Sinhala story Blog

සැප්තැම්බර් 16, 2010

අප ජීවත්වන්නෝ -57 පත්තු කරන්න දර නැති නිසා

Filed under: Uncategorized — sinhalashortstories @ 1:34 ප.ව.

ඩුනේව්ලාගේ ගෙදර සීනුව ගහද්දී කීරාට ඇසුණු පළමු සද්දය නම් මරියා පෙට්‍රොව්නාගේ කැස්සයි. ඊ ළඟට යතුරක් කැරකැවිණ. අනතුරව දුමාරයක් හමා අවුත් කීරාගේ මුහුණට වැදිණ. දුම අතරින් මරියා පෙට්‍රොව්නාගේ කඳුළු පිරි දෑස් හා ඉදිමුණ අතකින් මුව වසනා ආකාරයත්, කැස්ස නිසා තදින් ඇයගේ ඇඟම සෙලවෙන ආකාරයත් කීරා දුටුවාය.

“එන්න ඇතුලට, එන්න ඇතුලට, කීරා ඩාලිං.” මරියා පෙට්‍රොව්නා දුමට පිඹමින් කීවාය. “බය වෙන්න එපා, ගින්නක් නෙමෙයි.”

ලූණු ගෙඩියක සැර සේ ඇස් වලට තදින් එල්ල වුනු අළු දුමින් පිරි ගෙතුලට කීරා ඇතුල් වූවාය. මරියා පෙට්‍රොව්නා කකුල් අද්දමින් ඇය පිටුපසින් කහිමින් අමාරුවෙන් වචන පිට කරමින් එන්නීය. “මේ උදුන.. අර සෝවියට් දර.. අපට ලැබිච්ච.. පත්තු වෙන්නෑ… තෙතමනය අධිකයි පුළුවන්… පොලිවොග් පණුවො බෝ කරන්න… කබාය උනා දමන්න එපා… කීරා.. හරියට සීතලයි… අපි ජනෙල් ඇරලා තියෙන්නෙ.”

“අරීනා ගෙදර ඉන්නවා ද?”

“ඇය ඉන්නවා,” අරීනාගේ පැහැදිලි, ජව සම්පන්න කටහඬ දුමාරය ඇතුල කොහෙන්දෝ ගලා ආවේය. “ඔයාට ඇයව හොයාගන්න හැකිනම්.”

කෑම කාමරයේ වීදුරු දෙකකින් යුතු වූ ජනේලය සීත සමයට සීල් තබා ඇත. එහෙත් පැත්තක වූ කුඩා ‍ජනේලයක් විවෘතය. වීදියෙන් එන නැවුම් සීතල හුළං සමඟ සටන් වදින දුම කැරලි ගසමින් ජනේලය අසල කරකැවෙයි. අරීනා මේසය අසලින් වාඩි වී සිටියාය. ඇයගේ සීත කබාය ඇයගේ උරහිස් වටා එතිණ. සීතල සුළං ඇයගේ මිදුණ සීතල නිල් පැහැ ඇඟිලි මත වැදේ.

කාමරයේ පැත්තක වූ කැබිනෙට්ටුවකට මුවා වී ගැහෙන කුඩා ඡායාවක් සොයාගත් මරියා පෙට්‍රොව්නා ඇයව එළියට ඇද ගත්තාය. “ආසියා, ඔයාගෙ ඥාති සහෝදරිය කීරාගෙන් සැප සනීප ‍කොහොම ද අහන්න.”

ආසියා මුරණ්ඩු මුහුණින් බැලුවාය. ඇයගේ ඇස් රතුය, හැඳ සිටිනා සිය පියාගෙ හම් කබායේ කොළරයට උඩින් පෙනෙන ඇයගේ නැහැය තෙතය.

“ආසියා, ඔයාට මම කියන්න ඇහෙනවා ද? කෝ ඔයාගෙ ලේන්සුව? ඔයාගෙ ඥාති සහෝදරිය කීරාගෙන් සැප සනීප කොහොම ද අහන්න.”

“කොහොම ද සැප සනීප?” ආසියා බිම බලාගෙන මැතුරුවාය.

“ඇයි අද ඉස්කෝලෙ ගියෙ නැත්තෙ, ආසියා?”

“වහලා,” මරියා පෙට්‍රොව්නා සුසුම් හැලීය. “පාසැල වහලා. සති දෙකකට. පත්තු කරන්න දර නැති නිසා.”

දුම අස්සේ දොරක් තදින් වැසිණ. වික්ටර් කාමරයට ඇතුල් විය. “ඔහ්, කොහොම ද සැප සනීප, කීරා?” ඔහු කිව්වේ අනුකම්පා විරහිතව. “මෑණියෙනි, මේ දුමාරය නවතින්නෙ කවදද? මේ වගේ අවීචියක පාඩම්වල යෙදීමක්‍ කොහොම බලාපොරොත්තු වෙන්නද? අපොයි, මට කමක් නෑ. මම විභාග පාස් නොවුනොත්, එක පවුලකට පාන් සලාක නැතිවේවි!” ඔහු පිටත්ව යද්දී දොර වැරෙන් හඬ නඟා වැසුණි.

කීරා වාඩි වී අරීනා අඳින සිතුවම් නරඹන්නීය. අරීනා හැදෑ‍රුවේ කලාවය. කෞතුකාගාරවල ඇති පැරණි ප්‍රවීනයන්ගේ අගනා නිර්මාණ හැදෑරීමට ඇය වැඩි කාලයක් යෙදුවාය. එහෙත් ඇයගේ ක්ෂණික වූ අතත් දඟකාර දෑසත් පුවත්පත්වල පළකරන වැනි වූ ගරුසරු නැති චිත්‍ර අඳින්නට සමත්ය. ඇයගෙන් බලාපොරොත්තු වූ විටත්, වෙනත් හැකි සෑම අවස්ථාවකත් ඇය කාටූන් චිත්‍ර අඳින්නීය. උකුලේ තබාගත් අඳින ලෑල්ලක් හා වරින් වර හිස ඔසවා කොණ්ඩය පිටුපසට විසිකර බලන ඇය අතින් කුරුටු ගෑවෙන්නේ දුම් පිරි කාමරයේ ඉන්නා ඇයගේ කුඩා නැඟණියගේ කටු සටහනකි. ඇයගේ අතින් ආසියා ගොළු බෙල්ලකුගේ පිට නැඟී යන විශාල කන් හා පිරුණු ආමාශයක් ඇති පිසාචයකුගේ රුව ගති.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: