Sinhala story Blog

සැප්තැම්බර් 7, 2010

අපි ජීවත්වන්නෝ -50 සමාජ තත්වය අනුව අය කරන්න

Filed under: Uncategorized — sinhalashortstories @ 9:45 පෙ.ව.

“අද රෑ කෑම නැහැ. ඉතිරි වෙච්ච මෙනේරිවත් නැහැ. වතුර පයිප්ප කැඩිල. ගෙදර වතුර නැහැ.”

“මට බඩගිනි නැහැ,” කීරා කීවාය.

“මේ පවුලෙ පාන් සලාකයක් තියෙන්නෙ ඔයාට විතරයි. ඒත්, දෙවියනී, ඔයාට ඒ ගැන‍ මොනවත් හිතෙන්නෙ නැති හැටි!”

“සමාවෙන්න, මෑණියනි. මම හෙට ගිහින් ගන්නම්.”

කීරා පහන් දැල්ල ඇවිලීය. ලිඩියා තම ගෙතුම් පුංචි දැල්ල වෙතට ගෙනාවාය.

“ඔයාගෙ තාත්තා එයාගෙ කඩයේ අද කිසිම දෙයක් විකුණලා නැහැ,” ගලීනා පෙට්‍රොව්නා කීවාය.

නිහඬ ලිඩියා වෙතින් ඇසෙන්නේ ඇයගේ ගෙතුම් කටු ගැටෙන සද්දය පමණි.

ගෙදර සීනුව තදින් හා පෙරැත්තයකින් වැදිණ. ගලීනා පෙට්‍රොව්නාගේ ගත නොසන්සුන් බවින් වෙව්ලා ගියේය. ඇය ඉක්මණින් දොර අරින්නට ගියාය.

බර බූට් සපත්තු ඉස්තෝප්පු කාමරය හරහා තදින් වැදිණ. උප්‍රව්ඩම් අවසරයක් නොලබාම කෑම කාමරයට ආවේය. ඔහුගේ බූට් සපත්තුවලින් මඩ පාර පො‍ළවේ සටහන් විය. ගලීනා පෙට්‍රොව්නා ඔහු පිටුපසින් සිය සළුව තදින් අල්ලා ගනිමින් ආවාය. ඔහු අත ලැයිස්තුවකි.

“වතුර පයිප්ප වැඩේට, ආර්ගුනෝවා පුරවැසියෙනි,” ඔහු කීවේ තොප්පිය නොගලවා අතැති ලැයිස්තුව මේසය මතට විසි කරමිනි. “කුලියට ඉන්න අයගේ සමාජ තත්වය අනුව පයිප්ප හදන්න, නඩත්තු කරන්න මුදල් අය කරන්න නිවාස කමිටුව චන්දයකින් සම්මත කරගත්ත. ඒ ගෙවල් කුලී වලට අමතරව. මේ ලැයිස්තුව කවුරු කොච්චරක් ගෙවනවද කියලයි. මුදල් මගෙ නිලකාමරයේ හෙට උදේ දහයට කළින් ගෙනැත් තියන්න. සුබ රාත්‍රියක්, පුරවැසියෙනි.”

ගලීනා පෙට්‍රොව්නා ඔහු නික්ම ගිය පසු දොර අගුල් ලා වැසුවාය. ඇය වෙව්ලන දෑත් වලින් කොළය එළියට අල්ලා කියැවීය.

ඩුබෙන්කෝ -කම්කරුවා -අංක 12 රූබල් 3,000,000
රිල්නිකෝව් -සෝවියට් සේවකයා – අංක 13 රූබල් 5,000,000
ආ‍ර්ගුනෝව් -පුද්ගලික ව්‍යාපාරිකයා -අංක 14 රූබල් 50,000,000

කොළය බිමට වැටිණ. ගලීනා පෙට්‍රොව්නාගේ මුහුණ මේසයේ වූ ඇයගේ දෑත් මත රැඳවුණි.

“මොකද ප්‍රශ්නය, ගලීනා? කීයක් වෙනවා ද?” ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච්ගේ කටහඬ නිදන කාමරයේ සිට ගලා ආවේය.

ගලීනා පෙට්‍රොව්නා හිස එසවීය. “ඒක….ඒක එච්චර නැහැ. යන්න. නිදා ගන්න. මම ඔයාට හෙට කියන්නම්.” ඇයට ලේන්සුවක් නොවීය. ඇය සිය දෙනෙත් සළුවේ කොණකින් පිසදා ගෙන නිදන කාමරයට පය ඇතිල්ලුවාය.

කීරා ඇයගේ පාඩම් පොත්වලට එබුණාය. පුංචි දැල්ල පොත්වල පිටු අතර නටමින් ගැහුණි. ඇයට මතකයේ තිබූ එකම දෙය, කියවන්නට තිබූ එකම දෙය, පොතේ ලියැවුණක් නොවේ: “….මම ජීවතුන් අතර සිටියොත් – සහ මට අමතක නොවුනොත්..”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: