Sinhala story Blog

සැප්තැම්බර් 9, 2010

අප ජීවත්වන්නෝ -52 ඔබට කැමැත්තක් කරන්න

Filed under: Uncategorized — sinhalashortstories @ 4:14 ප.ව.

සෝනියා සහෝදරිය හඬනඟා සිනහා වූවාය. “ආහ්..මම කෙල්ලො දන්නවා. මම කාන්තාවෝ දන්නවා. අපි, නව කාන්තාවෝ, ප්‍රයෝජනවත් වෘත්තියක අවශ්‍යතාවය දන්න අය. ලෝකයේ නිෂ්පාදනයට අත දෙන්න, කුස්සියේ වාල් වැඩ වෙනුවට පිරිමි එක්ක එක පෙළට හිටගන්න කැමති අය. අපි එකතු වෙන්න ඕන. අළුත් ශිෂ්‍යාවක් තරම් වෙන ප්‍රිය දසුනක් මට නැහැ. සෝනියා සහෝදරිය හැමදාම ඔබගේ යෙහෙළිය වෙනවා. සෝනියා සහෝදරිය හැමෝගේම යෙහෙළියයි.”

සෝනියා සහෝදරිය සිනාවක් පෑවාය. ඇය කීරාගේ ඇස් දිහා කෙළින් බලාගෙන සිනා වූවාය. හරියට මෘදු ලෙසින්, නැවත නොදෙන ලෙස, ඇයගේ ඇස් හා මනස තම අතට ගන්නා සේය. සෝනියා සහෝදරියගේ සිනාව මිත්‍රශීලීය, කරුණාවන්ත පෙරැත්ත බවකින් යුක්තය, හිතවත්බව කළින්ම අඟවා එය අනෙකාගේ මුල්ම වදනින් ලබාගත් බව හා තබාගන්නට බලාපොරොත්තුවන බව අඟවන්නකි.

“ස්තූතියි,” කීරා කීවාය. “මොකක්ද ඔයා මගෙන් කෙරෙන්න ඕනා කියල බලාපොරොත්තු වෙන්නෙ?”

“ඉතින්, මුලින්ම, ආර්ගුනෝවා සහෝදරිය, ඔබ යන්න ඕනා රැස්වීමට. මේ වසරට අපි ශිෂ්‍ය කවුන්සිලයේ තනතුරු වලට තෝරා පත්කරගැනීම් සඳහා චන්ද විමසනවා. මේක තියුණු තරඟයක්. පරණ ශිෂ්‍යයෝ අතර තද කම්කරු විරෝධී ප්‍රවණතාවක්. අපේ පංති‍යට එරෙහි වූවෝ, ඔබ දන්නවානේ. ඔබ වගේ තරුණ ශිෂ්‍යාවෝ අපේ කොමියුනිස්ට් බිලයේ චන්දය ඉල්ලන අයට සහාය දෙන්න ඕන. ඒ අය තමයි ඔබ කැමති දේවල් ආරක්ෂා කරන්නෙ.”

“ඔබ කොමියුනිස්ට් බිලයෙන් චන්දය ඉල්ලන අයෙක් ද, සෝනියා සහෝදරිය?”

සෝනියා සහෝදරිය සිනහා වූවාය. “බලන්න? මම කිව්වනෙ ඔයාට මොළේ තියනවා කියල. ඔව්. මාත් එක් කෙනෙක් තමයි. කවුන්සිලයේ වසර දෙකක් ඉන්නව. දුෂ්කර කාර්යයක්. ඒත් මොනවා කරන්නද? සහෝදර ශිෂ්‍ය පිරිස් මාව ඕනයි කියනව. ඒ නිසා මම මගේ වගකීම ඉෂ්ට කරන්න ඕන. ඔයා එන්න මාත් එක්ක. මං ඔයාට කියන්නම් කාට ද චන්දය දෙන්න ඕන කියල.”

“ආ..” කීරා කීවාය, “ඊට පස්සෙ මොකද?”

“මම කියන්නම්. රතු ශිෂ්‍යයෝ සේරම සමාජ කටයුත්තක් සඳහා එක්වෙනව. ඔබ දන්නවානේ. මධ්‍යම පාංතිකයන්ගෙ වැඩ වලට අත දෙනවා කියල සැකයට පාත්‍ර වෙන්න ඕන නැහැනෙ. මම මාක්ස්වාදී හවුලක් සංවිධානය කරනවා. තරුණ ශිෂ්‍යයෝ ඉන්න පුංචි එකතුවක්. ඒකෙ සභාපතිනිය මමයි. නිවැරදි කම්කරු දැක්ම ඉගෙන ගන්නට. ඒක අපි සේරටම අවශ්‍ය වෙනවා අපි ලෝකයට ගිහින් කම්කරු රාජ්‍යයකට සේවය කරද්දි. අපි ඉගෙන ගන්නෙ ඒකටනේ. නේද?”

“ඔයාට නිකම්වත් හිතුනෙ නැද්ද?” කීරා ඇසුවාය, “මම මෙතැන ඉගෙන ගන්නෙ බොහොම අස්වාභාවික වූ, බොහොම අමුතු වූ හේතුවක් නිසා බව. මම ඉගෙන ගන්නෙ මෙම රස්සාවට කැමත්තක් දක්වන නිසා පමණක් බව.”

සෝනියා සහෝදරිය ආර්ගු‍නෝවා සහෝදරියගේ අළු පැහැති ඇස් දිහා එබී බැලුවාය. තමනට වැරදීමක් වූ බව ඇය අවබෝධ කරගත්තීය. “එහෙනම්,” සෝනියා සහෝදරිය සිනහ නොපා කීවාය, “ඔබට කැමැත්තක් කරන්න.”

“මම හිතනවා රැස්වීමට යන්න,” කීරා කීවාය, “ඒ වගේම – මම හිතනවා චන්දය දාන්න.”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: