය. ඇයත් ඔහු හා සිනා වූවාය. දමා සිටි කැප් තොප්පියේ ඇස් ආවරණය යාන්තමින් ඇල්ලු ඔහු, “සුබ උදෑසනක්,” යයි කීය.

“සුබ උදෑසනක්,” කීරා කීවාය.

ඔහුගේ කෙළින් කරගත්, උස් සිරුර ඉක්මණින් ඈතට යන ආකාරය ඇය නැරඹීය. හම් කබායෙන් වැසි ඔහුගේ උරහිස් කෙළින්ය, අයිස් මත තබනා පාද ස්ථිරය.

විද්‍යාතනය ඉදිරිපස, ඔහු ක්ෂණිකව නැවතී හැරුනේය, ඇය එනතෙක් බලා සිටියේය. ඇය පැමිණියාය. උස් වූ පදිකවේදිකාව කිසි දැනුම් දීමක් නොමැතිව, අයිස් වලින් මිදුණ, අවදානම් කෝණයකින්, බෑවුමකට පතිත වෙයි. ඔහු තම අත ඇය වෙත පෑවාය. ඇයගේ කකුල් අනතුරුදායක ලෙසින් ලිස්සා ගියහ. ඇයගේ අත වටා දැවටි ඔහුගේ ශක්තිමත් බාහුව ඇයව සූක්ෂම ලෙසින් ඇයගේ දෙපාවල යළි රැඳවීය.

“ස්තූතියි,” ඇය කීවාය.

“මම හිතුවා ඔයාට උදව්වක් අවශ්‍ය වෙයි කියල. ඒත්,” ඔහු ඇය දෙස මඳ සිනාවකින් බැලීය, “මම හිතන්නෙ ඔයාට කිසිම බයක් තිබුනෙ නැහැ.”

“සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මට දැඩි බියක් තිබුණ -මේ වතාවේ,” ඇය කීවාය.

ඇයගේ සිනාව ඉක්මන් අවබෝධයක පිළිතුරක් කියා පෑවකි.

ඔහු සිය කැප් තොප්පියේ ඇස් ආවරණය යාන්තමින් අල්ලා ඉක්මණින් විද්‍යාතනයේ ගේට්ටුවෙන් ඇතුල් වී දිගු කොරිඩෝවක් දිගේ ඇවිද ගියේය.

තමා හඳුනන පිරිමි ළමයෙකු කීරා දුටුවාය. හම් කබාය හැඳි නොපෙනී යන ඔහු දිහාට අත දිගුකර පෙන් වූ කීරා “අරයා කවුද?” යයි ඇසුවාය.

පිරිමි ළමයා ඒ දෙස බලා, තොල් වලින් අමුතු, අවදානමක් හඟවන සද්දයක් පිට කළේය. “එයා ගැන පරිස්සමින්,” ඔහු රහසින් මැතුරුවේ කිසිවකුත් අහන්නට බිය වූ අකුරු තුනකි: “G.P.U.”

“ඔහ්, එයා එහෙම ද?” කීරා කීවාය.

“එයා එහෙම ද?” පිරිමි ළමයා දිග, අප්‍රසාදය පිරි හුරුළං බෑමක් සමඟ පිළිතුරු ලෙසින් පැවසීය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: